හැත්තෑසය අවුරුදු ධනපති ශාපය අවසන් නැත

හැත්තෑසය අවුරුදු ධනපති ශාපය අවසන් නැත

රත්මලාන මහින්ද්‍රරාම පාරේ පදිංචි තරුණයෙකු අප්‍රේල් 30 වන දා රාත්‍රියේ බෙල්ල මිරිකා තියුනු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇත.‍

තරුණයාව කපා කොටා මරා දමා ගොස් තිබුණේ ගල්කිස්ස වසමට අයත් හුළුදාගොඩය.  එම තරුණයා එම ප්‍රදේශයට ගොස් ඇත්තේ අයිස් පැකට් එකක්  මිල ද‍ී ගැනීමට බව ගල්කිස්ස අපරාධ අංශයේ නිලධාරියෙකු අප එහි ගොස් කළ සොයා බැලිමේදී පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 23 ක් වයසැති කවින්ද ගයාෂාන් රණවක නැමති තරුණයාවය. තියුනු ආයුධ වලින් කැපීම නිසා ඔහුගේ දේහය විකෘති වීම නිසා පෙට්ටිය සම්පුර්ණයෙන්ම වසා තිබුණි.

හැත්තෑසය අවුරුදු ධනපති ශාපය අවසන් නැත

බෙල්ල සිර කිරීම නිසා ඔහුගේ උගුරු දණ්ඩ තුනට කැඩි ඇති අතර සුසුම්නාවටද බරපතළ හානි සිදු විමෙන් මිය ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ සදහන් වන බව රණවකගේ මව අප සමග පැවසුවාය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් තුන්දෙනෙකු සැකපිට අත්අඩංගුවගෙන ගෙන ඇති අතර තවත් කිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ගල්කිස්ස අපරා‍ධ අංශයේ ස්ථානාධිපති අයි.පී. රණවීර අප සමග කීය.

අප්‍රේල් 30 වනදා රාත්‍රි 9.30 ට පමන ඔහු යාළුවෙකු ගෙදර ගොස්  ඇති බවත් පසු මධ්‍යම රාත්‍රියේ එම යාළුවා සමග රාත්‍රි කඩයකට ගොස් කොත්තු දෙකාක් රැගෙන එකක් යාළුවාට දී ඔහුට ගෙදර යන්නැයි පවසා පුතා ඔහුගෙන් වෙන්විම ගිය බව එම යාළුවා පොලිසියට කටඋත්තරයක් දෙමින් පවසා ඇතැයි කවින්දගේ මව අප සමග පැවසුවාය. පොලිසිය එම තරුණයාගෙන් ප්‍රශ්න කර සටහනක් ලබාගෙන මුද්‍රහැර තිබිණ.

රණවක ඝාතනය කරන අවස්ථාව වන විට ඔහු රැකියවක් නිරත වී සිට නැති අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි බවත් ඔහු හොරකම් වලට හෝ මැරකම් වලට හෝ සම්බන්ධයක් නොමැති බව පොලිසිය පවසයි.

රණවක කාලයක් මැලේසියාවේ රැකියාවක් කර ලංකාවට පැමින ඇති අතර ඔහු ඉතාලි ය‍ෑමේ බලාපොරෝත්තුවෙන් සිටි බව රණවගේ මව පැවසුවාය. ඔහු පවුලේ වැඩිමලා වන අතර රණවකට තව සොහොයුරෙකු සිටි. එම සොහොයුරා උසස් පෙළ හද්‍රරණ අතර  මව වෙළද ප්‍රචාරක ආයතනයක සේවය කර ඔවුන් දෙදනා ජිවත් කර ඇත. පියා ඔවුන්ව කුඩා කාළේ දමා ගිය බව රණවකගේ මව අප සමග කිවාය.

රණවකගේ ඝාතනය පාතාලේ වැඩක් යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළත් ඔහු මරා දමා ඇත්තේ පාතාලයෙන් නොව, පුද්ගලික ආරවුලක් මත බව ගල්කිස්ස අපරාධ අංශයේ අයි.පි. රණවීරගෙන් අප විමසු අවස්ථාවේ පැවසිය.

රණවකගේ ඝාතකයන් පිළිබදව ඔහුගේ මවගෙන් සහ ඥාතීන්ගෙන් අප විමසු අවස්ථාවේ ඔවුන් පිළිබදව හෙළි කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගැනීමක් යැයි කියා අප සමග කතා කිර‍ීම ප්‍රතික්ෂේප කළේය.

පොලිසිය සහ පාතාලය තරගයට මහජනයා මරා දමන අතර එසේ මරා දැමීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැතැයි ජාතික ජන බල ආණ්ඩුවේ නායකයෝ පවසති. කම්කරු -පීඩිත මහජනයාව ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂා නොවන්නේ නම් ජාතික ආරක්ෂා අර්බුදයට යන්නේ ධනකුවේරයන් , ඔවුනගේ දේපල සහ ධනකුවේරයන්ගේ නියෝජිතයන් වන ජාජබ ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට හානියක් හෝ අනතුරුක් වුවහොත් පමණි.

අවුරුදු 76 ක ධනපති ශාපය අවසන් කරන්නට පැමිණි ජාතික ජන බල ආණ්ඩුව යටතේ පෙර මෙන් පොලිසි තුළ සහ මහ පාරේ  සංවිධානාත්මක අපරා‍ධ කල්ලි විසින් මහජනය කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කරති. කොලොන්නාව නගර සභාවට පොහොට්ටු පක්ෂයෙන් තරග වැදුනු ඩෑන් ප්‍රියසාද්ව සංවිධානාත්මක පාතාල ක‍ණ්ඩායමක් විසින් පසුගියදා ඝාතනය කෙරිණ. ඩෑන් ධනපති කුලීකරුවෙකු මෙන් සිංහල ස්වෝත්තමවාදීයෙකි. නමුත් ඔහුව මරා දැමීම කිසිසෙත් අනුමත කළහැකි හෝ සතුටු විය හැකි කාරණාවක් නොවෙයි. ඩෑන්ව බිලිගත් නරුමයන් හෙට එම අවස්ථාව උපයෝගී කරගෙන අපව විනාශ කරන්නේ ද ඒ අයුරීන්මය. ඒ නිසා ඩෑන්ගේ ඝාතනය අනුමත කළ නාහැකි වන අතර ඒය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්නයකි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක පසුගිය දින පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී වචනයෙන් මෙන් ශරීර භාෂාවෙන් ද (Body language) එම ඝාතනය අනුමත කළේය. ආණ්ඩුව ආරම්භයේ දීම පාසැල් සංවර්ධන නිලධාරීන්ට එරෙහිව පොලිසිය උසිගැස්සීම සදහා හමුදා බුද්ධි නිලධාරීන් යොදාගෙන පොලිස් නිලධාරීන්ට පහර දුන්නේය. නමුත් එය ගත් තැනම හෙළිදව් විය.

මෙම ඝාතන රැල්ල මේ අවස්ථාවේ ආණ්ඩු අර්බුදයකට ඇද දමන අතරම ඉදිරියේදී ආණ්ඩුව එම පාතාල ක්‍රම භාවිතා කර හෙට දවසේ ආණ්ඩුවට එරෙහිව පැනනගින උද්ඝෝෂණ විරෝධතා මර්දනය කිරීමට සහ එම විරෝධතා මෙහෙවන නායකයින් මරා දැමීමේ අවධානමක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *