මහජනයාට එරෙහිව පොලිස් පාතාලයෝ සහ පාදඩ පාතාලයෝ එක්ව වැඩට බසිති

ශාන්ත විජේසුරිය විසිනි

මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නාමල් පෙරේරාට එරෙහිව බධබන්දනයන්ට ලක් කර පහර දී දතක් කැඩුවා යැයි වැඩබලන පොලිස් පතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දමන ලද පැමිණීලි ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් මරා දමන බවට කොළඹ පාතාල නායකයෙකු මොහොමඩ් පාසාල්ට දුරකතකතන බණවැදි තර්ජනය කළ බව ඔහු පවසයි .

පාතාල නායකයා කීප අවස්ථාවක් පාසාල්ගේ දුරකතනයට කතා කර නාමල් පෙරේරාට එරෙහිව දමන ලද පැමිණිලි ඉල්ලා අස්කර ගන්නැයි බල කර ඇති බවත් පාසාල් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝප වු පාතාල නායකයා පාසාල්ව මරා දමන බවට මෙසේ තර්ජනය කර ඇත .

මෙම පාතාල නායකයා 2023 වර්ෂයේ මෙරටින් පළා ගොස් ඉන්දියාවේ රාමේෂ්වරම් වල රහසිගතව ජිවත් වන අයෙකි . මොහුට ඒරෙහිව මිනීමැරුම් , මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනිම් සම්බන්ධ චෝදනා එල්ල වි ඇත.

පාසාල් නීතිමය රැකවරණය ලබා දීම සදහා කටයුතු කළ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන මොහිදීන් මොහොමඩ් තස්ලිම්ට ද පාසාල්ගේ දුරකතනයෙන් කතා කර නාමල් පෙරේරාට විරුද්ධව කටයුතු නොකර ලෙසට  පාතාල නායකයා ඉල්ලා ඇත. එදිනම හරක්කාටාගේ සහ මාකදුරේ මධුසකගේ ගෝලයන් යැයි කියා ගත පුද්ගලයන් දෙදනෙක් නාමල් පෙරේරාට එරෙහිව මැදිහත් නොවන්නැයි සුහදශීලිව තස්ලිම්ගෙන් ඉල්ලා ඇත. පාතාලයට අමතරව ප්‍රකට මුස්ලිම් ව්‍යාපාරියෙකු ද තමාවෙනුන් නාමල් එරෙහිව දැමු පැම්ණිල්ල ඉල්ලා අස්කර ගන්නැයි තස්ලිම්ගෙන් ඉල්ලා ඇත. නබිනායක තුමාටත් නාමල් කුණුහරුපයෙන් බැණවැදී ඇතැයි කී විට ව්‍යාපාරිකයා නිහඩ වු බව තස්ලිම් ලංකා ස්කයි නිවිස් වෙත පැවැසීය .

පාසාල්ව ජනවාරි 05 වනදා මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ නාමල් පෙරේරා ඇතුළු පිරිසක් ඔහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගන්නේ මුදල් අච්චු ගැසුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය . පාසාල්ගේ නිවසේ තිබි ප්‍රින්ටරයක් පමණක් අත්අඩංගුවට ගෙන තිබේ . නාමල් ඇතුළු පිරිස පාසාල්ගේ නිවස තුළ රදවාගෙන අච්චු ගසන මුදල් ඉල්ලා දතක් කැඩෙන්නට පහර දී ඇත..

ඔහු අරුණ පුවත්පතේ මුද්‍රණාලයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර ඊට අමතරව පාසාල් ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමග මාළු වෙළදාමක් ද කරති . පාසාල් දුම්රිය නිවාස ශ්‍රී සද්ධර්මාරාම පාර දෙමටගොඩ යන ලිපිනයේ පදිංචි වී සිටි .

ජනවාරි 06.07, යන දෙදින පොලිසියේ රදවාගෙන පහර දී ජනවාරි 08 වෙනිදා කොළඹ අලුත් කඩේ උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බොරු ‌චෝදනා එල්ල කර නාමල් ඇතුළු පිරිස තමාව අත්අඩංගුවට ‌ගෙන පහර දී දතක් කැඩෙන්නට පහර දුන් බවත් ‌පොලිසිය පහර දීම නිසා අසනිප තත්වයේ පසුව බැවින්, ප්‍රතිකාර ගැනීම සදහා රජයේ රෝහලකට ඉදිරිපත් කරන්නැයි පාසාල් නීතිඥවරියක් මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඇත. පසු ව මහේස්ත්‍රාත්වරයා ඔහුව රජයේ රෝහලකට ඇතුඝත් කරන්නැයි නියෝගකර කර ඇත. බන්ධනාගාර නිලධාරීන් ඔහුව රජයේ රෝහලකට ඉදිරිපත් නොකර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ වෛද්‍යවරියක් පාසාල්ව පරික්ෂා කර රජයේ රෝහලකට ඇතුළත් කරන්නැයි නැවතත් උපදෙස් දී ඇතත් , ඇප මත නිදහස් වනතුරු ඔහුව රජයේ රෝහලකට ඇතුළත් කර නැත.

පාසාල් ජනවාරි 10 වෙනිදා ඇප මත නිදහස් වන අතර පසුව ඔහු තමාට පොලිසියෙන් පහර දුන්නා යැයි තස්ලිම්ගේ මැදිහත් විම මත මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි දමන ලදී .

පාසාල් මෙන්ම තස්ලිම් ද පාතාල නායකයාගේ නියෝග වලට අවනත නොවිමත් මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ අපරාධ අංශයේ ස්ථානාධිපති  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමත් නිසා ඔවුන්ගේ ජිවිත වලට හානියක් සිදු වුවහොත් එහි වගකිම පාතාල නායකයා මෙන් පොලිසිය බාර ගත යූතුය . දැනටමත් කියන දේ කළේ නැත්නම් මරා දමන බවට පාතාල නායකයා පාසාල්ට තර්ජනය කර ඇත

මෙම සිද්ධියත් සමග ඊනියා විමුක්ති මෙහෙයුමේ පල්ළ ගැල වි ගොස් තිබේ . පොලිස් නිලධාරින් නීතිය අවභාවිතා කරමින් මහජනයයාට අඩම්තේට්ම් කරද්දී , ඊට එරෙහිවන්නව බිය වද්දවා හෝ මරා දමා  ඒවැනි පොලිස් නිලධාරින් රැකීමට පාතාලයෝ කටයුතු කරති . වැඩබලන පොලිස් පතිවරයාගේ සිට පොලිස් දෙපාර්මේන්තුවේ අති බහුතරයක් දෙනා යැපෙන්නේ සහ රැකෙන්නේ පාතාලෙන් බවට චෝදනා එල්ල වී ඇත. නීතිය හා සාමය රකින පොලිසිය ලංකාවේ දුෂිතම ආයතනය බවට පත්ව තිබේ . ඊනියා පාතාල මර්දනය යනු රාජපක්ෂලාට හිතවත් පාතාල කණ්ඩායම් වලට එරෙහිව සිටින පාතාල කණ්ඩායම්  විනාශ කර දැමීමකි . වැලිකඩ රැදවියන් 27 දෙනා ඝාතනය ද ඒ අකාරයේ මෙහෙයුමක් වෙයි .

පාතාල නායකයා පාසාල්ට කතා කර තර්ජනය කළ දුරකතන අංක අප සතුව ඇතත් මේ මොහොතේ එම අංක ඵල නොකිරීමට අපි තිරණය කළෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *