සජබ සහ එජාප එක පෙරමුණකට

0
image_d395fb563b

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ වල දීපොදු පෙරමුණක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් එකගතාවය පල කර ඇත.

එම එකගතාවයට පැමිණ ඇත්තේ ,ඊයේ (20) පක්ෂ දෙකේ නායකයින් අප්‍රසිද්ධියේ පැවති සාකච්ජාවකින් අනතුරුවය.

මෙම සාකච්ජාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කබීර් හෂීම්, ගයන්ත කරුණාතිගක ,මුජිබර් රහුමාන් ,හර්ෂ රාජකරුණා සහ තිස්ස අත්තනායක ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහ ලේකම් තලතා අතුකෝරාල ,නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ හිටපු ජනාධිපති උපදේශක ආචාර්ය එම්.එස්. සමරතුංග යන අය එම සාකච්ජාව සදහා සහභාගි වු බව වාර්තාවේ

පොදු පෙරමුණක් ගොඩනැගීමේ සාකච්ජාව සදහා සජබයේ සහ එජාපයේ කෘතයාධිකාරී මණ්ඩල වල අනුමැතිය ලැබි තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් මහ මැතිවරණයේදී ලත් පරාජයත් සමග සජබ සහ එජාප එකතු විමේ අවශ්‍යතාවය එම සාකච්ජාවේදී දැඩි කතා බහට ලව ඇත.

පොදු පෙරමුණක් ගොඩනැග‍ීමේ සාකච්ජාව සාර්ථක බවත් එළඹෙන මැතිවරණ වලදී පොදු පෙරමුණකින් තරග කිරීමට පක්ෂ දෙකම එකගතාවයකට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *