මාධ්‍ය මත මුදාහරින මර්දනය මහජනයා මත ද මුදාහැරීමට ජවිපෙ/ජාජබ ආණ්ඩුව පසුබට නොවන බව – ශ්‍රී ලවෘජස අනතුරු අගවයි!
දෙරණ පුවත්පතේ පල වු ග්‍රාම නිලධාරී සහතිකය මදි , පොලිස් වාර්තාවක් ගන්න සිවිල් මහජන ආරක්ෂක කමිටු වල ප්‍රධානීන්ගේ ද අනුමැතිය ඔිනැ යන මැයෙන් 2025 නොවැම්බර් 19 ා එම පුවත්පතේ මුල් පිටුවේ පල වු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දෙරණ පුවත් පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේප්පෙරුමව 2025 නොවැම්බර් 25 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය ජවිපෙ /ජාජබ ආණ්ඩුව වෙත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය පිළිකුල පල තිබේ.
මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සදහා අරගල කරන කිසිදු පාර්ශ්වයකට එම සිද්ධිය හුදකළා සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි බවත් අනුප්‍රාප්තික ආණ්ඩු යටතේ ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම් , ඝාතනය කිරීම්, මර්දනය කිරීම් , පහරදීම්, හිංසනයට සහ බියවැද්දීම් සිදු කළ අතර එවා සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නැතුවා පමනක් නොව අඩුම තරමේ පරික්ෂණයක් සිදු නැති බවත් මාලිමා ආණ්ඩුවට බලයට පැමින මාස දාහතරක් ගත වන අවස්ථාවේ දෙරණ පුවත්පතේ කර්තෘව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවිම ගැන සිය කනස්සල් පල කරන බව එම පුවත් පත් නිවේදනයේ සදහන් වේ.
එම පුවත්පත් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.
පුවත්පතක පල වු ප්‍රවෘත්තියක් පිළිබදව කටයුතු කළ හැකි අවම සදාචාරයවත් නොසලකා රජය විසින් පුවත්පතේ කර්තෘවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීම හරහා පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට හීලෑ නොමැති ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් දඩයම් කිරීමට ආණ්ඩුවේ ඇති සුදානමයි.
මාලිමා ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ගෙන අණපනත් අහෝසි නොකොට පවත්වාගෙන යෑම මගින් පෙන්නුම් කරන්නේ ද එම අණපනත් ඉදිරියෙදී මාධ්‍යයට එරෙහිව දිගේලි කිරීමේ උත්සහයයි.
ලංකාවේ ජනමාධ්‍ය වෙත මුදාහරින මේ මර්දනය රටේ සමස්ත මහජනයාට වෙත ද මුදාහරීමට ජවිපෙ/ජාජබ ආණ්ඩුව පසුබට නොවන බව අපගේ විශ්වාසයයි. ඒ බැවින් ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට දරණ ප්රයත්නය පරාජය කිරීමට එක්වන්නැයි භාෂණයේ හා ප්රකාශනයේ නිදහස අගයන සියලුම පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටි.