2022 ලංකාවේ අරගලය වඩා නේපාල අරගලය ඉදිරියට ගමන් කළ ද එම අරගල දෙකම අවසන් වුයේ ධනපති ආණ්ඩුවකට මග පාදමින්

විශ්වරාජ ශන්කර් විසිනි.
මෑතකදී නේපාල් කැලැන්ඩරයේ 2082 භද්‍රා 23 වන දින (2025.09.08 ) නේපාලයේ වයස අවුරුදු 14 ත් 28 ත් අතර තරුණයින් සම්බන්ධ වූ අද්විතීය ව්‍යාපාරයක් පැවැත්විණි.
මෙම ව්‍යාපාරය ජෙන්ජි ව්‍යාපාරය ලෙස හැඳින්විණි. එය 1950 සිට 2005 දක්වා නේපාලයේ දේශපාලන හා සමාජ ව්‍යාපාරවල ඉතිහාසය උඩු යටිකුරු කෙරිණ.

අරගලකරුවෝ නේපාල් පාර්ලිමේන්තුවට ගිනි තබන අයුරු.
එම දේශපාලන ව්‍යාපාර වලට වඩා මෙම GNG ව්‍යාපාරය බෙහෙවින් වෙනස් විය. නේපාලයේ පැතිර ගිය දූෂණය දේශපාලන නායකයින්ගේ සුඛෝපභෝගී ජීවන රටාවට සහ ඔවුන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජිවිතය එම අරගලයට මඟ පැදිණි.
සාමාන්‍ය ජනතාව ඉතා දුක්ඛිත තත්වයේ පහලම අඩියේ ජිව.ත්ටි වු අතර මුණුබුරන් පරම්පරා කිහිපයක් මෙම පැතිරුණු දූෂණය, දුරාචාරය සහ ජනතාවගේ පීඩනයට එරෙහිව සටන් වැදුනහ
රජය, ආරක්ෂක ආයතන සහ මහජනතාව සිතූ දෙයට වඩා වෙනස් ආකාරයකින් ව්‍යාපාරය ඉදිරියට ගියේය. තරුණයින් ලක්ෂ ගණනකගේ පෙළපාලිය තරුණ උද්යෝගයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ළඟා වූ අතර එහි දී ආරක්ෂක නිලධාරීන් ඔවුන් සමඟ ගැටෙන ලදී.
ආරක්ෂක නිලධාරීන් විසින් තරුණයින් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන කෙරිණ. ඉන්පසු, ව්‍යාපාරයෙන් පැය 27 ක් ඇතුළත, රජයට ඉල්ලා අස්වීමට බල කෙරුණි.
අගමැති කේ.පී. ෂර්මා ඔලිට අගමැති නිවසින් පලා යාමට සිදු විය. 1989 සිට නේපාල දේශපාලනය මෙහෙයවූ මාඔිවාදීන් ඇතුළු සියලුම නායකයින්ගේ නිවාස ගිනි තබා විනාශ කර ඇත, සියලුම නායකයින් පලවා හැර ඇත, සමහරුන්ට ශාරීරිකව පහර දී තිබුණි.
ඉන්පසු තරුණයින්ගේ ඉල්ලීම් අනුව, හමුදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර නේපාලයේ නව අන්තර්කාලීන රජයක් පිහිටුවා ඇති පිහිටු වන ලදී.
එහි අගමැතිනිය ලෙස නේපාලේ හිටපු අගවිනිසුරු වරියක වන Shusila karki මේ වන විට පත්කරගෙන තිබේ.

නේපාලයේ නව අගමැති සුෂිලා කාර්කී.
සියලුම නායකයින්ගේ දේපළ රාජසන්තක කර දූෂිත නිලධාරීන් සහ නායකයින් සිරගෙට යවනවා ඇත. බොහෝ උනන්දුවක් දක්වන කණ්ඩායම් ද මෙයට එක්වන බව අපට පෙනේ. නමුත් නේපාලයේ අහසේ තවමත් අඳුරු වලාකුළු පවති.