බෙලිඅත්ත පොලිසිය මගින් බොරු චෝදනා එල්ල කරා අතඅඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති පරිසරවේදී වෑකන්දවල රාහුල සහා දේවාලේ ගම රහුල යන භික්ෂුන් දේපළ වහා නිදහස් කරන්නැයි අද (29) සවස ගෝඨා ගෝ ගම මාධ්‍ය හමුවක් තබමින් අරගලකරුවන් ඉල්ලා සිටියහ .
දේවාලේගම පේමරත්න හිමියන්ව බෙලිඅත්ත පොලිසිය කටඋත්තරයක් ලබා ගැන්නැය ගෙන්වා ගෙන පසු අත්අඩංගුවට ගෙන ඇත .
පරිසරවේදී වෑකන්දවල රාහුල් හිමියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පේමරත්න හිමියන් සමඟ පොලිසියට ගිය අවස්ථාවේදීය .
පසු ගිය 09 වෙනිදා වීරකැටිය මැදමුලන ඩි .ඒ .රාජප්ක්ෂගේ පිළිරුව කඩා දමා විනාශ කළා යැයි සැකපිට මෙම දෙනම අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත .
රාහුල හා පේමරත්න යන දෙනම හෙට (30) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය .