ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි

කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (08) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවත්වෙන ප්‍රව‍ාත්තී සාකච්ජාවට සහභාගි විම සදහා එහි ගිය ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ශාන්ත විජේසුරියට එම දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන ලද හැදුනුම්පත නැතැයි එම ප්‍රව‍ාත්තී සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දී නැත.

මෙම නියෝගය කර ඇත්තේ එම දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්ය.

විජේසුරිය විසින් තමන් මාධ්‍යවේදියෙකු බවට අනන්‍යතාවය තහවුරු කර තිබියදීත් රජයේ හැදුනුම්පත නැතැයි ඔහුව හරවා යවා ඇත.

අතීතයේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි පුද්ගලයෙකුට පුවත්පතක් මගින් රජයේ හැදුනුම් පතක්  ලබා දීමට කටයුතු කර ඇති බව අප්‍රේල් (02) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ත‍ි සාකච්ජාවේදී ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස හෙළි කළේය. රජයේ අනිකුත් ආයතන මෙන්ම විශේෂයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව සහභාගි වන මාධ්‍යවේදීන් හට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරන බව අමාත්‍යවරයා එම ප්‍රවෘත්තී සාකච්ජාවේදි පැවසිය. ඊට විරෝධය පල කළේ විජේසුරිය ඇතුළු තවත් එක් මාධ්‍යවේදීයෙකු පමණි.

ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි පුද්ගලයෙකුට පුවත්පතක් මගින් හැදුනුම්පතක් නිකුත් කළා යැයි කියන සිද්ධිය දඩමීමා කරගනිමින් ආණ්ඩුව එරෙහි වෙනත් මතයක් දරණ සහ ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් දඩයම් කිරීමට පටන් ගෙන ඇත. එම හිටපු පාතාල සමාජිකයා කවුද ඔහුට එම හැදුනුම් පත නිර්දෙශ කළ පුවත්පත ආයතනය අමාත්‍යවරයා රටට හෙළි කළ යුතුය. බිල්ලෙක් පෙන්නා අමාත්‍යවරයා කැසකවන්නේ මාධ්‍ය මර්දනයට නම් අපි ඊට එරෙහිව ආණ්ඩුවට අනතුරු අගවමු. රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මාධ්‍ය හැදුනුම් පත් නිකුත් කරන්නේ මාධ්‍යවේදීන්ට සදහා පමනක් නොව රජයේ බුද්ධි නිලධාරින් සදහා ද නිකුත් කෙරේ.

විජේසුරිය මාධ්‍යවේදියෙකු යැයි රටම දනිද්දීත් , ශ්‍රී ලංක වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ඒකාබද්ධව නිකුත් කරන ලද හැදුනුම් පතක් ඔහු සතුව තිබියදී විජේසුරියගේ මාධ්‍ය අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි බව කියමින් විජේසුරියට අද පැැත්වෙන කැබ්නට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්තී සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දි නැත.

අද මාධ්‍යවේදි විජේසුරියගේ මාධ්‍ය අනන්‍යතාවය ගැන රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රශ්න කළ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජිවිතය බේරගෙන රටින් පිටුවාහල්ව නේපාලයේ ජිවත් වු ඔහුව 2015 ආණ්ඩු පැමිනිමත් සමග මෙරටට ගෙන්වා ගත යුතු යැයි පාර්ලිමේන්තුවේ කතා කළේ එදා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි අද ජනාධිපති අනුර කුමාර දිසානයකය.

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි
ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි

මාධ්‍යවේදි විජේසුරිය ප්‍රව‍ෘත්තී සාකච්ජාව පැවැත්වෙන ගොඩනැගිල්ලෙන් එළියට බැස යද්දී , අමාත්‍ය නලින් ද ජයතිස්ස ප්‍රවෘත්තී සාකච්ජාවට යන අතර තුරදි ඔහුට මුහුණට මුණ ගැසි ඇති අතර ආ ඇමතිතුමා ඔගොලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මරු ඔහොම යමු යැයි මාධ්‍යවේදී විජේසුරිය පවසා ඇත.

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට කැබිනට් ත‍ීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව රජයේ හැදුනුම් පතක් නැතැයි තහනම් කිරීම ඔහුගේ ප්‍රශ්නයක් නොවන අතර එය මේ රටේ මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ආණ්ඩුව විසින් එල්ල කළ ප්‍රහාරයකි.

ජාතික ජන බල ආණ්ඩුව මෙරට කම්කරු -පීඩිත මහජනයාට ලබා දුන් පොරොන්දු මොනම තත්වයක් ඇතුලේ ඉටු කිරීමට අසමත් විමත් පළාත් පාලන ජන්දයේ පසු බැසීමත් නිසා බලය රැක ගැනීමට ඉදිරියේදී රුදුරු ක්‍රියා මාර්ග වලට හැරීමට නියමිතය. ආණ්ඩුවට පොලිස් රාජයක් වෙත හැරීම වැළැක්විය හැක්කේ කම්කරු පන්ති නායකත්වය යටතේ පීඩිත මහජනයා පෙළගැසීමෙන් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *