ගිං ගඟේ ඝාතන සිද්ධියට සැකපිට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරයි
අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඝාතනය කර ගිං ගඟට දමා තිබියදී සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් සැකපිට ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ ප්‍රසාද් දිසානායක නැමැත්තාව සැකපිට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද (22) දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කර ඇත.
මෙසේ වධ බන්ධනයන්ට ලක් කර මරා දමා ඇත්තේ,තාරුකාර විරාජ් රශ්මික සිල්වා නොහොත් අල්මේදා නැමැත්තාවය. අවුරුදු හතලියක් (40) පමන වයසැති අල්මේදා ගාල්ල අහුන්ගල්ල ලෝකන් වත්තේ පදිංචිකරුවෙකි.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මිට පෙර එම අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ රමේෂ් ලක්ෂාන් නැමැත්තාව අපරාධ පරික්ෂණ දෙපාර්මේනතුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
අල්මේදාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අ්අංගුවටගෙන සිටින ලක්ෂාන් සහ දිසානයක යන සැකකරුවන් දෙදනා ඔහුව කුරුණෑගල මාවතගම සිට යතුරු පැදියක නංවාගෙන පැමින අතර මඟ දී වාහනයක දමාගෙන ගාල්ල අපරාධ කොට්ඨාශයට රැගෙනවිත් ඇත.
අල්මේදා අහුන්ගල්ලේ ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු වන බවත් ඔහු ගල්ලේ සහ ත්‍රිකුණාමලේ යන ප්‍රදේශ වල සිදු කළ ඝාතනය කීපයකට අවශ්‍ය සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
අල්මේදාව ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් 2026 ජුලි 22 ක හෝ ආසන්න දිනක අත්අඩංගුවට ගෙන එම අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිට තිබේ. ඒ බව එම අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිටි හේවගේ විහඟ දිනෙත් ජයසිංහට අල්මේදා පෙන්වා ඔහු හදුනනවාදැයි එම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඔහුගෙන් විමසු බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දී ඇත. ඊට අමතරව ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු වන අල්මේදාව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව එදිනම මාධ්‍ය ප්‍රචාරය කර ඇත.
ගා්ල්ල අපරධ කොට්ඨාශය භාරව සිටි අල්මේදා ඝාතනය කර ගිංගඟට දැමුවේ එම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ද නැතිනම් ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඔහුව ලොකු පැටිගේ විරුද්ධ පාර්ශ්වයකට මුදලට බලාදීමෙන් අනතුරුව වධ බන්ධනයට ලක් ඝාතනය කර කොන්ක්‍රීට් කනුවක ගැටගසා ගිං ගඟට දැමුවේ කරන්දෙණිය සුද්දා ද ?යන්න පාර්ශ්වය යන්න සමාජ මාධ්‍ය වාර්තා කරයි.