නිමෙිෂ් නඩුවේ සාක්කිකරුවන්ට තිසාසි යවන්නැයි අධිකරණය නියෝග කරයි !

නිමෙිෂ් නඩුවේ සාක්කිකරුවන්ට තිසාසි යවන්නැයි අධිකරණය නියෝග කරයි !

මුතුවාඩිගේ නිමෙිෂ් සත්සර පොලිස් අත්අඩංගුවේදී මිය යෑම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අංක 04 මහේස්ත්‍රාත්වරයා  හමුවේ අද (30) නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මරණකරුගේ මෘත දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු බව අධිකරණයට දැනුම් දුන්  අතර  සාක්කිකරුවන් පස් දෙනෙකුට  මැයි 16 වනදා සාක්කි විමසීම සදහා අධිකරණයට පැමිණෙන්නැයි තිසාසි යවන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුව කැදවන්නැයි නියෝග කළේය.

මුල්ලේරියාව රෝහල මගින් සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධයෙන් සැහීමකට පත් නොවු ඔහුගේ දෙමව්පියන්  නිමෙිෂ්ගේ දේහය  නැවත ගොඩගෙන  පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන්නැයි මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන්  කරන ලද ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා  කොළඹ ප්‍රධාාන අධිකරණය වෛද්‍ය නිලධාරියා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්  මගින් එම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග කෙරිණ.

එම නියෝගය අනුව බදුල්ල මීගහකිවුලේ පවුලේ සුසාන භුමීයේ මිහිදන් කර තිබු  නිමෙිෂ්ගේ දේහය අප්‍රේල් 23 ගොඩගෙන කොළඹට රැගෙනවිත් අප්‍රේල් 28 වනදා කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලදී. අධිකරණ වෛද්‍ය කාර්යාලය අද (30) එම පශ්චාත් මරණ පරික්ෂණයේ කෙටි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

නිමෙිෂ්ගේ ශරීරයේ කොටස් රස පරික්ෂක වෙත යවා ඇති බැවින්, මරණකරුගේ මරණය සිදු වුයේ කෙසේද යන්න දැන ගැනීම සදහා මාස දෙකකට ආසන්න කාලයක් ගත වන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණකරුගේ දෙමව්පියන්ට පවසා තිබුණි.

අප්‍රේල් පලමුදා රාත්‍රි 9. 30 ට පමන නිමේෂ් නාවල ශ්‍රී රතන ජෝති මාවතේ ඉඩමකට බලත්කාරයෙන් ඇතුල් වී සිටියදී එම ඉඩමේ හිමිකරු විසින් පොලිස් හදිස්සි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් අනතුරුව වැලිකඩ පොලිසි එම ස්ථානයට පැමින ඔහුව අත්අඩංගුවට ගෙන තිබි‍ණ. නිමේෂ්ව පැය දෙකකට ආසන්න කාලයක් වැලිකඩ පොලිසියේ රදවාගෙන සිට ඇති අතර පසුව ඔහු මානසික රෝගියෙකු යැයි කියා මුල්ලේරියාව මානසික රෝහලට ඇතුලත් කර ඇත. ඔහුව මානසික රෝහලට රැගෙන යන විටත් නිමෙිෂ් මිය ගිය සිටි බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *