ඇල්ල-වැල්ලවාය බිහිසුනු බස් අනතුරින් 15දෙනෙක් මරණයට

වසන්ත රූපසංහ විසිනි.
[මෙය Sri Lanka: 15 killed in horrific Ella-Wellawaya bus accident මැයෙන් සැප්තැම්බර් 10දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
සැප්තැම්බර් 4දා රාත්‍රියේ දී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ දී බසයක් අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලී යාමෙන් රියදුරු, කාන්තාවන් 9ක්, ලමුන් 2ක් ඇතුලු 15ක් මියගොස්, තවත් දුසිමක් පමන දෙනා තුවාල ලබා තිබීමේ ඛේදවාචකය සුවහසක් ජනයා අකම්පාල කරමින් තිබේ.
නුවරඑලියට විනෝද චාරිකාවක් ගොස්, නැවත එමින් සිටි මෙයින් බොහෝ දෙනා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල අය යි. තුවාල ලැබූ අය, දියතලාව හා බදුල්ල ශික්ෂන රෝහල්වලට ඇතුලත් කර ඇත.
පුරුදු ලෙස ම අනතුර සැල වූ වහා ම ගම්මුන් හා අසල්වැසියන් කඩිනමින් අනතුර සිදු වූ ස්ථානයට රැස් වූ අතර, වෙනත් වාහනවල ගමන් කල මගීන්, වැල්ලවාය හා බදුල්ල ශික්ෂන රෝහලේ වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය සේවකයෝ, පොලිසිය ද මිලිටරිය, ගුවන් හමුදාව, ගිනිනිවන භටයන් හා එක්ව, තුවාල ලැබූවන් ගලවා ගැනීමට අපමන වෙහෙසක් ගත්තෝ ය.
බස් රථයේ අධික වේගය සහ ඒ හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සදහන් කල බව මාධ්‍ය වාර්තා කලේ ය. පරීක්ෂනවලින් තාමත් මේ කරුනු තහවුරු කර නැත.
කෙසේවෙතත්, අනතුරෙන් දිවි බේරාගත් බස් රථයේ කොන්දොස්තරවරයාට හා තවත් අයෙකුට අනුව, බසයේ තිරිංග හදිසියේ අක්‍රීය වූ බවක් අනතුරට මොහොතකට පෙර රියදුරා සඳහන් කර ඇත. රියදුරු එම අවස්ථාවේ බස් රථය හසුරුවා ගැනීමට අප්‍රමාන වෑයමක් ගත් බව දිවි ගලවා ගත් තවත් කාන්තාවක් මාධ්‍යට කීවා ය.
කිසිදු නිශ්චිත සාක්ෂියක් නැතිවම අනතුරේ වගකීම රියදුරු පිට පැටවීමේ වෑයම් ද ඇතුලු භාවප්‍රකෝපකාරී වාර්තා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරමින් පවතී.
මියගිය අය බැලීමට තංගල්ලට ගිය අගමැති හරිනි අමරසූරිය මාධ්‍යය අමතමින්, මෙවන් අනතුරු වලක්වා ගැනීමට නව නීති හඳුන්වා දෙන බවට ඇඟවුම් කලේ, “නීති හදන්න පුලුවන්, ඒවාට සියලු දෙනාගේ සහයෝගයක් අවශ්‍යයි. මෙවැනි දේවල් නොවන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා” යැයි කියමිනි.
අනතුරු හුදෙක් ම නීති නොපිලිපැදීමේ ප්‍රතිවිපාකයක් ලෙස ඇඟවුම් කිරීම, ප්‍රශ්නයේ මූලය හිතාමතා ම වසා දැමීමට සහ රජය පැත්තෙන් ගතයුතු එහෙත් තාමත් ක්‍රියාවට දමා නැති මූලික ක්‍රියාමාර්ගවලින් අවධානය වෙනතක හැරවීමට හිතාමතා දැරූ වෑයමකි.
අප්‍රමාන නීති, විධිවිධාන දැනටමත් පවතී. අතීතයේ මෙවන් සෑම අනතුරකටම පසුවත් අමතරව තවතවත් නීති රීති හා වැඩසටහන් හඳුන්වාදීම ද සිදු කෙරී ඇත. එහෙත් නිමාවක් නැති රිය අනතුරු ඇඟවුම කරන්නේ, අනුප්‍රාප්තික ආන්ඩු එවන් ඛේදවාචක වැලක්වීම සඳහා ගතයුතු ක්‍රිමාර්ගවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කැමත්තක් දක්වා නැති බවයි.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) පසුගිය වසරේ බලයට ආවේ, යල්පැන ගිය සහ කුප්‍රකට ලෙස අනාරක්ෂිත යටිතල පහසුකම් වැඩිදියුනු කරන බවට පම්පෝරි ගසමිනි. අමරසූරිය එම පොරොන්දු ගැන වචනයක්වත් කීවේ නැත.
රටේ අබලන් මාර්ග පද්ධතියේ මූලික වැඩිදියුනු කිරීම, සියලු රථවාහනවල, විශේෂයෙන්ම මෙවන් දුරදිග මගී බස් රථවල නිවැරැදි ක්‍රියාකාරීත්වය ගැන නිරන්තර පරීක්ෂනයට බඳුන් කෙරෙන යාන්ත්‍රනයක් සැකසීම සහ අනතුරුදායක දැඩි බෑවුම් සහිත කඳුකර මාර්ග දෙපස නවීන, ශක්තිමත් ආරක්ෂන වැටවල් ඉදිකිරීම ඇතුලු ක්‍රමවත් ආරක්ෂන විධිවිධාන සැලසීමට විධිමත් පියවර ගත යුතු ය.
කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් ද අතලොස්සක් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සථප කර සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, දිවයිනේ මාර්ගවල ඛේදජනක ලෙස සිදුවන මරන වැලක්වීම සඳහා අවශ්‍ය සම්පත් කොහොත්ම ලබා දෙනු නැත.
මේ තත්වය තුල, මියගිය අයෙක් සදහා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10 බැගින් ලක්ෂ 150ක මුදලක් ලබාදීමට තීන්දුකර ඇත්තේ, හුදෙක්ම නැගෙන මහජන කෝපය දිය කර හැරීමේ උපායක් වසයෙනි.
“2030 දක්වා ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව ලබා දීමේ නායකත්ව ප්‍රමුඛතා සහ මුලපිරීම්” යන මැයෙන් මෑතක දී නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් සිදුවන ඒක පුද්ගල වාර්ෂික මරන සංඛ්‍යාව ඉහල ආදායම් ලබන රටවල දක්නට ලැබෙන සාමාන්‍යයට වඩා දෙගුනයක් වන අතර ගෝලීය වශයෙන් ප්‍රමුඛ රටවලට වඩා පස් ගුනයකින් වැඩි බවයි.
දත්ත පෙන්වා දෙන්නේ, සෑම වසරකම ආසන්න වශයෙන් අනතුරු 38,000 ක් සිදුවන අතර එමඟින් මරන 3,000 ක් පමන ද, බරපතල තුවාල 8,000 ක් පමන ද සිදුවන බවයි. දකුනු ආසියානු අසල්වැසි රටවල් අතර, ශ්‍රී ලංකාව ඉහල ම මාර්ග මරන අනුපාතයක් දරයි.
කඳුකර මාර්ගවල අනාරක්ෂිතභාවය ඇඟවුම් කරමින්, සැප්තැම්බර් 5දා ඩේලි මිරර් පුවත්පත සදහන් කලේ, හරියමට මීට වසර 23කට පෙර මෙම ස්ථානයේදී මේ ආකාරයෙන්ම බසයක් පෙරලී 21 දෙනෙකු මරනයට පත්ව ඇති බවයි. මෙය, මේ වසරේ මැයි මාසයේදී කතරගම සිට කුරුනෑගල ගමන්කරන දිගුදුර බසයක් ගැරඩිඇල්ලේ දී පෙරලී පුද්ගලයින් 23ක් මරනයට පත්වීමෙන් පසු සිදුවූ මාරක බස් අනතුර වන අතර එම දිස්ත්‍රික්කයේ ම පස්සර ප්‍රදේශයේ දී, 2021 මාර්තු මාසයේ දී බසයක් පෙරලී 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිස් දත්ත වලට අනුව, 2024 දී මාරක බස් අනතුරු 198 ක් වාර්තා වී ඇත; එයට, රජයට අයත් ඒවා මෙන්ම පෞද්ගලික බස් රථ ද ඇතුලත් වේ. පසුගිය වසර පහ තුල, 2020 සිට 2024 දක්වා, මාර්ග අනතුරු හේතුවෙන් මුලු මරන 12,140 ක් සිදු වී ඇති අතර, වාර්ෂික මරන සංඛ්‍යාව 2,300 ත් 2,500 ත් අතර උච්ඡාවචනය වේ, 2021 මාර්තු මාසයේ දී පස්සර දී, පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකින් පෙරලී යාමෙන් 14 දෙනෙකු මිය ගොස් මගීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම වසරේ ජනවාරි සිට මැයි 14 දක්වා කාලය තුල සිදුවූ රිය අනතුරු 1842න් මිනිස් ජීවිත 965ක් (හෙවත් දල වසයෙන් මිනිස් ජීවිත 6-7 අතර ප්‍රමානයක්) අහිමිවී ඇති බව පොලිසිය උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කලේ ය.
මැයි මාසයේ, ගැරැඩිඇල්ල බස් අනතුරෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන සහ සැපයුම දාම අධ්‍යන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ කීවේ, “ආරක්ෂාව අතින් බලලා ප්‍රමිතිකරනයේ ලොකු අඩුවක් මෙරට (ප්‍රවාහන ක්ෂේත්‍රය) තුල ඇති” බවයි. අවුරුදු 50කට 60කට පෙර මෙරට බස්වල යුරෝපයේ පැවති ප්‍රමිතියම තිබූ නමුත්, ලාභ නිසා ඉන්දියාවෙන් බස් ගෙන්වීමට පටන් ගත් බවත්, පසුගිය වසර 5 තුල එවන් ප්‍රමිතිය සහිත එකදු බසයක්වත් ගෙන්වීමට ආන්ඩුවට නොහැකිවූ බවත් ය.
අනතුරක් සිදු වූ ආසන්නයේ දී මහජන කෝපය දියකර හැරීමට මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගන්නවායැයි කියන කප්පරක් පොරොන්දු මාධ්‍ය ඉදිරියේ වැමෑරුව ද ඒවා ප්‍රායෝගි ව ක්‍රියාත්මක වන්නේ නැතිවා පමනක් නොව, ඒ සඳහා අවශ්‍ය කාර්යමන්ඩල මෙන්ම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ කතාවක් නැත. මෙයට ආසන්න උදාහරනයක් වන්නේ, ගැරැඩිඇල්ල බස් අනතුරෙන් ක්ෂනික ඉක්බිත්තේ, පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව දියත් කල, වාහන පරීක්ෂා කිරීමේ වැඩසටහන යි. සැප්තැම්බර් 7දා දි අයිලන්ඩ් පුවත්පතේ කතුවැකිය සඳහන් කලේ, මෙම ආරම්භකත්වය විසින් “පෞද්ගලික සහ රාජ්‍ය බස් රථ කිහිපයක් මාර්ගයට සුදුසු නොවන බව හඳුනාගෙන ඒවා නැවත මාර්ගයට දැමීමට පෙර අලුත්වැඩියා කරන ලෙස නියෝග කල” බවයි. “රියදුරන්ගේ තෙහෙට්ටුවට මුහුන දීමට ද පියවර ගන්නා ලදී. නමුත් මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා අඛන්ඩව ක්‍රියාත්මක කල යුතු එම මුලපිරීම පිලිබඳව එතැන් සිට කිසිවක් අසන්නට නොලැබුනි” එය තවදුරටත් සඳහන් කලේ ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම සීමිත ආරක්ෂක පියවර පවා පවත්වාගෙන ගොස් නොමැති බව සැලකිල්ලට ගත්විට පැහැදිලි වන කාරනය වන්නේ, බස් අනතුර සම්බන්ධයෙන් දිසානායකගේ ආන්ඩුවේ මවාපෑම් ද පූර්ව ආන්ඩුවලදී මෙන්ම නිශ්පල වනු ඇති බවයි.
මාර්ග ආරක්ෂාව ද ඇතුලු මහජන ආරක්ෂාව සුරක්ෂිත කල හැකිවන්නේ, විද්‍යාත්මකව පදනම් වූ හදිසි ආරක්ෂක පියවරයන් සහ වැඩසටහන් සඳහා රුපියල් බිලියන ගනන් වෙන් කිරීමෙන් පමනි. මෙය, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සහ සංගතවල ලාභවලට වඩා මානව අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සදහා ගෙනියන සටනින් වෙන් කල නොහැකි ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.