මාකදුරේ මදුෂ් ඝාතනය කළේ කවුද යන්න සෙවීම CID යට බාර දෙයි!

0
download (42)

කොළඹ අපරාධ කොට්ඨශය භාරයේ සිටියදී වෙඩි තබා ඝාතනය කළ සමරසිංහ ආරච්චිගේ ලක්ෂිත මදුෂ් හෙවත් මාකදුරේ මදුෂ් ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ මන්දගාමි බැවින් ,අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන්නැයි කළ ඉල්ලීම සලකා බැලු අධිකරණය එම පරික්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පැවරීමට නියෝග කළේය.

එම නියෝග ලබා දෙන ලද්දේ ,කොළඹ අලුත් කඩේ අංක හතර අධිකරණය යටතේ ගොනුකර ඇති 4371 /2022 නඩුව  ජනවාරි (12)  මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුවය.

එම ඉල්ලීම කරන ලද්දේ මදුෂ්ගේ නිත්‍යානුකුල බිරිද වන ගයානි මුතුමාලිය.

කොළඹ අපරාධ කොට්ඨාශය බාරයේ සිටියදී වෙඩි වැදී මිය ගිය මදුෂ් හෙවත් මාකදුරේ මදුෂ්ගේ මරණයට ආදළ විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන්නැයි මදුෂ්ගේ බිරිද කළ ඉල්ලීම, කොළඹ අලුත් කඩේ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක 2025 නොවැම්බර් (07) ප්‍රතික්ෂේප කළේය .

මරණකරුගේ මරණයට ආදළාව මාලිගාවත්ත පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් සැහැහ‍ීමකට පත් නොවන්නේ නම්, පොලිස්පතිවරයාට හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට හෝ පැමිනිලි කළ හැකි බව කී මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේව කොමිසමේ චක්‍රලේඛනය ප්‍රකාරව විමර්ශන රහස් පොලිසිය වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට ප්‍රතිපාදන නොමැති බව පෙන්වාදුන්නේය.

ඒ අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කමිටුව පොලිස්පති ප්‍රියන්ත විජේසුරිය හමු වී කරන ලද පැමිනිල්ලෙන් පසු  පොලිස්පතිවරයා එම විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන ලද අතර එම පැවරීම අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් පසු ගිය 12 වෙනිදා පැවති නඩු විභාගයේදී ඒ බව අධිකරණයට දැනුම් දෙන ලදී.

අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව යටතේ සිටි මදුෂ්ව වැඩිදුර පරික්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරිණ. එහි දී සගවා තැබුවා යැයි කියන මත්ද්‍රව්‍ය කිලෝ 22 පෙන්වීම සදහා 2020 ඹක්තෝම්බර් 20 වෙනිදා අලුයම මාලිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකිරණයට රැගෙන ගිය අවස්ථාවේ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගිය බව පොලිසිය පවසයි.

මදුෂ් ඩුබායි හි රැදි සිටියදී 2019 ජනවාරි 05 වනදා එම රටේ පැවති සාදයකදී මදුෂ් ඇතුළු ශ්‍රී ලාංකීකයන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඔවුන්ව බන්ධනාගාර ගත කෙරිණ. පසුව එම පිරිස් ලංකාවට භාර දෙන ලදී.

මදුෂ් මිය ගියේ පොලිසිය නිලධාරීයෙකු අතින් යැයි මදුෂ් වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු  ඉහල නිලධාරියෙකුට දුරකතනයෙන් පවසනවා තමන්ට ඇසුණු බව එම ස්ථානයේ නිදාගෙන සිටි නගර සභා සේවකයෙකු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත.

මදුෂ් පොලිස් අත්අඩංගුවේ සිටින බව මුළු ලෝකයම දන්නා බවත් කෙළඹ අපරාධ කොට්ඨාශය මදුෂ්ට දුරකතනයක් ලබා දී මත්ද්‍රව්‍ය ලබා ගැනීම සදහා මාලිගාවත්ත ඇපල් වත්ත මහල් නිවාසයට සංකිරණයට එන්නැයි දැනුන් දුන් බවත් පසුව මදුෂ් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සමග 2020 ඔක්තෝම්බර් 20 වනදා එතැනට රැගෙන ගොස් ඇති බවත් එම නිවාස සංකිරණයේ විදුලි සෝපාව අක්‍රීය වි තිබු නිසා පඩි පෙළ නගිද්දී, නාදුනන පිරිසක් මදුෂ් හිටපු පැත්තට වෙඩි තැබු අතර පොලිසිය ද පෙර‍ලා වෙඩි තබා ඇති බවත් නාදුනන පිරිස සිදු කල වෙඩි තැබිමෙන් මදුෂ් මිය ගොස් සිටි බව පොලිසිය පවසන බව පැවසු නීතිඥ සේනක පෙරේරා පසුව කරන ලද විමර්ශන වලද‍ි එදින විදුලි සෝපාව අක්‍රීය වී නොතිබු බව එම සෝපාව බාර සිටි පුද්ගලයා විසින් දුන් කටඋත්තර වල සදහන් වෙන බවත් ඔහු පෙන්වාදුන්නේ.

මදුෂ්ව 2020 ඔක්තෝම්බර් 20 වනදා පාන්දර 3 ට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඇපල්වත්ත මහල් නිවාසයට ඔහුව රැගෙන ගොස් තිබෙන බවත් මුළු සිද්ධියට ගත වී ඇත්තේ විනාඩි 17 ක් බව ක‍ී නීතිඥ පෙරේරා බරපතළ සැකසංකා මතු කරන බවත් සැකකරු එම මහල් නිසායට රැගෙන එමට පෙර එම ස්ථානය පරික්ෂා නොකළේ මන්ද යන්න සැකයක් මතු වන බවත් පැවසීය.

කො‍ළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සන්නද්ධව සිටියදී ඔවුන් භාරයේ සිටි මදුෂ්ට නාදුනන වෙඩික්කරුවන් දෙදනෙක් වෙඩි තබා පලා යෑම බරපතළ සැක මතු කරන බවත් සැකකරුට වෙඩි තබා පලා ගිය සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැති බව පෙන්වාදුන් නීීීීතිඥ පෙරේරා මාලිගාවත්ත පොලිසිය මගින් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සැහැගීමකට පත්විය නොහැකි නිසා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට විමර්ශන පවරන්නැයි ඔහු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහේසත්‍රාත්වරයාගෙන් ඉල්ලිමක් කළේය.

සර් අපේ අයෙකු අතින් තමයි මදුෂ් මරණයට පත් වුනේ යනුවෙන් මදුෂ්ව ඇපල්වත්ත නිවාස සංකීරණයට රැගෙන ආ පොලිස් නිලධාරියෙකු උසස් පොලිස් නිලධාරියෙකු පවසනවා තමන්ට ඇසුනු බව මදුෂ්ව මරණයට පත් කළ ස්ථානයට ආසන්නයේ බිම වැතිරි සිටි කොළඹ නගර සභාවේ සේවය කරන සේවකයෙකු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *