චෙම්මනියෙන්- මතු වන පාඩම්

ශාන්ත විජේසුරිය විසිනි
දශක දෙකකට වැඩි කාලයක් දෙමළ ජනයාට එරෙහිව පැවති වර්ග සංහාරක යුද්ධයේ සහසික බව පෙන්වන සමුහ මිනී වළක් වෙම්මනියෙන් මතු වී ඇත. එම සමුහ මිනීවලෙන් අවුරුද්දකට අඩු ළදරුවෙකුගේ සිරුරක් ,පොත් බැග් එකක් සහ බෝනික්කෙකු සොයා ගැනීම යුද්ධයේ කෲරකම පෙන්වන සාක්ෂියකි. එම සමුහ මිනී වළෙන් දරුවන්ගේ යැයි සැක කරන සිරුරු දහයක් සොයගෙන තිබේ. යාපනයේ චෙම්මනි මිනීවළ සොයා ගන්නේ 1999 යේ හමුදා කෝප්‍රල්වරයෙකු වන සෝමරත්න රාජපක්ෂගේ පාපෝච්චාරණයකට අනුවය.
පාසැල් සිසුවියක වන ක්‍රිෂාන්ති කුමාරස්වාමිව සමුහ දුෂණයකට ලක් මරා දමා ඇයව සොයා පැමිනි ඇයගේ මව, සොහොයුරා සහ අසල් වැසියාගේ ද ගෙල ලනුවකින් සිරකර මරා දැමිමේ චෝදනාවට ඉහත සදහන් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරිණ. රාජපකෂ 1995 වර්ෂයේ රජයේ හමුදුා යාපන අර්ධද්විපය නැවත අත්පත් කර ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ 400 ක පමන පිරිසක් මරා චෙම්මනි සිත්තුපාත්ති ප්‍රදේශයේ වළදමා ඇතැයි එම පරීක්ෂණවල දී හෙළි විය.

චෙම්මනි මිනී වළෙන් මතු අවුරුද්දකට අඩු දරුවෙකුගේ සිරුරක්
චෙම්මනි ප්‍රදේශයේ අහම්බෙන් ඇටසැකිලි මතු විමත් සමග 2025 මැයි 15 වනදා කැණීම් ආරම්භ කෙරිණ. ළමුන්ගේ අටසැකිලි හමුවිමත් සමග එම ස්ථානය අපරාධමය ස්ථානයක් ලෙස අධිකරණය මගින් නම් කර තිබේ. මේ වන විට කර ඇති කැණීම් වලින් ළමුන් ඇතුළු 63 න් දෙනෙකුගේ ඇටසැකිලි සොයා ගත් බව විමර්ශකයෝ පවසති.

1983 සිට 2009 දක්වා අතර කාලය තුළ සිදු වු බලහත්කාරි අතුරුදන් කිරීම් නිසා දස දහසකගේ පමන සිරුරු සමුහ වශයෙන් වළ දමා ඇත. මෙසේ වළ දමා ඇත්තේ දුරෛඅප්පා ක්‍රීඩාංගණය , යාපනයේ මිරුසුවිල් , කිලිනොච්චියේ ගණේපුරම් ,මුලතිව් පුදුකුඩිරුප්පු ,මුලතිව්,කිලිනොච්චිය , මන්නාරම් ,තිරුකේස්තීවරම් මන්නාරම් , කළුවන්චිකුඩි මඩකලපුව ,මන්නාරම් සහ යාපනයේ චෙම්මනි යන ප්‍රෙද්ශවලය. ඊට අමතරව මුලතිව්හි කොක්කුතොවායි මිනීවළෙන් සොයා ගත් මානව අස්ථී කොටස් ඇසුරෙන් කරන ලද මුලික විමර්ශන වලට අනුව එහි වළ දමා අත්තේ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සමාජිකයන් බව විමර්ශන සිදු කළ වෝහාරික විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේවයන් අධිකරණයට යවන ලද වාර්තාවේ හෙළි කර තිබේ. එම අස්ථි කොටස් සමග සයනයිඩ් කරල් සහ පතුරම් කොපු ද හමු වී ඇති අතර ඔවුන් මිය ගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරයකට ලක්ව බවත් හෙළි කර තිබුණි.

මන්නාරම සමුහ මිනීවළේ තිබි හමු වු මිනිස් ඇට සැකිලි සහ ඇදුම් පැලදුම්
2013 දී හා 2018 දී ස්ථාන දෙකකදී පිළිවෙලින් සිරුරු 18 ක් හා සිරුරු 318 ක් දරුවන් 28ක් ඇතුළුව මන්නාරමෙන් ගොඩ ගන්නා ලදී.
ආණ්ඩුව දකුණේ කැරැළි මර්දනයේ කරමින් 1971 දී 20,000කුත් 1988-89 කාලය තුල 60,000කුත් ඝාතනය කර දැමිණ. රත්නපුරේ සුරියකන්ද ,කුරුණෑගල නිකවැරටිය,මිනුවන්ගොඩ වල්පිට ගොවිපොල , ගම්පහ එස්සැල්ල , ගම්පහ වවුල්කැලේ ,කොළඹ හෝකන්දර ,කොළඹ බොල්ගොඩ වැව, මාතර විල්පිට ,මාතලේ සහ මහනුවර අංකුඹුර යන ස්ථාන වල තරුණයන්ව මරා වළ දැමු සමුහ මිනී වළවල් ලෙස හදුනාගෙන තිබේ.
දකුණේ මාතලේ සමුහ මිනීවලෙන් සිරුරු 155 ක් ගොඩ ගත්තේය. දේශීය නිරීක්ෂකයෝ ඒවා 1980 ගනන් අගදී සිදු වී ඇතැයි නිගමනය කළහ. ඒවායේ අස්ථී කොටස් කාබන් කාල නිර්ණය සදහා විදේශයකට යවන ලද අතර එම සිරුරු වළදමා ඇත්තේ 1950 පෙර වකවානුවට අයත් විදේශ නිගමනය විය. මෙය ගැටලු සහගත ය. තරුණයන් හැටදහසකට වැඩි ගණනක් මරා දමා හෝ බාගෙට මරා හෝ පනපිටින් ම මෙවන් සමූහ මිනීවල්වල වළ දමා ඇති බවට සාක්ෂි ඇත.
ධනපති ක්‍රමය වැළද ගැනීම
දකුණේ සහ උතුරේ කම්කරු- පීඩිතයන්ට සහ තරුණයන්ට එරෙහිව සමුහ වළවල් තැනෙන්නේ ධනපති පාලක පන්තිය කම්කරුවන් හා පීඩිතයන් අතීතයේ සටන් වැද දිනාගත් අයිතීන් කප්පාදු කරනවාට එරෙහිව ගෙන යන අරගල තලා දැමීමටය. උතුරේ පිඩිතයන් සම තැන ඉල්ලා සිටි අතර දකුණේ තරුණයෝ දේශපාලන ප්‍රතිසංස්කරන ඉල්ලා සිටියෝය. නමුත් එල්ටීටී වැනි සංවිධානවල වල වාර්ගික ජාතිකවාදය හා ජවිපෙ ප්‍රතිගාමී දේශප්‍රෙමී ව්‍යාපාර ඒවා ධනපති ක්‍රමය තුල ඒවා සිර කලේය. මොහුන් මාක්ස්වාදයට හතුරුය.
මෙම දේශපාලන ව්‍යපාර ඔපපාතිකව බිහි වු ව්‍යාපාර නොවන අතර සමසමාජ පක්ෂය 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවාදී ධනපති සභාගයට අතුල් විමේ ප්‍රතිවිපාකයක් ලෙස පැනනැගිණි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සුරියකන්ද සමුහ මිනීවළ බලය ගැනීම සදහා යොදා ගත්තේය. ජවිපෙ තලා දැමීමට සුක්ෂම ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහු දේශපාලන ප්‍රතිරූපය ගොඩනාගා ගැනීම සදහා අතුරුදන් වුවන්ගේ මව් පෙරමුණ අටවා ගත්තේය. උතුරේ ධනපති දේශපාලකයෝ රජයේ මැර හමුදා ගෙන ගිය සමුල ඝාතක යුද්ධයට රුකුල් දුන්හ . පසුව ඔවුන් සමුහ මිනීවළවල් පෙන්නා දෙමළ ජනයාගේ ජන්දය කොල්ල කෑහ. දකුණේ ධනපති නියෝජිතයෝ හෝ පක්ෂ කිසිම අවස්ථාවක උතුරේ සමුහල ඝාතනයන්ට එරෙහිව හෝ සමුහ මිනීවළවල් වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙය උතුරේ ධනපති පක්ෂ වලටත් ආදාළය.
1989 යේ දකුණේ තරුණ නැගිටීම තලා දැමීම සදහා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවට උතුරු -නැගෙනහිර එල්ටිටිඊ සංවිධානයට එරෙහිව නැගී සිටි ඊපිආර්එල්එෆ් , ටෙලෝ සහ ප්ලොට් ඇතුළු දෙමළ සංවිධාන කොළඹ රජයේ ලිපිකරු සේවක සංගමය වැනි ස්ථාන වල වධකාගාර පවත්වගෙන යමින් සහයෝගය දුන්නේය. ජවිපෙ මගින් දෙමළාට එරෙහිව ඝාතක කල්ලි සහ වධකාගාර පවත්වාගෙන ගිය බවට තොරුතුරු අනාවරණය වී ඇත.
අතුරුදන්වුවන්ගේ සමුහ මිනීවළවල් සම්බන්ධ පාලක පන්තියේ පිළිවෙත එකක්මය විය. මාතලේ මෙන්ම යාපනයේ මිරුසුවිල් ,කොක්කුතොවයි සහ චෙම්මනි සමුහ මිනීවළවල් කැණීම් වලදී මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය පහසුකම් නොදෙමින් සහ ඒ පිළිබද අවංක කැපවිමෙන් කටයුතු කළ මහේස්ත්‍රාත්වරුන් සහ වෝහාරික විශේෂඥයන් මාරු කරමින් එම පරික්ෂණ යට ගැසීමට පැවති සෑම ධනපති අනුප්‍රාප්තික පාලක පක්ෂයක් කටයුතු කර තිබිණ. ජනාධිපතිවරණයේදි මෙන් විශේෂයෙන් මහ මැතිවරණයේදි උතුරේ දෙමළ ජනයාගේ විශාල සහයෝගයක් ලබා ගෙන බලය පිහිටු ජාජබ/ජවිපෙ ආණ්ඩුව ද පීඩිතයන්ගේ මිණිවළවල් සම්බන්ධයෙන් ඉහත පිළිවෙතම හැර වෙනත් පිළිවෙත ඔවුන්ට ඇත්තේ නැත. 2024 ඔක්තෝම්බර් මාසයේ ජිනිවාහි පැවති මානව හිමිකම් සැසියෙදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුඑන්එච්සීආර් සංවිධානය පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ ජාජබ /ජවිපෙ ආණ්ඩු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ එම පිළිවෙතට අනුවය.
අවුරුදු 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 වනදා දෙමළ ජන සංහාරයකින් අවසන් කෙරිණ.යුද්ධය ඇති වීමට බලපෑ ප්‍රශ්න වලට ධනපති ක්‍රමය ඇතුලේ පේනමානයක විසදුම් නැත.
ලංකාවේ පාලක පන්තියට එරෙහිව දෙමළ ඩයස්පෝරාව එක්සත් ජාතින්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන කෙරේ විශ්වාසය තැබිය. එයට හරියට එළුවාගේ දෙපරන්ද අස්සෙන් ඇට දෙක වැටෙන කම් ගියා වැනිය. දෙමළ ජනයාට එරෙහිව යුද්ධය අවසන් වී අවුරුදු 16 ක් වන අතර චෙම්මනි සමුහ වළ සොයාගෙන අවුරුදු 26ත් ගත වී ඇතත් විදේශ බලපෑම් මගින් වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමට අසමත් වී ඇත.මෙම යුද අපාරාධ ලංකාවේ පාලක පන්තිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට විදේශ ධනපති පාලකයනුත් දෙමළ ධනපති හැතිකරයත් දකුණේ ධනපති පාලකයන්ට පීඩනය දමා තම වරප්‍රසාද ලබා ගැනීම සදහා යොදා ගත්තා මිස දෙමළ ජනයාට යුක්තිය ඉටු කිරීම එහි අරමුන වූයේ නැත..
ඇමරිකාව සහ ඊශ්‍රාලය විසින් පලස්තින ජනයාට එරෙහිව ගෙන ජන සංහාරය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ඊනියා ජාත්‍යන්තර මානුෂීය සංවිධාන වල පල්ල ගැලවී ගොස් ඇත. මේ වන විට පලස්තිනයේ දරුවන් 20000 ක් ඇතුළු පුද්ගලයින් 60000 ක් මරා දමා ඇති අතර පුද්ගලයින් 377000 අතුරුදන් කර ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ජාත්‍යන්තර නීති මුළුමනින් උල්ලංඝණය කරමින් පලස්තිනයට එරෙහි ගෙන ජන සංහාරක යුද්ධය හමුවේ එම සංවිධාන අධිරාජ්‍යවාදීන්ගේ එජන්තයන් බව ඔනෑවටත් වඩා හෙළි වී ඇති තතු යටතේ යුක්තිය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිම තරම් නිවටකමක් තවත් නැත.
දෙමළ ජනතාව සිය ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සදහා තවදුරටත් අධිරාජ්‍යවාදීන් කෙරෙහි හෝ සිංහල හෝ දෙමළ ධනපති පාලක පන්තිය කෙරෙහි හෝ විශ්වාසය තැබීම රැ වැටුණු වලේ දවල් වැටිමකි.චෙම්මනි ඇතුළු අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසදා ගත හැක්කේ ලෝක පරිමානව ධනපති ක්‍රමය පෙරළා දමා කම්කරු පන්තිය නිෂ්පාදනය ඇතුළු බෙදා හැරීම අතට ගැනීමෙන් පමණි.
වෙම්මනිය සමුහ මිනීවලේ අව්‍යාජ පරීක්ෂණයක් කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ස්වාධීන කමිටු අතට පත් කර ගත යුතුය. එවන් පරීක්ෂණ කමිටුවලට අවශය බුද්ධිමතුන් නීතිවේදීන් ඡන්දයෙන් පත් කර ගත හැකිය.හුදෙක් ආණ්ඩුවට බල පෑම් දැමීමේ ඊනියා උද්ඝෝෂණ පාලක පන්තියේ අත ශක්තිමත් කර ගෑනීමට කාලය හා අවකාශ ලබා දෙමින් මහජන අරගල දිය කර හැරීම හා තලා දැමීම සදහා සේවය කරන බව ඇති තරම් සනාථ වී ඇත.