රජය මාධ්‍ය හැදුනුම්පත් හරහා මාධ්‍යවේදීන් හිලෑ කර ගැනීමට සහ මාධ්‍යවේදීන් මත ආධිපත්‍ය පැටවීමට කටයුතු කරන බව ශ්‍රීලවෘජසය පවසයි.

ලංකාවේ රජය මගින් මාධ්‍ය හදුනුම්පතක් නිකුත් කිරීම මගින් ජන මාධ්‍යවේදීන් හිලෑ කර ගැනීමත් රජය මාධ්‍යවේදීන් මත තම බලාධිකාරීය පැටවිමත් සිදුවන බව අපේ විශ්වාසයි. ජනතාවාදී රජයක් ලෙස රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යෑමට අනුබල දෙන්නේ නම් සිදුවිය යුත්තේ හැදුනුම්පත නිකුත් කිරීම සදහා ස්වාධින ආයතන ව්‍යුහයක් වෙත පවරා සියලුම මාධ්‍යවේදීන් හට කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව ආවරණය කිරීමට අවසර ලබා දී මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට අභිතව පිළිතුරු සැපයීම බව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිදහස් ජන මාධ්‍ය තුලින් රජය පිළිබද සිදු වන සාධාරණ විවේචන වලට පිළිතුරු සැපයීමේ දුබලතාවය මෙන්ම එවා දරා ගැනීමේ නොහැකියාව අමාත්‍යවරයා ලෙස ඔබෙන් සහ නිලධාරීන් වෙතින් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස අපි එම සිදුවිම සලකන්නෙමු යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ සදහන් කර ඇත.
එම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ ස්කයි නිව්ස් වෙබි අඩවියේ කර්තෘ මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට අද (08) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවට සහභාගි විමට ඉඩ නොදි පිටමං කිරීම හෙළා දකිමින් භාෂණයේ හ ප්‍රකාශනයේ නිදහස අහිමි කරන රජයේ ප්‍රතිපත්තියට පිළිකුල පල කිරිම යනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට සහ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂවරයාට සිය විරෝධය පල කරමින්ය.
අද දින (08) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරිය මහතාට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ ශ්‍රවණාගාර පරිශ්‍රය වෙත ඇතුල් වීමට ඉඩ නොදීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසටත් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසටත් ජාතික ජන බල ආණ්ඩුව විසින් සිදු කළ බරපතළ බලපෑමක් බැවින් එයට අප සංගමයේ විරෝධය සහ පිළිකුල ජනමාධ්‍ය අමාත්‍යවරය ලෙස ඔබටත් රජය වෙතත් පල කරන බව එම මාධ්‍ය නිවේදනය සදහන් වේ.
එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.
ලංකාවේ ප්‍රකට මාධ්‍යවේදීයෙකු මෙන්ම අප සංගමයේ විධායක සභිකයෙකු වන ඹාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතාට එම මාධ්‍ය සාකච්ජාව වෙත ප්‍රවේශ වීමට අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉඩදී නොමැත්තේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කළ මාධ්‍ය හැදුනුම්පත ඔහු සතුව නොමැති බව පවසමිනි. එහෙත් ඒ මොහොතේ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය එකාබද්ධ නිකුත් කළ මාධය හැදුනුම්පත සහ ඔහු කර්තෘවය දරණ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ හැදුනුම්පත ද විජේසුරිිය මහතා සතුව පැවතිනි.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවට මින් ඉදිරියේ සහභාගි වීමට මින් ඉදිියට ඉඩ ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ හැදුනුම් පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමනක් බව 2025 04 29 වන දින රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී ඔබ විසින් ප්‍රකාශ කර සතියක් ගතවන අද දින මාධ්‍යවේදී විජේසුරියට එම මාධ්‍ය සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දී නැත. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගේ එම උද්දච්ච ප්‍රකාශනයෙන් පසු සිදු වු මෙම සිද්ධිය නිදහසේ මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතියට කළ තර්ජනයක් ලෙසත්, රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමනක් ප්‍රවෘත්තී සාකච්ජා සදහා කැදවීමටත් ගත් නීච උත්සහයක් ලෙසත් මාධ්‍ය මර්දනය සදහා ජාතික ජන බල ආණ්ඩුව කලින් පැවති ආණ්ඩු මෙන් කටයුතු කරමින් සිටි බව ජනමාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින වගකිව යුතු මාධ්‍ය සංවිධානයක් වශයෙන් අපි සලකන්නෙමු.
පහතින් පල වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් නිකුත් කරන මාධ්‍ය නිවේදනයයි.

