ගල්කිස්ස පොලිස් කුඩුු තුළ රදවා සිටිය දී මිය පුද්ගලයාගේ මරණය සැක බව ඥාතිහු පවසති

0
be226188-aca6af9a-bf2bf081-45a76aca-death-body_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped

රත්තරන් බඩු සොරාගත්තා යැයි ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු එම පොලිසියේ රදවා සිටියදී ඊයේ (09) උදේ මිය ගොස් ඇත.

මෙසේ මිය ‌ගොස් ඇත්තේ අවුරුදු (56) ක් වයසැති කිර්ති රත්න සිල්වා නැමති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

කිර්ති රත්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයෙකු බව පවසන පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අජිත් නැමැත්තෙකුගේ පැමිණිල්ලකට අනුවය .

කිර්ති රත්න නතර වී සිට ඇත්තේ අජිත් නැමැත්තාගේ නිවසේය.

ඔහුව පොලිස් කුඩුවේ රදවා සිටිය දී බෙල්ලේ වැළ දමාගෙන කිර්ති රත්න මිය ‌ ගොස් සිටි බව පොලිසිය පැවසු බව පවසන ඥාතීන් ඔහුට පහර දී හා වධබන්ධනයන්ට ලක් මරා දමා ඇතැයි ඔවුහු සැක කරති .

කළුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශාරීරාගාරයේ කිර්ති රත්නගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (10) පැවැත්විණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *