ආණ්ඩුවේ පැසිස්ට් නඩ, පෙරටුගාමී සමාජිකයින්ට පහර දී කර්යාලය අත්පත් කර ගනී !

පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගම්පහ යක්කල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එම පක්ෂ කාර්යලයට අද (02) උදේ කඩු පොලු රැගෙන කඩාවැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් කාර්යාලයේ සිට පිරිසට පහර දී එම කාර්යාලය බලෙන් අත්පත් කර ගෙන ඇත.
කාර්යාලයේ සිටි පිරිසට පහර පළවා හැර පෙරටුගාමි කාර්යාලය අත්පත් කර ගැනිම සදහා සීයක පමන මැර පිරිසක් පැමින අති අතර එම මැර පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ජවිපෙ සහ ජාජබයේ ප්‍රදේශීය ක්‍රියාකාරින් ,ආණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත් වෙති.
මෙම මැර පිරිස කාර්යාලයට පහරදිම සදහා පැමින ඇත්තේ පොලිස් ආරක්ෂාව ද ඇති වන අතර එම මිලේච්ජ පහර දීම සිදු වන අවස්ථාවේ පොලිසිය කිසිදු මැදිහත්විමක් නොකල බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය චෝදනා කරයි.
මැරයන් කාර්යාලයට කඩාවැදි පහර දෙන අවස්ථාවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට ද එම කාර්යාලයේ සිටි ඇති අතර මැරයන් පහර දීම නිසා ඔහු ද තුවාල ලබා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ 2012 කණ්ඩනයේ ප්‍රතිළුලයක් ලෙස පෙරටුගාමි සමාජවාදි පක්ෂය බිහි විය .එම කණ්ඩනයත් සමග පෙරටුගාමින් සතු වු එම කාර්යාලය අවුරුදු 14 පමන කාලයක් පෙරටුගාමින් පක්ෂ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ. එසේ අවුරුදු 14 පවත්වාගෙන ආ කාර්යාලය නඩු තීන්දුවක් ඇතැයි කියා මැර පිරිස් යොදා කාර්යලය පැහැර ගැනීම ප්රජාතන්ත්ර මෙන්ම නීතියට පටහැනි බව සුජිත් කුරුවිට මාධ්‍යයට අදහස් දක්වමින් පැවසා තිබුණි.
කුරුවිට වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය
යම් ස්ථානයකින් ඉවත් කරනවා නම් නිත්‍යානුකුලව ෆිස්කල් නියෝගයක් අරගෙන ඇවිත් ඉවත් කරන්න තිබුණා. පක්ෂ කාර්යාලයේ තමට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තකාලය සතු පොත්පත් විශාල ප්‍රමානයක් තිබෙනවා. ආණ්ඩු රජයේ කාර්යාල ශුද්ධ කරනවා කියලා (cleaning Sri lanka ) පටන් ගත් ශ්‍රී ලංකාව පිරිසිදු කිරීමේ ව්‍යපෘතිය දැන් තමන්ට විරුද්ධ මත දරණ දේශපාලන පක්ෂ වල කාර්යාල වලට පහරදීමට පාවිචිච් කිරීම පිළිකුල් සහගතයි.
