පොලොන්නරුව පොලිස් අධිකාරීවරයා පොලිස් වෙඩි පහරින් මිය මරණකරුට පෙනී සිටි නීතිඥයාට බාධා කරලා !
පොලොන්නරුව පොලිසිය මගින් වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයාට සහ ඔහුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරාට වින්දිතයා වෙනුවෙන් පෙනී සිටිමට අයිතියක් නැතැයි කියා පොලොන්නරුව දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග බාධා කර ඇත.
පොලිසිය මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු ( 25) ක වන ජි.ඒ.ටිෂාන් නැමති තරුණයාවය.
පොලිස් අධිකාරීවරයා නීතිඥවරයාට මෙසේ බාධා කර ඇත්තේ,පොලොන්නරුව මහේස්ත්‍රාත් එරන්දි මිහිරානී හමුවේ පෙරවාරි 17 වනදා මරණ පරික්ෂණ සාක්කි කැද වු අවස්ථාවේදීය.
මහේස්ත්‍රාත්වරිය පොලිස් අධිකාරීවරයාගේ බාධා නොතකා වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හා සිරකරු අයිතිවාසිකම් සුරුකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක පෙරේරාට අවසර ලබාදුන් බව ඔහු අප සමග පැවසිය.
.මරා දැමු තරුණයාගේ සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් පෙනී සිටිමට තමා අයිතියක් මෙන්ම වගකිමක් ඇතැයි නීතිඥවරයා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයට විවෘත අධිකරණය හමුවේ සිය විරෝධය පල කර ඇත.
ටිෂාන්ව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, පොලොන්නරුව පොලිස් යතුරු පැදි ඒකකයේ නිලධාරීන් විසින් බවත් ඔහු එම නිලධාරීන් සමග මහ පාරේ ඇති වු කතා බහාක් දුර දිග යෑම නිසා පොලිස් යතුරු පැදි ඒකකයේ නිලධාරීන් ටිෂාන්ගේ යතුරු පැදිය පිටුපස හඹා ගෙන ඔහුගේ නිවසට පැමින ටිෂාන්ගේ දෙමව්පියන් ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ බව දෙමව්පියෝ පවසති.
ආදාළ ඝාතනය සම්බන්ධයෙන් මුලික සාක්ෂි විමසීමට සාක්කිකරුවන්19 දෙනෙකු නම් කර තිබුන ද පෙරවාරි 17 වෙනිදා පැවති සාක්කි විමසීමට කැදවා තිබුණේ සාක්කිකරුවන් 8 දෙනෙකු පමණි.
පොලිසිය මගින් සාක්කි විමසීම සදහා මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර සිටි සාක්කිකරුවන් අතර ටිෂාන්ට වෙඩි තැබු පොලිස් නිලධාරීයා ද සිටි බව පැවසු නීතිඥ පෙරේරා එදින සාක්කි දුන් සෑම සාක්කිකරුවෙකු සාක්කි දුන්නේ අපරාධයක් සිදු වී නොමැති අයුරින් බවත් පොලිසිය ටිෂාන්ගේ ඝාතනය යට ගැසීමට ප්‍රබල උත්සහයක නිතර වන බව පෙනෙන්නට තිබු බවත් කීය.
මරණකරුගේ මරණය සිදු වී ඇත්තේ, පපු කුහරයට ලේ බැසීමත් හෘදය වස්තුව උණ්ඩයකින් තුවාලවිමත් නිසා ඇති වු බවත් පොලොන්නරුව මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලසන්ත එස්.කේ.ද .සිල්වා ජනවාරි (13) වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සදහන් වේ.
වැඩිදුර සාක්කි කැදවීම මාර්තු (11) වෙනිද කල් තබන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.