අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායලය පලස්තීනයට සහ ඉරානයට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධය නතර කරනු !

ශාන්ත විජේසුරිය විසිනි.
ඇමරිකාව ප්‍රම්‍රඛ අධිරාජ්‍යවාදීන් ඊශ්‍රායලය ලවා ඉරානය ලෝක සිතියමෙන් මකා දැමීමට ගත් වෑයම ලෝක පරිමානව කම්කරු – පීඩිත මහජනයාගේ නැගිටිමත් ඉරානයේ යුද ප්‍රහාර හමුවේත් දෙපාරක් සිතීමට ඇමරිකාවට බල කෙරි ඇත. ඇමරිකාව තුළමත් යුද්ධයට විරුද්ධව සහ ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ක්‍රියා කලාපයන්ට එරෙහිව කම්කරු -පීඩිතයින් ඇතුළු මිලියන ගනන් ජනයා පාරට පැමිනෙමින් සිටිති.
ඇමරිකාව දැවැන්ත ආර්ථික අර්බුදයක අද්දර , ඉරානය ආක්‍රමණය කරා තල්ලු වන්නේ කොල්ලකෑම සහ ලෝකය නැවත වටයකින් බෙදා ගැනීම තුලින් ආර්ථික අර්බුදය සහ මුල්‍ය බිදවැටිම වළක්වා ගැනීමටත් ඇමරිකාව තුළ දේශීය වශයෙන් වැඩෙන ආර්ථීක හා සමාජ විරෝධයන් වෙනතකට යොමු කිරීමටත්ය.

ඇමරිකාව ජර්මනිය , ප්‍රංශය සහ ඉතාලි අධිරාජ්‍යවාදීන්ගේ මුක්කු බලය ඇතිව ඊශ්‍රායලය මෙහෙයවා ඉරානයට මරාන්තික ගුවන් ප්‍රහාර එල්ල කර යටත් කර ගත නොහැකි තතු යටතේ ට්‍රම්ප් බී -52 ගුවන් යානා යොදාගෙන යුරේනියම් බල ගන්නවා යැයි සැක කරන ඉරානයේ ස්ථාන තුනකට බන්කර් බ්ලාස්ට් බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරිණ. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිට යටත් වන්නැයි ජනාධිපති ට්‍රම්ප් කළ නියෝගය සමච්චලයට ලක් කරමින් මැද පෙරදිග විශේෂයෙන් කටාර් , ඉරාකය සහ ජොර්දානයේ පිහිටුවා ඇති ඇමරිකන් හමුදා කදවුරු වලට මිසයිල් ප්‍රහාරයක් ජුනි 23 රාත්‍රියේ එල්ල කෙරිණ. එම ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනයක් නිකුත් කිරීමට සිදු විණ. ට්‍රම්ප්ගේ එම නියෝගය නොතකා නෙතන්යානු ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර, ඉල්ලගෙන කෑවේය.
ජුනි 13 වෙනිදා අලුයම ඊශ්‍රාලය තම ගුවන් බලකාය යොදා ගනිමින් ඉරාන මත බෝම්බ හෙළන ලදී . ඉරානය ඊට ප්‍රතිචාර වශයෙන් බැලස්ටික් මිසයිල 100 -150 ක් පේරුසලම සහ ඊශ්‍රාලයේ අගනුවර වන ටෙල් අව්වි හා රාමත් නගර වලට එල්ල කිරීමෙන් අනතුරුව ගොඩැගිලි කඩ වැටෙන සහ සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අයුරු මාධ්‍ය දැක ගන්නට හැකි විය. එම ප්‍රහාරය සමග නෙතන්යානුගේ ෆැසිස්ට් පාලනයට එරෙහිව ඊශ්‍රාලය තුළ වැඩෙමින් පැවති ප්‍රතිවිරෝධය උත්සන්න වු අතර යුදෙව් ජාතිකයෝ පලස්තීන සහ ඉරාන මහජනයාගෙන් සමාව ඉල්ලමින් එම රටවලට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධය වහා නතර දමන්නැයි නෙතන්යානු පාලන තන්ත්‍රයෙන් ඉල්ලා සිටියහ.
පලස්තීන හමාස් සංවිධානය 2023 ඔක්තෝම්ර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය දඩමීමා කරගෙන ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කර ප්‍රහාර හේතුවෙන් පලස්තීන දරුවන් 20000 කට වැඩි ප්‍රමානයක් මරා දමා පලස්තීන ජාතිකයින් 60000 පමන මරා දමා ඇති අතර පලස්තීන ජාතිකයින් 377.000 ක් අතුරුදහන් වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. සිංහල ධනපති ආණ්ඩු සහ සිංහල ස්වෝත්තමවාදීන් උතුරු -නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව ගෙන ජන ඝාතක යුද්ධයේ අවසානයේ වෙල්ලමුල්ලවයිකාල් වල දී සතියක් ඇතුළත 40.000 මරා දැමු අතර යාපනයේ ජනයාගෙන් යුද්ධය අවසානයේ 100000 පමන පිරිස්ක අතුරුදන් වී හෝ ඝාතනය කර ඇති බව මන්නාරමේ හිටපු රදගුරු රායප්පු ජෝසප් පැවසිය. හමාස් සංවිධානය ඔක්තෝම්බර් 07 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල් ජාතිකයින් 1400 මරා දැමු අතර 220 කට වැඩි පිරිසක් හමාස් සංවිධානය ප්‍රාණ ඇපයේ තබා ගත්තේය.

රුසියාව යුක්ක්‍රෙනය ආක්‍රමණය කිරීමට විරුද්ධ වු අධිරාජ්‍යවාදී සහ ඔවුන්ගේ සහචරයෝ ඊශ්‍රායලය ඉරානයට ආක්‍රමණය කරද්දී ඊශ්‍රාලයට තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඉරානයට පහර දීමට අයිතියක් ඇතැයි කියමින් මිනීමැරුම් සහ වාර්ගික ශුද්ධය නිත්‍යානුකුල කර ඇත. පලස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මනුෂ්‍යත්වයට නිග්‍රා දෙමින් පලස්තීනය තුළ සිදු කරන ජන සංහාරයට මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරයක් මෙන් හැසිරෙමින් සිදු කරන ඉරාන ආක්‍රමණයන්ට ද අපි එක හෙළා විරුද්ධ වෙමු.
චිනය සහ රුසියාව ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නැවතීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඉරාකයේ, ලිබියාවේ , ඇෆ්ගනිස්ථානයේදී සහ සිරියාවේදි මෙන්ම රුසියාවට සහ චිනයට ඉරාන අක්‍රමණය මග හැර සිටිය නොහැක. අපි ඉරානය ආරක්ෂා කරනුයේ ඇමරිකන් ආක්‍රමණයට එරෙහිව නැගීටිමට ඇති අයිතිය වෙනුවෙන්ය. ඉරානයේ ද ඇත්තේ ජාතික ධනේශ්වර රාජයකි. චිනයේ සහ රුසියාවේ ද අත්තේ ධනපති පාලන තන්ත්‍රයන්ය.
පලස්තීනයට සහ ඉරානයට එරෙහිව ගෙන යන මිලේච්ජ යුද්ධය ආගමික සහ මුස්ලිම් විරෝධී යුද්ධයක් ලෙස හුවා දැක්වීමට ඊශ්‍රායලය ඇතුළු අධිරාජ්‍යවාදීන් උත්සක වුව ද 19 වන සියවස මුල මැදපෙරදිග වමට නැඹුරුවිමට එරෙහිවත් තෙල් සම්පත කොල්ල කෑම සදහත් යුද්ධයක් පැවතිණ. පසු කාලින එම ප්‍රතිවිරෝධය තෙල් සම්පත , ආසියාව සහ අප්‍රිකාව පාලනය කිරීමේ මුලෝපායික වැදගත්කම වගේම නැගී එන චින ධනපති පාලන තන්ත්‍රයේ බෙල්ල මිරිකා දැමීමේ යුද්ධයක් බවට එම ප්‍රතිවිරෝධතාවයන් වර්ධනය වි තිබේ.
ඉරාන ජනතාව එක්සත් ජනපදය මගින් 1979 යේ පිහිටුවන ලද ෂාගේ රාජාණ්ඩුව පෙරළා දමා අයතුල්ලා කුමේනි පත් කර ගන්නා ලදී. ඉරාන ජනතාව එක්සත් ජනපදයට පිටුපෑම නිසා අවුරුදු 45කට පසුත් ඇමරිකාව ඉරානය ඇදා ගැනීමේ උත්සහය අතහැර දමා නැත.
ලෝක පරිමාව කම්කරු- පීඩිත ජනයා මිලියන ගනන් විදී වලට පැමින යුද්ධය නතර කර පලස්තීනය යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලති. නමුත් එම සෑම විරෝධතාවක්ම ජන සංහාරයට එරෙහි සදාචාරත්මක සීමාවක නතර වී සහ නතර කර ගෙන සිටි. මේ යුද්ධය ලෝක පරිමානව ධන කුවේරයන් අතලොස්සකගේ ලාභය සදහ ගෙන යන යුද්ධයකි. යුද්ධය හැරෙන්නට අධිරාජ්‍යවාදීන්ට අර්බුදය විසදා ගැනීමට වෙනත් මාවතක් නැත. මනුෂ්‍ය වර්ගයාට එරෙහිව ගෙන අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කළ හැක්කේ විද්‍යාත්මක ඉදිරිදර්ශනයක් සහිත ව්‍යාපාරයකට පමණි. ධනවාදී මිලේච්ජත්වයෙන් මිදීමට මහජනයාට වෙනත් මාවතක් ඇත්තේ නැත.
ඊශ්‍රායලයේ වැඩ කරන ශ්‍රී ලංකීකයින් 20000 ක ගේ ජිවිත අනතුරේ වැටි ඇති අතර යුද්ධය මුළු මැදපෙරදිගම වෙලා ගතහොත් එම රටවල වැඩ කරන ශ්‍රී ලංකීකයන්ට එය බලපානු ඇත. ආණ්ඩුව ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව කෲරු යුද්ධයක් ගෙන යමින් සිටියදී ලංකීය ශ්‍රමිකයින් ඊශ්‍රායලයට පැටෙව්වේ ඔවුන්ගේ ජිවිත වලට වඩා ආණ්ඩුවට ඩොලර් වලට ඇති කෑදරකම නිසාය. යුද්ධය දිග්ගැසුනොත් ඔවුන්ගේ ජිවිත අනතුරේ වැටෙනු ඇත. ආණ්ඩුව පලස්‍තීනයට එරෙහිව ගෙන යන ජන සංහාරය අනුමත කළා පමනක් නොව ඒ වෙනුවෙන් “fuck ඊශ්‍රායල් “නමින් මුහුණු පොතේ වැකියක් පල කළා යැයි මුස්ලිම් තරුණයෙකු ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියේය. දෙහිවල පිහිටුවා ඇති ඊශ්‍රායල් ආගමික මධ්‍යස්ථානයක් ඉදිරිපිටින් ගියා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු හැදුනුම් පතක් නැතැයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැර තිබිණ .පසුව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී පනත යටතේ රදවාගෙන සිටින බවත් වාර්තාවේ. ජාජබ /ජවිපෙ ආණ්ඩුව පලස්තීන ජන සංහාරයට එරෙහිව සටන් වදින විශේෂයෙන් මුස්ලිම් තරුණයන් දඩයම් කරන ගමන‍් රට ඇතුලෙන් පැන නැගී ඇති අධිරාජ්‍ය විරෝධය යටපත් කර දැමීම සදහා පලස්තීන ජන ඝාතක යුද්ධය නතර කරන්නැයි පෙලපාලි යමින් කම්කරු -පීඩිත ජනයාගේ ඇස් වලට වැලි ගසයි.

මෙම මිලේච්ජ යුද්ධය දිග්ගැසුනොත් එහි ප්‍රතිවිපාක පලස්තීන, ඉරාන සහ මැදපෙරදිග ජනතාවට පමනක් නොව මුළු ලෝකයටම විනාශකාරී වනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සටන් වදිමු !
ජුනි 30 , සවස 3,30ට පාගමන – කොම්පඤ්ඤවිදීයේ ඩිමෙල්පිටියෙන් ආරම්භ වේ.
විමසීම් – කාදර් -0778338097 . ජෝසප් ස්ටාලින් -0773112541 .ශාන්ත විජේසුරිය -0775282133
මේ පින්තුර සියල්ල අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි.