පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

Two petitions to the Supreme Court to punish MP Sanath Nishantha

අධිකරණයට අපහාස කළා යැයි යන චෝදනා යටතේ , පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28) තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, නීතිඥ විජිත් කුමාර විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත.

මේ අතර මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි, ඉල්ලමින් පෙරේදා (27) දිනයේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහා නීතිපතිවරයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *