අසුදෙකකට පොලිස් ඇප – තුනකට උසාවි ඇප

Police bail for one patient - Court bail for three
කොළඹ ලිප්ටන් වටරවුම අසල ඊයේ ( 24) පැවැති විරෝධතා උද්ඝෝෂණයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අසුපස් දෙනා (85)ගෙන් අසු දෙනෙක්ට (82) පොලිස් ඇප මත මුදාහැරී අතර තුන් දෙනෙක්ව මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධයක එරංග ගුණසේකර, මන්දීරා සහ මහනාම හිමි ඇතුළු අරගලකරුවන්ට මාලිකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 02 බැගින් එක් අයෙකුට ඇප මත මුදා හරිණ ලදි.
ලිප්ටන් වටරවුමේ දී ඊයේ (24) අත්අඩංගුවට ගත් අරගලකරුවන් රදවා තබා ගෙන ඇත්තේ මරදාන සහ කොම්පඥ්ඥ විදිය යන පොලිස් ස්ථාන වලය.