පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්

පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්

පලස්තීනයට නිදහස් , යුද්ධයට විරෝධය මැයෙන්  පලස්තීන ජන සංහාරයට සහ ඉරානය ආක්‍රමණය කිරීමට එරෙහිව අද (30) සවස 3.30 ට විරෝධතා පාගමනක් පැවැත්විණ‍

මෙම විරෝධතා පා ගමන පවත්වන ලද්දේ , පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින්ය.

පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්

කොළඹ කොම්පඤ්ඤවිදීයේ ඩිමෙල් පිටියට රැස් වු විරෝධතාකරුවන් එම පිටිය ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් කොඩි සහ සටන් පාඨ ලියා තිබු පුවරු ඹසවාගෙන පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නියැලුනහ. පසු විරෝධතාකරුවන් කොම්පඤ්ඤවිදියේ සිට පාගමනින් විනිසුරු ජස්ටිස් අක්බාර් පාර ඔස්සේ ගාලුපාරට පිවිස ඇමරිකන් තානාපති කාර්යාලය දක්වා ගමන් කළහ.‍ ලංකාව තුළ රැදී සිටින යුද අපරාධකරුවන් වහා යනු! නීති විරෝධී ඊශ්‍රාලයෙල් ආගමික මධ්‍යස්ථාන වහා ඉවත් කරනු ! අධිරාජ්‍යවාදය භංග වේවා ! පලස්තීන ජනතාවට විමුක්තිය ! සහ ඇමරිකන් -ඊශ්‍රායෙල් ජන සංහාරය නතර කරනු ! යන සටන් පාඨ පුවරුවල ලියා තිබුණි.

පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්

දෙදහසකට ආසන්න ජනකායක් සහභාගි වි සිටි අතර From the river to sea – Palestine will be free . Stop free – Genocide No more – Genocide . Free Free -Palestine  Free Free – Palestine  තාලයට කියමින් පෙළපාලියේ ගමන් කළහ.

ජනතාවනි -මේ අහන්න

අපිත් එක්ක – එකතු වන්න

මැද පෙරදිග -ළමයි මරන

යුද රකුසාට – එරෙහි වෙන්න

ගාසාවේ -ඝාතකයා

ළමයි මරණ -ඝාතකයා

තෙගන්යාහු – ඝාතකයා

හිරේ දමව් – ඝාතකයා

ඊශ්‍රායෙල් -මිනීමරුවෝ

ඇමරිකාවේ -කුලී මිනීමරුවෝ

පලස්තීනෙ -කිරි දරුවෝ

මරා දමයි -මේ මරුවෝ

නෙත්යාහු – මිනී මරයි

ෆැසිස්ට්වාදෙ -රජ කරනවා

පලස්තීනෙ – අමු සොහොන

යුද විරෝධීන් – නිදි වදිනවා

කරව් කරව් – නතර කරව්

වෙඩි බෝම්බ -නතර කරව්

පලස්තීනෙ – ජනයා මරණ

ත්‍රස්තවාදෙ -නතර කරව්

ජිනිවාවල – මහ ලොක්කෝ

ඇමරිකාවේ – බලු කුක්කෝ

ඊශ්‍රායෙල් -බලු කුක්කෝ

සියොන්වාදෙ – උන් රැක්කෝ යනුවෙන් සටන් පාඨ කියමින් ඇමරිකන් තානාපතා කාර්යාලය දක්වා විරෝධතාකරුවන් ගමන් කළහ.

විනිසුරු ජස්ටිස් අක්බාර් පාර හරහා ඉදිකර ඇති පාලම හරහා යෑමට ඉඩදිය නොහැකි බව පොලිසිය පැවසුවත් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ගේ නියෝග නොතකා ඉදිරියට ගමන් කළහ.

ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් විරෝධතාවය නියැලුනු  උද්ඝෝෂකයෝ පසුව විසිර ගියහ.

පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්
පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්
පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්
පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්
පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්
පලස්තීන ජන සංහාරයට ඉරාන ආක්‍රමණයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී පාමනක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *