කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

0
images (72)

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ඩි .ඒ. පෙරේරා පියතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පති එෆ්.එම් .සී. ප්‍රිගේරා ප්‍රියදර්ශනීගේ අත්තනෝමතික පාලනය නිසා එම පාසලේ විනය, අධ්‍යාපනය සහ ක්‍රීඩා බිද වැටී පාසල දුෂණය වී ඇතැයි ශාන්ත තෝමස් විද්‍යාලයේ දෙමව්පියෝ පවසති.

විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති පාසල් සංවර්ධන සමිතිය සහ ආදීශීෂ්‍ය සංගමය නොතකා අත්තනෝමතිකව කටයුතු කිරීම එම තත්වයට හේතු වී ඇතැයි දෙමව්පියෝ පෙන්වා දෙති. පාසැල් සංවර්ධන සමිතියට පාසලේ පරිපාලනය ගැන හෝ මුදල් ගැන කතා කිරීම තහනම් කර ඇති බවත් දෙමව්පියෝ පාසලේ පරිපාලන දුර්වලතා ප්‍රශ්න කළොත් දරුවන්ගෙන් පලි ගනිතැයි ඔවුන් නිහඩව සිටින බව මවක් අප සමග පැවසුවාය.

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

ශාන්ත තෝමස් විද්‍යාලයේ දැක්ම පාසල ඉදිරිපිට සටහන් කර ඇති අයුරු

මෙවර අපොස සපෙළ විභාගයට ළමුන් 105 ක් පෙනී සිට ඇති අතර සමත් වී ඇත්තේ ළමුන් 25 කි. එම ළමුන් 25 න් ඒ සමර්ථ අරගෙන ඇත්තේ එක් ළමයෙකු පමනයි.

පාසැල් භූමීයට අයත් ඉඩමෙන් අඩි 30 ක් පමන දිග අඩි 02 ක් පමන පළල බිම් තීරුවක් ව්‍යාපාරිකයෙකු විසින් අල්ලා‌ ගෙන සිටින බවත් විදුහල්පතිවරයා ඒ ගැන පොලිසියට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට පැමිනිලි කර නැතැයි දෙමව්පියෝ චෝදනා කරති . ශාන්ත තෝමස් විද්‍යාලයට අයත් භුමීයක් නම් එහි පාසලට අයත් නොවන ගොඩනැගිල්ලක් දෙමව්පියෝ චෝදනා කරන ආකාරයට ඉදිකර ඇත්නම් විදුහල්පතිවරය ඒ ගැන ආදළ බලධාරීන් දැනුවත් කර නීතිමය පියවර නොගන්නේ මන්ද?

අක්‍රමිකතා –

විදුහල්පතිගේ සහ විදුහල්පතිනියගේ තීරණ මත සැණකෙළියක් පවත්වන ලදී. එම සැනකෙළියට පාසල් සංවරධන අරමුලෙන් රුපියල් ලක්ෂ 7 1/2 ක් වැය කර ඇති අතර අඩුම තරමේ එම මුදලවත් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි දෙමව්පියෝ පවසති.

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

අදිනවා යැයි කියා මුදල් එකතු කර නොවදින ලොතරැයිය

පාසල් භූමියේ තිබු ගස් වගයක් කපා විකුණා ඇති අතර එම මුදල් වලට සිදු දේ ගැන දෙමව්පියෝ සාසල් සංවර්ධන සමිතිය දැනුවත් නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් ලක්ෂ 7 1/2 ක මුදලක් බලා දෙන පොරොන්දුව මත දවස් තුනක තරගයක් පවත්වන ලදී. වෙනදාට එම තරගය පවත්වනනේ දවස් දෙකකි. තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාල පැරදි ඇති අතර අවුරුදු 13 ක් රැක ගත් කුසලානයත් අහිමි වු බව දෙමව්පියෝ පවසති. ක්‍රිකට් පාලක මණ්ඩලය එම මුදල මේ වන තෙක් ලබා දී නැති අතර එම මුදල ඉදිරියේ දී ලැබීමට නියමිත බව පෙරේරා පියතුමාගෙන් අප දුරකතනයෙන් කළ සොයා බැලීමේදී පැවසුහ. එම තරගයට පාසැලේ ළමුන් කාලයක සිට මුදල් සහ කාලය වැය කර පුහුනුවිම් කළ ද පිට පාසල් ළමුන් එම තරගය සදහා යොදා ගත් බවට දෙමව්පියෝ චෝදනා කරති.

ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසල් ක්‍රිකට් සංගමයට ආධාර පිණිස ලොතැරැයියක් අදින ලද අතර එම ලොතරැයිය ඇදීමට නියමිතව තිබුනේ 2024 නොවැම්බර් 30 වනදාය. නමුත් මේවන තෙක් එම ලොතරැයිය ඇද දිනුම් ඇද නැතයි පවසති. දෙමව්පියෝ ලොතරැයිය විකුණා රුපියල් ලක්ෂ 5 1/2 මුදලක් පාසලට සොයා දී තිබේ. තැගි ප්‍රදානය කරන බව කියා මහජනයාගෙන් මුදල් එකතු කර , ලොතරැයිය දිනුම් අදින්නේ නැත්නම් අපකීර්තියට පත් වන්නේ පාසල බවත් පාසල් ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පියතුමා එහි සම්පුර්ණ වගකිම ගත යුතු බවත් දෙමව්පියෝ පවසති.

ශාන්ත තෝමස් විද්‍යාලයේ ළමුන් දෙකට බෙදිලා එම පාසලට අයත් ක්‍රීඩාපිටියේ ක්‍රිකට් ගැහුවා යැයි කියා එම ළමුන්ගෙන් රුපියල් 500 ක් අය කර ඇතැයි දෙමව්පියෝ චෝදනා කරති. ක්‍රිකට් තරගයක් පවත්වන්න ලක්ෂයක පමන මුදල් වැය වෙන බවත් පසු ගිය දින 13 පහල සහ 15 පහල ළමුන් දෙකට බෙදී පැවැත් වු තරගයට එක් ළමයෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අය කර ඇතැයි දෙමව්පියෝ චෝදනා කරති. මේ සදහා විනිසුරුවන් ලෙස යොදාගෙන ඇත්තේ ද පාසැලේම ළමුන් දෙදනෙකි.

පාසල අනාරක්ෂිත සහ අපිරිසිදුයි

විදුලි රැහැන් ඇද තිබෙන ආකාරය ඉතාම අනතුරුදායක බවත් සෑම තැනම කසල ගොඩගැසී ඇතැයි කී මවක් ළමුන්ට ඉගන ගන්න ඩෙස් පුටු නැති බවත් තිබෙන පුටු මේස කැඩි ඇති බවත් අප සමග පැවසුවාය. පාසල තුළ සම්පත් වල අර්බුදයක් තිබියදී , පාසලට ලග දී පැමිනි නැටුම් ගුරුතුමීයට ටයිල් කළ විශේෂ කාමරයක් ලබාදීමට පියතුමා උනන්දු වීම ගැන දෙමව්පියෝ විරෝධය පල කරති.

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

පාසලේ කැඩි ඇති ස්විචයක්

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති
කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

පාසලේ ගොඩ ගසා ඇති කුණු කසල

අපනශාලාව ටෙන්ඩර් කැදවීමකින් තොරව එක දිගටම එකම කාන්තාවකට පමනක් ලබා දී ඇති බවත් එම අපනශාලාව තුළ විෂමාචාර ක්‍රියා සිදු වන බවත් අපනශාලා හිමිකාරීය පාසලේ පරිපාලන කටයුතු වලට පවා මැදහත් වන බව දෙමව්පියෝ චෝදනා කරති.

පාසැලට දරුවෙකු ඇතුළත් කිරීම සදහා මුදල් අය කරනු ලබයි. එම මුදල දෙමව්පියන්ගේ කැමැත්තෙන් දෙන මුදලක් ලෙස සටහන් තබයි. සෑම අවුරුද්දකම පොලක් පවත්වා පාසලට මුදල් ලබා දිය යුතු අතර එම මුදල තීරණය කරන්නේ නියෝජ්‍ය විදුහල්පතිනියයි. බඩු විකුණා ලැබෙන මුදලින් එකි මුදල පිය විය නොහැකි නිසා දෙමව්පියන් අතින් දමා පාසලට එම මුදල් ගෙවති. උදාහරණයක් ලෙස ගතහොත් එම මුදල රුපියල් 25.000කි.

අවුරුදු 97 ක් කීර්තිමත් ඉතිහාසයක් ඇති ශාන්ත තෝමස් විද්‍යාලය විනය පිරිහුනු දුෂිත තැන බවට පත් කිරීම සම්බන්ධයෙන් අතීතයේ හිටපු විදුහල්පතිවරු , පාසල් සංවර්ධන කමිටු සමාජිකයන් , ආදී ශිෂ්‍ය සංගමය ,වර්තමාන විදුහල්පති සහ යෝජ්‍ය විදුහල්පතිනි සීගේරා ඇතුළු ගුරුවරු කිපදෙනෙක් ඊට වගකිව යුතු බවට දෙමව්පියෝ චෝදනා කරති.

ශාන්ත තෝමස් විද්‍යාලයේ දෙමව්පියන් කරන චෝදනා පිළිබද සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා අපි එම විද්‍යාලයේ වර්තමාන විදුහල්පති පෙරේරා පියතුමාට දුරකතනයෙන් කතා කළෙමු. පාසලේ දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද පියතුමාගෙන් ප්‍රශ්න කරද්දී, පාසල ගැන ප්‍රශ්න කරන්න තමුන්ට ඇති අයිතිය කුමක්දැයි අපෙන් ප්‍රශ්න කර සිටි අතර තොරතුරු දුන්නේ කවුදැයි විමසුහ. මාධ්‍ය ආචාර ධර්ම අනුව තොරතු ලබා දුන්නේ කවුද යන්න කියන්ට අපි බැදි නැති බවත් කතෝලික සභාවෙන් පාලනය කළත් මහජනයාගේ බදු මුදල් වලින් පඩි ලබන ගුරුවරුන් සිටින පාසලක සිදු වෙන අක්‍රමිකතා සොයා බලන්නට අපිට අයිතියක් ඇති බව පෙන්වා දුන්නේමු.

දෙමව්පියන් විසින් සිදු කරන ලද, ඉහත චෝදනා සියල්ල ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

“කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පරිහානිය සම්බන්ධව “යැයි ලිපියක් අගමැති සහ අධ්‍යාපන, උස්ස අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමති හරිනි නිරේකා අමරසුරියගේ අවධානය පිණිස එම විද්‍යාලයේ දෙමව්පියන් විසින් යවා තිබිණ.

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

\

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය පිරිහීමට විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වගකිව යුතු බව දෙමව්පියෝ චෝදනා කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *