සසප සමාජිකයින්ට ආණ්ඩුවේ වෘත්තීය සමිති මැරයන් එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහි උද්ඝෝෂණය කොක්‍රික පෙරට
Warning: Undefined array key "file" in /home/eagleeye/public_html/wp-includes/media.php on line 1774
මොරටු විශ්ව විද්‍යාලයේ සේවය කරන සමාජවාදී සමානතා පක්ෂයේ සමාජිකයෙක් වන දේහින්න වසන්ත සහ එම පක්ෂයේ පුර්ණකාලීනයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දු යන සහෝදරවරුන්ට මොරටු විශ්ව විදයාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ප්‍රගතිශීලි සේවක සංගමයේ වෘත්තීය සමිති මැරයන් විසින් පසුගිය නොවැම්බර් 10 වෙනි ප්‍රහාරයක් කළහ .
මෙම මැර ප්‍රහාරයෙන් දේහින්න වසන්ත සහෝදරයාගේ වම් අතේ ඇගිලි දෙකක අස්ථී බිදි ඇත. එම මැර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති ඉන්දික පෙරේරා සහ ලේකම් සුරංග සිරිවර්ධන යන මැරයන් විසිනි .
මෙම මැර ප්‍රහාරය සැල වු සැනින් කොළඹ ක්‍රියාකාරී කම්ටුව සහ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රහාරය හෙළා දැක්කෙමු . එම මැර ප්‍රහාරයට එරෙහිව සිට ගන්නැයි අනධ්‍ය්‍යන සේවක සංගම් වලින් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ මොරටු විද්‍යාලයේ මහ ශීෂ්‍ය සංගමය ඇතුළු සියලුම ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලා සිටියෙමු . මේ වන තෙක් ඊට සහපත් ප්‍රතිචාරයක් නොලැබි ඇති අතර ඔවුන්ගේ නිහඩතාවයෙන් පෙන්නුම් කරන්නේ මැරයන්ගේ ක්‍රියාව අනුුුමත කරන බවකි . කොළඹ ක්‍රියාකාරී කමිටුව මැර ප්‍රහාරය හෙළා දැකිමෙන් නොනැවති කම්කරු -පීඩිත ජනයා ප්‍රහාරයට එරෙහිව බලමුළු ගැන්සවිම සදහා ප්‍රහාරය හෙළා දැක පොස්ටර් ව්‍යාපාරයක් ද දියත් කළේය . එතැනින් නොනැවතුනු කොළඹ ක්‍රියාකාරී කම්ටුව මැර ප්‍රහාරයට එරෙහිව උද්ඝෝණය පෙරට ගනිමින් ඊයේ (18) මොරටු විශ්ව විද්‍යාල ඉදිරිපිට අත්පත්‍රිකාවක් බෙදාහැරියේය .
අත් පත්‍රිකාවක් අතට ගෙන එක හුස්මට කියවා අවසන් කළ මොරටු විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙක් මින් ඉදිරියට මේවැනි ප්‍රහාර වලට ඉඩ නොදෙන බව ද අධිෂ්ඨාඨානහගතව ප්‍රකාශ කළේය .
කොළඹ ක්‍රියාකාරී කම්ටුව ඊයේ (18) බෙදා හරින ලද අත්පත්ත්‍රීකාව පහතින් ඵල වේ



