වසර 2023 ලෝක ආර්ථික කඩා වැටෙයි – ලංකාව කබලෙන් ලිපට

Year 2023 World economy will collapse - Sri Lanka is in the frying pan

වසර 2023 ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙන්න සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දුන්නාය.

ලෝක ආර්ථිකයේ මූල්‍ය අස්ථාවරත්වය වැඩි වීමේ අවදානම උපුටා දක්වමින් ඇය සඳහන් කර කළේ, 2023 වසරේ සියයට 2.9 ක ගෝලීය වර්ධනයක් සඳහා වන එම ආයතනයේ පුරෝකථනය ලබන සතියේ පහත වැටෙනු ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය, රුසියා – යුක්‍රේන අර්බුදය සහ සියලුම මහද්වීපවලට බලපා ඇති දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගෝලීය කම්පන හේතුවෙන් ලෝක ආර්ථිකයේ ඉදිරි කාලය වඩාත් නරක අතට හැරෙනු ඇති බව, ඇය පෙන්වා දුන්නාය.

රුසියා – යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදී යාමෙන් පීඩා විඳීමට සිදුව ඇත්තේ, දිළිඳු ජනතාවට වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සිය කනස්සල්ල පළ කළාය.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය, එක්සත් ජනපදය ඇතුළු යුරෝපයේ රටවල ර්ථිකය මන්දගාමී වෙමින් පවතින බැවින්, නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් අපනයනය සඳහා ඇති ඉල්ලුම අඩාල වී ඇති බව, ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

දැනටමත් ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් හේතුවෙන් එම තත්වය, දියුණු වෙමින් පවතින රටවලට දැඩි සේ බලපා ඇති බව ඔවුන් පෙන්වා දෙති.

2 thoughts on “වසර 2023 ලෝක ආර්ථික කඩා වැටෙයි – ලංකාව කබලෙන් ලිපට

  1. උස්ස පෙළ සහ ශිෂ්‍යභාව විභාගය කල් දමයි

    2022 වර්ෂයේ පැවැත්විමට තිබු උස්ස පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමන බව අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් සඳහන් කරයි .

    2022 වසරේ පැවැත්වීමට තිබු උස්ස පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවරි 13 දක්වා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර ඇත .

    පහේ ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 දක්වා කල් දමා තිබේ .

  2. හෂාන් ජිවන්ත නිදහස්

    ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ නීති විරෝධීව දින 50 කට ආඩන්න කාලයක් රඳවා තබා ගෙන සිටි අරගලකරුවෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන හෂාන් ජිවන්තව තංගල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (07) නිදහස් කළේය .

    ජිවන්තව අත්අඩංගුවට ගන්නා ලද්දේ , ආණ්ඩුවේ
    මර්දනයට එරෙහිව අගෝස්තු 18 ට කොළඹ පැවැති විරෝධතා උද්ඝෝෂණය අවසන් වි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලි ගේ සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීය .

    මෙම උද්ඝෝෂණයේ දී සිරි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු සිරි ධම්ම හිමි ද අත්අඩංගුවට ගන්නා ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *