කන්ජි බෙදිම තහනම් කළ උසාවිය තහනම ඉවත් කර ගනී

0
151027114758_missing_people_512x288_bbc_nocredit

උතුරු -නැගෙනහිර යුද්ධයේ දී රජයේ හමුදා විසින් මරා දමන ලද දෙමළ ජනයා ස්මරණය පිණිස මුල්ලිවයිකාල් කන්ජි හෙවත් බත් කැද බෙදීමට මුත්තුර් අධිකරණය මගින් පැන වු තහනමට එරෙහිව න‍ිතිඥ සුගාස්කානු ඇතුළු දෙමළ සහ මුස්ලිම් නීතිඥවරු කරුණු දැක්විමෙන් පසු එම තහනම් නියෝගය ඉවත් කර ගැනීමට මුත්තුර් මහේස්ත්‍රාත්වරයා අද (15)පියවර ගත් බව මාධ්‍ය වාර්තා කර ඇත.

වසර පහලෝවකට පෙර වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටනේ දී රජයේ හමුදා විසින් සමුල‍ ඝාතනය කරන ලද තම ඥාතීන් සිහිකර එම කැද බෙදාදිම සිදු කර ඇත.

රජයේ හමුදා මරා දමන ලද තම ඥාතීන් සිහි කරමින්, බත් කැද බෙදු කාන්තාවන් දෙදනෙක් සහ එක් පුද්ගලයෙකු මැයි (12) වෙනිදා රාත්‍රීයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත . පොලිසිය කාන්තාවන්ගේ නිවසට කඩා වැදි බිම දිගේ ඇදගෙන යන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරයි‍ .

වෙල්ල මුල්ලිවයිකාල් සටනේද‍ි එම කලපුවට කොටු දෙමළ ජනයා අහාර වෙනුවට අවසානයේ ලබා ගෙන ඇත්තේ බත් කැදය . රජයේ හමුදා මරා දමන තම ඥතීන් සිහි කරද්දී , කැද බෙදා දිම එම ස්මරණයේ සංස්තෘ‍තික අංගයක් බවට පත්ව ඇත. ඊශ්‍රාලය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් පලස්ත‍‍ින කම්කරු -පීඩිත මහජනයා ආහාර නොදි මරා දැමීමට උත්සහ කරන බව ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *