පලසතීනයට එරෙහි අශුද්ධ සන්ධානයේ දේශපාලන අභිලාෂයන්

0
WhatsApp Image 2025-08-15 at 21.02.45

සරත් මද්දුමාගේ විසිනි.

ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍යයේ මිතුරන් වූ මාලීමා ආන්ඩුව ” පලස්තීන සහයෝගීතාවයට රැලි සංවිධාන කිරීම් / සහභාගීවීම් ඇතුලේ, පලස්තීන ජන සංහාරයට එරෙහි ලාංකීක ජනයාගේ විරෝධය කළමණාකරණ මොසාඩ් – මාලීමා මෙහෙයුමක් ක්‍රියාත්මක දැයි බරපතළ සැකයක් මතු වෙයි.

මොසාඩ් එවැනි වැඩ වලට ලොව කෙළපැමි‌යෙකි. නිදහස් පලස්තීන රාජ්‍යයක් බිහිවීම වැලැක්වීමට ආරම්භයේ සිටම හමාස්ලට සහාය දුන් ඊශ්‍රායලය දැන් හමාස්ලට විරුද්ධව ISIS ත්‍රස්තයින් ආයුධ දී ඝාසා හී ස්ථානගත කර තිබෙි.

මේ වන විට ඊශ්‍රායල් ත්‍රස්ත හමුදාවන්ට නිවාඩු ගැනීමට ආරක්ෂිත මධ්‍යස්ථානයක් බවට ලංකාව යොදාගෙන ඇත.

ඊට වරදාන ලෙස පලස්තීනුවන්ගෙන් උදුරාගන්නා කෘෂි ඉඩම් වල කම්කරුවන් ලෙස සහ පලස්තීන ජනයාගේ භූමියේ ඊශ්‍රායල් කොළණි ඉදිකිරීමට කම්කරුවන් ලෙස ලාංකීකයින් පැටවීමේ මිනිස් ජාවාරමටද ආණ්ඩුව සම්බන්ධ වී සිටි.

ඊශ්‍රායලයට කම්කරුවන් සැපයීම සිදු කරන්නේ එහි ක්‍රියාත්මක මිනිස් ජාවාරම් මාෆියා විසිනි. ගාසා යුද්ධයට පෙර එසේ සපයන පලස්තීන කම්කරුවන්ගේ වැටුපෙන් 1/3 ක් අදාල මාෆීයාවන් විසින් කොල්ල කති. ලාංකීක ලාබ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් ගසාකන මුදල ඊට වැඩිය.

ඇමරිකන් – ඊශ්‍රායල් පැසිස්ට් සංධානයේ පැත්තේ සිටගනිමින් ” පලස්තීන ජන සංහාරයට එරෙහිවූ මුස්ලිම් තරුණයින් ඉලක්ක කර ” ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි මාලීමා ආණ්ඩු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට අර අදින සෙයක් පෙනේ.

එකක් පලස්තීන ජන සංහාරයට එරෙහි මහජන විරෝධය තම පාලන සීමාවේ රඳවා ගැනීම සහ දෙවැන්න ආණ්ඩුවෙන් ගැලවි යන මුස්ලිම් තවදුරටත් රැක ගැනීමටය.

පලස්තීන ජන සහයෝගීතාවය බිමල්ලාගෙන් ජාතීවාදී විමල්ලාගේ කල්ලිය අතට යෑමද මාලීමා ආණ්ඩුවේ කලබලයට හේතුවක් විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *