තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාවට සභාපතිවරයෙකු පත් කරන්නට ගොස් ජනාධිපතිවරයා පඹගාලක පැටලෙයිද?

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාවට (RTIC) සභාපතිවරයෙකු පත් කිරීමට යන සිද්ධිය පිළිබදව සමාජය මාධ්‍ය තුලත් මහජනයා දැඩි කතා බහක් ආරම්භ ඇත.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉල්ලා අස්වීමෙන් හිස් වු එම ධුරයට මේ වන තෙක් සභාපතිවරයෙකු පත් කර නැත.
තොරතුරු දැන ගැනීමේ කොමිෂමේ සභාපති පත් කිරීමේ අභිමතය ජනාධිපතිවරයා සතු වන අතර නව සමාජිකයකෙු යෝජනා කිරීමේ බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවටය. කොමිසොරතුරු දැන ගැනීමේ කොමිෂමේ සභාපති පත් කිරීමේ අභිමතය ජනාධිපතිවරයා සතු වන අතර නව මාජියෙකු යෝජනා කිරීමේ බලය ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවටය. කොමිසමේ දැනට සිටින සමාජිකයින් අතරින් සභාපතිවරයෙකු මෙතෙක් පත් කර නොමැති අතර නව සභාපතිවරයා මෙම නව පත් කිරීම හරහා පැමිණිය යුතු යැයි අනුමාන කළ හැකිය. රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ජාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ‘ඒ අය ව්‍යවස්ථා සභාවට ඒ නම් එව්වොත් පත් කරාවි’ යනුවෙන් ප්‍රකාශ කිරීම මගින් එය ගම්‍ය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (09) සවස පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
අපේක්ෂයින් අතර සිටින බව කියන නිමල් බෝපගේ ගේ අතීත වැරදි ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල නිර්දය විවේචනයක් එල්ල වී ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඔහු පත් කිරීමට ඉඩක් ඇතැයි සිතිය නොහැකිය. එහෙත් අනෙකුත් අයදුම්කරුවන් කිසිවෙකුත් ගැන මාධ්‍ය සාකච්ජාවේදී සදහන් නොවීමෙන් මතුවන ගැටළුව නම් සභාපති තනතුරට පත් කිරීම සදහා සුදුසෙකු ඒ අතර සිද යන සැකයයි.
සභාපතිවරයා පත්කිරීමේදී සැබෑ අභියෝගය වන්නේ දැනට මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රසිද්ධ විවාදය විසින් මුළුමනින්ම නොසලකා හැර තිබෙන බව පෙනෙන එම තනතුරට අයදුම් කරන්නන්ගේ නිපුනතාව පිළිබද ප්රශ්නය සාකච්ජාවට ගැනීමයි.
මේ සදහා සුදුසු අයදුම්කරුවෙකු නොමැති නිසා මහජන ව්‍යාකුලත්වය වළක්වා ගැනීමේ පදනම මත අයදුම්කරුවන් අතරින් යමෙකු පක් කරන ලෙසට එල්ල වන පීඩනය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට යමෙකු පත් කිරීමට ඉඩක් ඇත.
මෙම තනතුර ආදාළ නීතියේ අතිශය සංකීරණ ස්වභාවය හේතුවෙන් මුලික වශයෙන් විනිශ්චයකාර තනතුරක් මෙන් සැලකේ.එමෙන්ම එම තනතුර සදහා පවත්වන්නාට ඉතා සැලකිල්ලෙන් සලකා බැලු ලිඛිත විනිශ්චය ලබා දීමේ හැකියාව පැවතිය යුතුය.
තවද ජනාධිපතිවරයා විසින් දැනට සිටින විනිශ්චයකාර සාමාජිකයාට ඉහලින් වෙනත් පුද්ගලයෙකු තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කළහොත් ,එය විෂමතාවයක් ඇති කරනු ඇත. එමෙන්ම අවශ්‍ය සුදුසුකම් නොසපුරන සභාපතිවරයෙකුට ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි වන අතර සමස්ත කොමිසම් සභාවම අවුලකට පත්විය හැකිය. එහෙයින් කොමිසමට පත් කිරීමේ ක්‍රියාවලිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පැහැදිලි නීතිරීති වලට අනුකූලව මෙන්ම, තෝරා ගැනීමේ ක්‍රියාවලියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තනි තනි සාමාජිකයින්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට හානියක් නොවන පරිදි විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතුය.
අයදුම්කරුවන් අතර සුදුසු අපේක්ෂකයින් නොමැති වුවද, කෙසේ හෝ පත්වීමක් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙළඹීමට හේතුව, කොමිෂන් සභාවේ ජනවරම පිළිබඳව ඔවුන් තුළ ඇති අගය කිරීමේ ඌනතාවය විය හැකිය.
මෙම අවස්ථාවේ දී, දේශපාලනඥයින් ඵලදායී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවක් අපේක්ෂා නොකරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දේශපාලන නියෝජිතයින් එක් පාර්ශවයක් ගැනීම, තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අරමුණට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනෙක් සභාවේ සාමාජිකයින්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට හානියක් විය හැකිය.
ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් යනතුරු සභාපතිවරයා පත් නොකළහොත්, අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට ඉඩකඩ පවතී.
විනිසුරු ඩි.එස්. සමරකෝන් RTD (කොමසාරිස්)
නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන (කොමසාරිස්)
නීතිඥ ජගත් ලියනාරච්චි (කොමසාරිස්)
මොහොමඩ් නාහියා ( කොමසාරිස්) යන අය තොතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාවේ සමාජිකයෝ වෙති.