සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු

0
WhatsApp Image 2023-09-22 at 09.32.26

“සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු ” යන මැයෙන් බන්ධනාගාර රැදවියන්ගේ ගැටලු සහ සහ යෝජිත විසදුම් පිළිබදව සාකච්ජා සභාවක් කොළඹ මරදාන ඩින්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (22) පෙරවරුවේ කැදවා තිබුණි .

මෙම සාකච්ජා සභාවට මැතිවරණ කොමිසම් සභාවෙන් ,අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් ,පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කායර්්‍යංශයන් , මානව හිමිකම් ,සිවිල් සංවිධාන ,නීතිඥවරු සහ තවත් සමාජ සංවිධාන රැසක් නියෝජිතයෝ සහභාගි වි සිටියහ .

බන්ධනාගාර රැදවියන් මුහුණ දෙන ගැටලු සහ ඊට විසදුම් සාකච්ජා කරන සභාව සදහා බන්ධනාගාර දෙපාර්මේන්තුවට ද ආරාධනා කර තිබුන ද ඔවුන් පැමිණ සිටියේ නැත.

මෙම සකච්ජා සභාව කැදවා තිබුනේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින්ය .

බන්ධනාගාර තුළ රැදවියන් මුහුණ දෙන රුදුරු අත්දැකීම් මෙහි දී කතා කෙරුනු අතර බන්ධනාගාර ගත වු සමහර නියෝජිතයන් තමන්ගේ අත්දැකිම් එම සභාව හමුවේ තැබීය .බන්ධනාගාර ගත වු රැදවියන්ගේ ළමුන් සහ බිරින්දැවරු මුහුණ ආර්ථික හා සමාජීය ප්‍රශ්න මෙන්මඔවුන් ගේ ජිවිත වල ‌ඛේදවාචකය අන්තරාය ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතවරිය සභාව හමුවේ හෙළි කළාය .

මෙහි දී පොලිසිය මත්ද්‍රව්‍ය සහ වෙනත් බොරු නඩු අටවා විශේෂයෙන් තරුණයන් රිමාන්ඩ් බන්ධනාගාර කිරීම ගැන මෙන්ම නීතිඥයන්ගේ අත්දැකිම් සහ අණ පනත් ගැන කතා කළහ .

සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු
සිරකරු අයිතිවාසිකම් තහවුරු කර මානව අභිමානය ‌ගොඩනගමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *