හිරෝෂීමා,නාගසාකි ඛේදවාචකයට වසර 80 සමරන අවස්ථාවේ අපි ගාසා හි පලස්තීන මානව සංහාරයට මුහුණ දී සිටිමු !

0
030fdfda-26af-405a-9062-52bbe2d2d1e0
හිරෝෂීමා,නාගසාකි ඛේදවාචකයට වසර 80 සමරන අවස්ථාවේ අපි ගාසා හි පලස්තීන මානව සංහාරයට මුහුණ දී සිටිමු !

 සරත් මද්දුමාගේ විසිනි

“ස්වීට්සර්ලන්තය සිය ඓතිහාසික යුතුකමක් සහ වගකිමක් උල්ලංඝණය කරමින් සිටි. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර්මාතෘ හෙන්රි ඩූනන්ට්ගේ රට ස්වීට්සර්ලන්තයයි. ඔහු තම සොහොනෙන් අවධි වෙන්න පුළුවන්. එසේම එය මානුෂීය නීති ක්‍රියාත්මක වන රටක්. සියවස් දෙකක යුද්ධයෙන් මිනිසුන් අඩුවෙන් දුක්විදපු සහ කැපවූ රටක් . වර්තමානයේ නිල ස්විට්සර්ලන්තය තම මානූෂීයවාදී ඉතිහාසයටත් , එහි මානූෂීයවාදී ජනතාවටත් කෙළ ගසමින් සිටී. එය ලැජ්ජා සගගතයි “

යනුවෙන් පැවසුවේ ඊශ්‍රාලය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් ගාසාවේ බටහිර ඉවුර ඇතුළු ප්‍රදේශ ගැන සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වන ෆැන්සිස්කා අල්බයිනිස් (Franceca Albanese) Republic online මැගසීනය සමග පැවති සම්මුඛ සාකච්ජාවේදීය. පසුගිය ජූලි මාසයේ ස්වීට්සර්ලන්තයේ බර්න්න්වින්ශ්ව විද්‍යාලයේ අල්බයිනිස් සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම් ඇග්නස් කොල්මරාඩ් ( Agnes Callamard) ” ගාසා හී යුද්ධය පිළිබද පැවති සාකච්ජාවකට සහභාගි වීමට සිටි අතර ” සාකච්ජාව සමබර නැතැයි විශ්ව විද්‍යාල බලධාරීන් විසින් ඊට අවසර දී නැත. (www.republik.ch/2025/07/03/callamard-albanese-die-schweiz-spuckt-auf-ihre-geschicht)

හිරෝෂීමා,නාගසාකි ඛේදවාචකයට වසර 80 සමරන අවස්ථාවේ අපි ගාසා හි පලස්තීන මානව සංහාරයට මුහුණ දී සිටිමු !

පසුගිය අගෝස්තු 9 දා (2025.08.09 ) ස්වීට්සර්ලන්තයේ Museum Henry Dunant පරිශ්‍රයට ජනතාව එක්වූයේ ාගසාකී වෙත ඇමරිකන් න්‍යෂ්ටික බෝම්බය හෙළා සිදුකළ මානව ඛේදවාචකයට වසර 80 ක් පිරීම නිමිත්තෙන් ඒ ගැන සැමරීමටය. එදින එම සැමරුමේ විශේෂ ආරාධිතයා වූයේ ස්වීට්සර්ලන්තයේ ජපාන තානාපති Bern Yoshinori Fujiyama මහතාය.

හිරෝෂීමා,නාගසාකි ඛේදවාචකයට වසර 80 සමරන අවස්ථාවේ අපි ගාසා හි පලස්තීන මානව සංහාරයට මුහුණ දී සිටිමු !

Appenzell Ausserrhoden ප්‍රාන්තයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් ඊට සම්බන්ධ වී සිටියහ. එම සිහිකිරීම සිදු කරන ලද්දේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර්මාතෘ හෙන්රි සහ පලමු නොබේල් සාම ත්‍යාගය ලාභීයා ඩුනාට් ජීවත්වූ නිවස එය විම විශේෂත්වයකි.  ( එය වර්තමානයේ හෙන්රි ඩුනාට් අනුස්මරණ කෞතුකාගාරය වෙයි).

තවද නාගසාකි න්‍යෂ්ටික බෝම්බයෙන් විනාශ වූ දේවස්ථානයක විනාශ නොවු ඝාන්ඨාරයේ අනු පිටපතක් එහි සවිකර ඇත. න්‍යෂ්ටික අවි හරණය ලොවට වැදගත් වනුයේ එයින් කිසිදු රටකට ආරක්ෂාව ලැබිය නොහැකි වන නිසාවෙන්නය . න්‍යෂ්ටික අවි ලෝකයට විනාශය මිස ආරක්ෂාව ගෙන නොදෙයි.

පිළිගැනීමේ කතාව හෙන්රි ඩුනාට් කෞතුකාගාර සංගමයේ  සභාපති Andreas Ennulat විසින් සිදුකල අතර සභාව ඇමතු සෙසු අය වූයේ Marianne Kürsteiner (ippnw Schweiz) සමාජ වගකීම සහ න්‍යෂ්ටික යුද්ධ වැළැක්වීම සඳහා වෛද්‍යවරු Robert Diethelm  Heiden මහ නගර සභාවේ සභාපති සහ සාමය සඳහා නගරාධිපතිවරු වෙනුවෙන්  Mayors සහ Hansueli Reutegger (Landammann AR) කතා කළේය. Florian Eblenkamp (ICAN)විසින් ආරාධිත කතාව සිදුකළ අතර එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම පිළිබඳ මහජන ඡන්දයක් දිනවීමේ වැදගත්කමද එහිදී අවධාරණය කළේය. www.icanw.org/new_swiss_initiative_calls_for_popular_vote_on_un_nuclear_weapons_ban_treaty

හිරෝෂීමා , නාගසාකි මානව  ඛෙදවාචකයයේ 80 වැනි වසර සිහිකරන මේ මෙහොතේ, මුලු ලෝකයම 21 සියවසේ මානව ඛේදවාචකයක් සජීවීව නරඹමින් සිටී. ඒ ඊශ්‍රායල් -ඇමරිකන් ෆැසිස්ට් සන්ධානය පලස්තීන ජනයාට එරෙහිව ගාසා හී ගෙනයන වාර්ගික සංහාරයයි.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහලේකම් Agnès Callamard ගාසා හී පලස්තීන ජන සංහාරය පිළිබද මෙසේ කියා සිටී. ” අපි නව යුගයකට පිවිසෙමින් සිටිමු. ගාසා තීරය අපේ මනුෂ්‍යත්වයේ සුසාන භූමියකි, පලස්තීනුවන්ට සුසාන භූමියකි, ජාත්‍යන්තර මානුෂීය නීතියේ සුසාන භූමියකි. අපි ලොව පුරා විකාශනය වන අවමංගල්‍යයක් නරඹමින් සිටිමු. ජාත්‍යන්තර මානුෂීය නීතිය වළලන රටවල් එසේ කරන්නේ දැනුවත්වය”

හිරෝෂීමා,නාගසාකි ඛේදවාචකයට වසර 80 සමරන අවස්ථාවේ අපි ගාසා හි පලස්තීන මානව සංහාරයට මුහුණ දී සිටිමු !

ලෝකයේ කිසිදු මානව නීතියකට සම්මුතියකට ගරු නොකර ගෙන යන එම ජන සංහාරය නතර කිරීමට ලෝකයේ බලවතුන් යැයි කියාගන්නා වුන්ට නොහැකිවී ඇත.

එම ජන සංහාරයට එරෙහීව ලෝකයෙන් නැගී එන විරෝධය සහ පිළිකුල හමුවේ දැන් දැන් සුළං හමන දිසාව වෙනස් වෙමින් පවතින නමුත් , පලස්තීන ජන සංහාරය නතරකර , යුද්ධයෙන් තොරව පලස්තීනුවන්ට නිදහස සහ ඊශ්‍රායල් වැසියන්ට ආරක්ෂාව සැලසෙන දේශපාලන විසදුමකට ඊශ්‍රායල් ෆැසිස්ට් ආණ්ඩු රැගෙන ඒ මේ බලපැම කළ හැක්කේ ලොව පුරා සිටින කම්කරු – පීඩිත ජනයාට පමණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *