ආණ්ඩුවේ ලක්ෂ 02ක වෙනුවට ලක්ෂ 05ක් දෙන්නම් ! දරුවන්ගේ ඇට කැඹිල්ලක් දෙන්න

Instead of the government's 02 lakhs, I will give 05 lakhs! Give the kids a shake
පසුගිය යුද්ධය පැවැති අවධියේ නැගෙනහිර අතුරුදන් වුවන් ගේ දෙමව්පියන් සහ ඥාතී් තමන් ගේ දරුවන්ට සිද්ධ වුයේ කුමක් දැයි සොයා බැලීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය මැදිහත් වුයේ නැතැයි කියා අද (17) පෙරවරුවේ එම කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .
මෙම විරෝධතා උද්ඝෝෂණයට 200 ක පමණ පිරිසක් සහභාගි වි සිටීයහ.
විරෝධතාකරුවන් අතුරුදන් වු දරුවන් ගේ ඡායා රූප සහ සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ. විරෝධතාකරුවන් උද්ඝෝෂණය අවසානයේ එක්සත් ජාතීන් ගේ කාර්යාලයට ලියුමක් බාර දෙන ලදී.
පසුව අතුරුදන් වුවන් ගේ ඥාතීන් තමන් ගේ දරුවන්ට සුදු වුයේ කුමක් දැන ගැනිමට තානාපති කාර්යාලය ලංකාවේ ආණ්ඩුවට බලපෑම් නොකිරමට විරෝධය පා ස්විස් , ඇමරිකා සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල වලට ලියුම් බාර දුණි.
පසුගිය දා ඡිනිවා පැවැති මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී උතුරු -නැගෙනහිර අතුරුදන් වුවන්ට සාධාරණය ඉටු කරනවා වෙනුවට එම කොමිසම ලංකා ආණ්ඩුුුවට සුදු ගෑම නිසා දෙමළ ජනතා තුල බරපතළ විරෝධයක් පැන නැගි තිබේ.
දකුණේ පැවති ආණ්ඩු උතුරු – නැගෙනහිර තරුණයන් පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කර මරා දමා එම පවුල් වලට රුපියල් ලත්ෂ දෙකක සොච්ච්ම්මුම්දලක් ප්‍රශ්ණය යට ගැසීමට කැසකවයි. නමුත් අතුරුදන් වුවන් ගේ පවුල් පවසන්නේ, අපි ආණ්ඩුවට රුපියල් ලක්ෂ 05 ක් දෙන්නම් තම දරුවන් ගේ ඇට කැබිල්ලක් පෙන්නනැයි ඉල්ලති




