කපිල කුමාර පැහැරගෙන ගොස් අතුරුදන් කර සිටි බව හොරොව්පොතාන පොලිසිය අධිකරණයේදී පිළිගනී

0
IMG-20240408-WA0055

Warning: Undefined array key "file" in /home/eagleeye/public_html/wp-includes/media.php on line 1774

ගෝනපිනුවල කපිල කුමාර ද සිල්වාව රැවුල් වාවාගත් නාදුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් මාර්තු 26 වනදා පැහැරගෙන ගොස් අතුරුදන් කර සිට දින 25 කට පසු අප්‍රේල් 20 වනදා පිටිගල පොලිසියට භාරදිමෙන් අනතුරුව අප්‍රේල් 21 ක ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කළ බව කපිල කුමාර අතුරුදන් කිර‍‍ිමට එරෙහිව කැබතිගොල්ලැව අධිකරණය හමුවේ ගොනු කර තිබු නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේ හොරොව්පොතාන පොලිසිය මගින් පිළිගෙන ඇත.

කපිල කුමාර පැහැරගෙන ගොස් දින 25 රදවා තබාගෙන සිට පසුව පිටිගල පොලිසියට භාරදීම සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් පවත්වන්නැයි පොලිසියට නියෝග කළ කැබැතිගොල්ලැව මහේස්ත්‍රාත්වරයා මෙම අපරාධ සම්බන්ධයෙන් වෙනම නඩුකරයක් පවරන්නැයි ද පවසා ඇත.

මෙම සිද්ධිය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් බවත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් කර 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත යටතේ නඩු පැවරිය හැකි බවත් ඒ සම්බන්ධව කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම නීතිපතිවරයාට නිර්දේශ කර ලිපියක් යවා ඇත.

මෙම නඩුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිිිටු මගින් පවරන ලද අතර කපිල කුමාරගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම කමිටුවේ නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ දනුෂ්ක ද සිල්වා පෙනි සිටියහ .

කපිල කුමාර පැහැරගෙන ගොස් අතුරුදන් කර සිටි බව හොරොව්පොතාන පොලිසිය අධිකරණයේදී පිළිගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *