පිය – පුතු ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට – UPDATE

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පියෙකු සහ පුතුන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ දී අද දහවල් අත්අඩංගුවට ගෙන අතැයි මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
පොලිසිය එසේ පැවසුවේ අප කල විමසීමක දීය.
මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ සරුගල් සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම බව පොලීසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පියා සහ පුතුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගරගතව සිට ඇප මත පැමිණ දින කිහිපයකි.
පියාට සහ පුතුන්ට වෙඩි තබා ඝාතනය කරයි – 11.25 AM
පියාට සහ පුතුන් දෙදනාට මිනුවන්ගොඩ ප්‍රදේශයේ දි වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ,මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචි අකල හන්දි පුෂ්ප කුමාර ( පියා) අකල හන්දි රෝෂාන් මදුවන්ත සහ අකල හන්දි සුරේෂ් ජිවන්ත යන පිය පුතුන් තිදෙනාටය .
නාදුනන පිරිසක් විසින් ඔවුන් ගේ නිවසට අද (06) පාන්දර පැමිණ මෙසේ වෙඩි තබා පලා ගොස් තිබේ.
පියාට සහ පුතුන් දෙදනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයි අප කළ විමසුකදී මිනුවන්ගොඩ පොලිසිය පැවැසීය.