මහජනයා සමාජ මාධ්‍ය තහනම් කළ නේපාල් ආණ්ඩුවේ අගමැති පන්නා දමති !

නේපාල් ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව විදී බට තරුණ තරුණියන් සහ මහජනයා මැඩපැවැත්වීම සදහා පොලිසිය සහ හමුදාව දහනම දෙනෙකු ඝාතනය කිරීම නිසා වර්ධනය වු මහජන විරෝධතාවය තීව්ර විම නිසා අගමැති කේ.පී. ඔිලීට සහ නිවාස ඇමති ඉල්ලා අස් වීමට සිදු වුහ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට සහ අගමැති නිල නිවසට ද ගිනි තබා ඇත.
ෆේස්බුක් ,ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් සහ වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමත් නේපාල් ආණ්ඩුවේ දුෂණයටත් එරෙහිව විරෝතාව පැනනැගුන අතර හමුදාව මහජනයා මර්දනය කීරීමත් සමග කුපිත වු මහජනයා හමුදාව සමග ගැටෙන්නට වුහ.දහනම දෙනෙකු ඝාතනය කිරීමත් කිප ගුණයකින් වර්ධන වු මහජන අරගල මැඩපැවැත්වීම සදහා ආණ්ඩු ඇදිිිරි නීතිය පනවන ලදී.
එම විරෝධතාවය ඉසෙඩ් නැමති පරම්පාව විසින් මෙහෙවා තිබේ.
සැතැම්බර් 08 වනදා සවස කත්මණ්ඩු වලින් ආරම්භ වු උද්ඝෝෂණය නේපාලයේ නගර පුරා ගින්නක් මෙන් ඇවිලෙන්නට විය.
මහජනයාගේ අති මුලික ප්‍රශ්න විසදනවා වෙනුවට මර්දනය දිගේලි කරන ආණ්ඩු වලට අනාගතයේ නේපාල් අගමැති ඔිලි මුහුණ දුන් ඉරණමට මුහුණ දෙන්නට සිදු වනු ඇත.