ආණ්ඩුව ලබ්බට තැබු අත පුහුලටත් තබයි -මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය

ජනාධිපති අනුර කුමාර දිසානයක ,ටිල්වින් සිල්වා ඇතුළු ජයසිංහලා අද වපුරපු දේවල් තමයි අනාගතයේ නෙලා ගන්නේ වෙන්නේ. වී වපුරලා තල හෝ මුං නෙළා ගන්න බැහැ. ආණ්ඩුවට එරෙහිව මත දරණ අයගේ දේහපාලන අයිතිවාසික්ම තලා දමලා මැඩපවත් වලා යම් කාලයක් බලය හොබවන්න පුළුවන්.හැබැයි අනාගතයේ ඒ සන්තැසීයටම ජවිපෙට මුහුණ දෙන්න සිදුවෙන බව මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය පෙන්වාදුන්නේය.
ජවිපෙ හිතාගෙන ඉන්නවා හැමදා බලයේ ඉන්න. ආණ්ඩු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න කොටම අපි දැන හිටියා කම්කරු-පීඩිත ජනයා තලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා . ලබ්ට තැබු අත අනිවාර්යෙන් පුහුලට ද තබන බව අපි කලින් දුටුවා යැයි විජේසුරිය පැවසීය.
පෙරටුගාමි පක්ෂයට අයත් ගම්පහ යක්කල කාර්යාලයට ආණ්ඩුවේ පැසිස්ට් නඩ කඩා වැදිලා එහි සිටි පිරිස් වලට පහර දීලා කාර්යලයාලය බලහත්කාරයෙන් අත්පත් කර ගන්නවා. ආණ්ඩුවට කම්කරු -පිඩිත ජනතාවගෛ් ප්‍රශ්න විසදන්න අපොහොසත් තත්වයක් ඇතුළේ ආණ්ඩුු ප්රජාතන්ත්ර විරෝධී දිසාවට තල්ලුවෙම්න් සිටිනවා. මේ රටේ කම්කරු -පීඩිත ප්රගතිශීලි ජනතාව එම ප්‍රහාරයට එරෙහි විය යුතු බව විජේසුරිය අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ ජවිපෙ පැසිස්ට් නඩ පෙරටුගාමී සමාජිකයින්ට අමානුෂික ලෙස පහර දී කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අද (03) සවස පැවති ප්රවෘත්තී සාකච්ජාවේ අදහස් දක්වමින්ය.
මාධ්‍යවේදී විජේසුරිය වැඩිදුටත් මෙසේ පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය අරගෙන පෙරටුගාමීන්ට එරෙහිව දියත් කළ පලමු ප්‍රහාරය මෙය නොවෙයි. මිට පෙර හම්බන්තොට ජවිපෙ මැර පිරිසක් පෙරටුගාමි පක්ෂය සංවිධානය කළ ගොවි සම්මන්ත්‍රණයකට කඩා වැදි එය සංවිධානය කළ සහෝදරවරුන්ට තර්ජනය කරලා සැරසිලි හා කටවුට් සියල්ල කඩා දැමුවා. එම මැර පිරිසම විරවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයට පොලිසිය සමග කඩා වැදි දේශන නතර කරන්නැයි තර්ජනය කළා. පසු ගිය දින මහරගම දි අයි.එම්.එෆ්. වැඩ පිළිවෙලට සහ ඉන්දිය මැදිහත් විමට එරෙහිව මහරගම පවත්වපු උද්ඝෝෂණයට පොලිසිය කඩා පැනලා කටවුට් කඩා දැම්මා විතරක් නොවෙයි එය සංවිධානය කළ පෙරටුගාමි සහෝදරවරු අත්අඩංගුවට ගන්න උත්සහ කළා. ආණ්ඩුව තමන්ගේ අර්බුදය තීව්ර වෙද්දී, ප්රජාතන්ත්ර විරෝධී දිසාවට තල්ලු වෙමින් සිටිනවා. අපි මේ ප්රජාතන්ත්ර විරෝධී කඩිප්පුලි වැඩ අපි ඉවසන්නේ නැහැ .මහජනයා ඉවසන්නෙත් නැහැ.
යක්කල කාර්යාලය ජවිපෙට යම් හිමිකමක් තිබුණා නම් එය විසදා ගන්න තිබුණේය නීතිමය ක්‍රියාවලිය ඇතුළේ මිස නීතියට පිටින් මැර බලයෙන් නොවෙයි. ආණ්ඩු බලය හොබවන ජවිපෙ ධනපති නීතියට පවා නොතකා හරිමින් අත්තනෝමතිකව බලය අවභාවිතා කිරීමක් ලෙස තමා යක්කල කාර්යාලය පැහැර ගන්නේ. එම සංසිද්ධිය ප්රජාතන්ත්ර විරෝධී පැසිස්ට් ක්‍රියාවක් විධියට තමයි අපි දකින්නේ.
“ආණ්ඩුවේ පැසිස්ට් නඩ පෙරටුාමි සමාජිකයින්ට පහර දී කාර්යාලය අත්පත් කර ගනී” යනුවෙන් ස්කයි නිවිස් වෙබ් අඩියේ ප්‍රවෘත්තිය ඵල කළා. මහින්ද ස්කයි නි් වට්සඇප් කණ්ඩායමේ ඉන්නවා. එම ප්රවාත්තීය මම ජයසිංහටත් යැව්වා. ඇස් වලින් කදුළු පනින සිනාවක් සහිත මුහුණ ප්රවෘත්තීය යටින් දාලා තිබුණා. මේක තමයි මේගොල්ලන්ගේ ඇත්ත දේශපාලන ස්වභාවය. .වික්‍රමසිංහ ගන්න කොට ලංකාවේ ආර්ථික දේශපාලන අර්බුදය උත්සන්නව පැවති තත්වයක්. තැපැල් සේවකයෝ ඉල්ලීම් 19 මුල් කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතිරණ වෙලා සිටි මොහෙතක් .රජයේ සේවයේ වැටුප් සහ අත්තිකාල ප්රශ්නය අළු යට ගින පුපුුුරු මෙන් කුමන මොහෙතක ඇවිලෙන් පුළුවන්. තැපැල් ප්‍රශ්නයේදි ඇමති නලින් ද ජයතිස්ස හැසිරුනේ හිතුවක්කාරී අත්තනෝමතික නරුමයෙක් විධියට. තැපැල් සේවකයේ වැඩට නාවොත් මේ මාසයේ උපයා ගත් වැටුප දෙන්නේ නැහැ. වැඩට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකනවා යැයි ඔහු තර්ජනය කළා. අගොස්තු 22 සවස ආණ්ඩුව තැපැල් සේකයන්ට එරෙහිව හමුදා උසිගන්වලා තැපැල් සේවකයන්ගේ බලවත් විරෝධය හමුවේ තැපැල් මළු බෙදා හරින්නට ආණ්ඩුව කටයුතු කළා. එදින සවස කඩිමුඩියේ වික්රමසිංහවත් අත්අඩංගුවට ගන්නවා.
ඔහුට එරෙහිව බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් මෙන්ම මහ බැංකු මංකොල්ලයට සම්බන්ධයෙනුත් බරපතළ චෝදනා එල්ල වෙලා තියෙනවා. ආණ්ඩුව සිහිනෙන් අවදි වෙලා ඇවිල්ලා වගේ හදිස්සියේ වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නේ පන්ති අරගලය මුදුන් වෙමින් පැවති තත්වයක් ඇතුළේ. රජයේ අංශයේ කම්කරුවෝ වගේම ගොවියෝ ආණ්ඩුවට එරෙහිව යුද ප්‍රකාශ කරලා තිබෙන මොහොතක් වගේම අයි.එම් .එෆ්. මිලේච්ජ වැඩ පිළිවෙලට එරෙහිව මහජන විරෝධය ගොනුවෙමින් පවතින මොහොතක. අනෙක් පැත්තෙන් කම්කරු -පීඩිත මහජනයාගේ කිසිදු සමාජ ප්‍රශ්නයක් විසදන්නට අසමත් තත්වයක් යටතේ තමා වික්රමසිංහව අත්අඩංගුවට ගන්නේ. විශේෂයෙන් තැපැල් සේවකයන්ට එරෙහිව මිලිටරිය යොදගෙන ආණ්ඩුව ගෙන යන මර්දනය මහජන අවධානයෙන් වෙනතකට හැරවිමටත් ලංකාවේ ධනකුවේරයන්ගේ නියෝජිතයෙකු මෙන්ම ඇමරිකන් ගැත්තෙකු වන වික්‍රමසිංහට අතපෙවිමෙන් කම්කරු – පීඩිත මහජනයා භය කර තබා ගැනීමටත්. දැන් පැහැදිලියි ලබ්බට තැබු අත දැන් පෙරටුගාමින්ට තියලා තියෙනවා. වික්රමසිංහව හදිස්සියේ අත්අඩංගුවට ගන්නවා. පෙරටුගාමි කාර්යලයේ හිටපු සහෝදරවරුන්ට අමානුෂික ලෙස පහර දීලා ,කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන හැසිරුනෙත් මේ ආකාරයටම තමා. 1978 හයෙන් පහක බලයක් අරගෙන මුලින්ම කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසී කළා.ජේ.ආර්. ප්රජාතන්ත්රවාදය හැකිලිම බණ්ඩානායකගෙන් පටන් අරගෙන 1980 වැඩ වරජනය තලා දැමුවා 1983 කළු ජුලිය ඇති කරලා දෙමළ සංහාරයකට පාර කැපුවා. එදිරිවීර සරත්චන්ද්රලාට කාණු පල්ලේ දාගෙන පහර දුන්නා. 1987 මහජන විරෝධය නොතකා හින්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඊට එරෙහි වු දහස් තරුණයන් මරා දැමුවා. අද ජනතා විමුක්ති පෙරමුණ හැරෙමින් සිටින්නේ බොනපාට්වාවාදී පැසිස්ට් දිසාවට. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ධනපති සම්භවයක් සහිත පක්ෂයක් නොව ගැමි ගොවි ජනතාව අතරේ වැඩුණු පක්ෂයක් . අද ධනපති දේපොල දිවිහිමියෙන් ආරක්ෂා කරන ධනපති පක්ෂ දිසාවට ගමන් කොට තිබෙනවා. ධනපත් පක්ෂයක ලක්ෂණ අතරේ ගැමි ගොවි පසුගාමී මෘගත්වය තමයි අද ජවිපෙ අනෙකුත් පක්ෂ වලට සහ කණ්ඩායම් වලට පෙන්නමින් සිටින්නේ. ධනපති ප්රජාතන්ත්රවාදයවත් ක්‍රියාත්මක නොවු පක්ෂයකින් ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටිම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.
මෙම මිලේචිජ ප්‍රහාරයට කොන්දේසි විරහිතව අපි හිටගත යුතුයි. මේ ප්‍රහාරය පෙරටුගාමින් එල්ල කළ ප්‍රහාරයක් නොව සමස්ත ප්රජාතන්ත්රවාදයට එල්ල කළ ප්‍රහාරයක්. මේක පෙරටුගාමී සහ ජවිපෙ අතර ප්‍රශ්නයක් කියලා අපි මගහැර සිටියොත් එම පැසිස්ට් නඩ අප කරාද පැමිනිය හැකි.
මේ මර්දනය පටන් ගත්තේ මාධ්‍ය නිහඩ කරලා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්තී සාකච්ජාව සදහා පමනක් අනිවාර්ය කළ රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවේ හැදුනුම්පත අද වෙන කොට රජයේ සියලුම මාධ්‍ය ආවරණ කටයුතු සදහා රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරලා තියෙන්වා. මම රජයේ ප්රවෘත්තී දෙපාර්තමේනතුවේ අනිවාර්ය කිරීමට එරෙහිව කතා කරන කොට මාධ්‍ය සමාජය හාස්‍යයෙන් තමා මා දෙස බැලුවේ. නමුත් රජයේ උත්සව සහ වෙනත් අමාත්‍යංශ වල මාධ්‍ය ආවරණ කටයුතු සදහා සහභාගි විය හැක්කේ රජයේ හැදුනම්පත හිමි රජයේ මාධ්‍ය වහලුන්ට පමණයි. වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ රජයේ හැදුනුම් පත නැහැ කියලා කොටුව උසාවි භුමියට යන්න දුන්නේ නැහැ.
ජාජන/ජවිපෙ ආණ්ඩුව බලයට ආවේ මහජනයාට සුරපුරයක් පෙන්නලා. විශේෂයෙන් දුෂණ වංචා නැති කරනවා කිව්වා. මහජනයාගෙන් කොල්ලකා ගත් දේපල නැවත රජයට පවර ගන්නවා කියලා. නමුත් හොරුන්ගෙන් අද වෙනකම් පවරත් දේපලක් නැහැ. අත්අඩංගුවට ගන්නවා විතරයි.
අද ආණ්ඩුවට කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයක් විසදන්න බැරි තත්වයකට මුුණ දීලා ඉන්නවා. විශේෂයෙන් ඇමරිකාව ඇතුළු යුරෝපය තුළ පලස්තිනය එරෙහිව ඊශ්‍රායලය ඇතුළු අධිරාජ්‍යවාදීන් ගෙන යන මිලේච්ජ යුද්ධයට එරෙහිව දසදහස් ගණන් ජනයා පෙළපාලින යන අතරම එම රට වල බදුබර බර පටවමින් ගෙන යන සමාජ කප්පාදු වැඩ පිළිවෙලට එරෙහිව කම්කරු -පීඩිත ජනයා පෙළගැසෙමින් සිටිනවා. ධනපති පද්ධතිය ඇතුළේ ලෝක පරිමානව කම්කරු -පීඩිතයින් මුහුණු දෙන ප්‍රශ්නයට ඒ ආකාරයෙන්ම ලංකාවේ කම්කරු -පීඩිතයින් මුහුණ දෙමින් සිටිනවා . අයි.එම්.එෆ්. මිලේච්ජ කප්පාදු වැඩ පිළිවෙලට එරෙහිව මහජනයා සංවිධානය කරන ව්‍යාපාර මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් ජාජබ /ජවිපෙ ආණ්ඩුවට නැහැ.
ජාජබ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් නිපුනාරච්චි කියනවා අපට අවුරුදු පහකට බලය දීලා තියේනවා කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් අවුරුදු පහකට තමා බලය දුන්නේ. නමුත් මහජන ප්‍රශ්න විසදන්න බැරිව මහජනයාට එරෙහිව මර්දනය කැදවන්න ගිහිල්ලා කම්කරු-පීඩිත මහජනයා ගෝඨාභයව ගහලා පැන්නුවා. ඒ ගහලා එළවපු සටනේ අපිත් හිටියා. අපි පැහැදිලිව කියනවා මහජනයා ආන්ඩුවට අවුරුදු පහක් බලය දීලා තියේනවා . ඔව් එක ඇත්ත. හැබැයි මේ විධියේ ප්රජාතන්ත්ර විරෝධී වැඩ වලට ආවොත් අනිවාර්යෙන් මහජනයා ගහලා එළවනවා. අපි එකට නායකත්වය දෙනවා. මහජනයා හාමතේ තියලා ප්රජාතන්ත්රවාදය හකුලන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ගාලුමුවදොර අරගලය මෙතැන ඉන්න බහුතරයක් සහෝදරවරු නායකත්වය දුන්නා. නමුත් අපි එහි දිසානතිය වෙනස් කරන්න අපි අසමත් වුණා. නමුත් ඉදිරියේදී මොනතරම් දුෂ්කරතා සහ මර්දනයක් ආවත් ජාජබ /ජවිපෙ ආණ්ඩුවේ කම්කරු පන්තියට හතුරු ප්රජාතන්ත්ර විරෝධී ගමන අවසන් කරන්න අපි මහජනයා පැත්තේ හිට ගන්නවා.