නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !

0
IMG-20240619-WA0014 (1)

බුදුන්ට අපහාස කළා යැයි සිවිල් හා දේශපාලන අසිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසුරියව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කොට නඩු පැවරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුව විභායට ගත් අවස්ථාවේ කනගාටුව පළකර සිටියේය.

පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා එසේ කනගාටුව පළකර සිටියේ අසත්‍ය චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගත කිරිමෙන් ඇයගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි එදිරිසුරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෙනු කළ නඩුව අද (19) විභාගයට ගත් අවස්ථාවේදිය.

එම කනගාටුව පළ කළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඊට අමතරව මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය.

හිටපු ස්ථානාධිපතිවරයා කනගාටුව පළ කිරීමෙන් පසු පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් නතාෂාව මැයි 28 වෙනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි . නතාෂාගේ එම විඩියෝව විකාශනය කළා යැයි SLV log අයිතිකරු බෲනෝ දිවාකර ද මැයි 31 වෙනිදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

රට වසන ආගමික කුමන්ත්‍රණය වලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර නව ජනතා පෙරමුණ නමින් සංවිධානයක් නතාෂාට සහ බෲනෝ එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වුහ . එම උද්ඝෝෂණයට සීයයක පමන පිරිසක් සහභාගි වී සිටියහ.

නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !
නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !

භාෂණයේ හා ප්‍රකාශනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ෆැෂිස්ට් නඩ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට රැස් වු අයුරු

නතාෂා සහ බෲනෝ වහා නිදහස් කරනු ! කලාවේ හා ප්‍රකාශනයේ අයිතියට තබන අත සිද දමනු ! කම්කරු , ගොවි , තරුණ ජනතාවනි මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු ! මර්දන නීති අහෝසි කරනු ! බංකොලොත් ධනවාදය එපා ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් උද්ඝෝෂකයෝ පැය 02 කට ආසන්න කාලයක් කොටුව උසාවියට පිවිසෙන මර්ගයේ නිහඩ වි‌රෝධතාවයක නියැලුනහ. එම උද්ඝෝෂණය මෙහෙයවන ලද්දේ කොළඹ ක්‍රියාකාරී කමිටුව මගින්ය.

නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !
නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !
නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !
නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !
නීතිය අවභාවිතා කර නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක ස්ථානාධිපති කනගාටුව පළ කරයි !

බුදුන්ට අපහාස කළා යැයි සහ එම ප්‍රකාශය අඩංගු Standup comerdy ප්‍රහසනය විකාශනය කිරීමට එරෙහිව ‌ගොනුකර තිබු නඩුවෙන් ප්‍රහසන ශීල්පි නතාෂා එදිරිසුරය සහ එස් .එල් .වි ලොග් යු ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර 2024 ජුනි (19) නියෝග කළේය .

විත්තිකරුවන්ට එරෙහිව නඩුකරය පවත්වාගෙන යෑම ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් නීතිපතිගේ උපදෙස්මත විත්තිකරුවන් අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව කොටුව මහේස්ත්‍රාත් සේනාධිර ප්‍රකාශ කළේය .

අධිකරණය මගින් ඇයව නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු එදිරිසුරිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින්ට ඇයව අත්අඩංගුවට ගැනිමෙන් මුලික අයිතිවාසිකම් කඩ වි ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එදිරිසුරිය නඩුවක් ගොනු කළාය.

“නතාෂා එදිරිසුරිය නැමති සැකකාරීය වැඩ සටහනේදී කළ සමස්ත ප්‍රකාශය කිසිසෙත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ හෝ සතුරුකම් කිරීමේ අරමුණෙන් එහි ‌ප්‍රේක්ෂකයන් උසිගැන්විමේ ක්‍රියාවලියක යෙදුනු බවට පෙනී නොයන බවත් එම නිසා අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(1) වගන්තිය මෙම සැකකාරිය කෙරෙහි යොදා ගත්තේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බව” සදහන් කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍යා පටබැදි සැකකාරියට ඇප නියම කළේය .

විද්‍යාව විශ්වාස කරන අයෙකුට ආගම විවේචනය කිරීමේ අයිතියක් ඇතැයි ධනපති අධිකරණය කියන කොට සිංහල ස්වෝතතමවාදී ජනතා විමුක්ති පෙරමුණ සහ ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය නතාෂා එදිරිසුරියට එරෙහිව ෆැෂිස්ට් නඩ කුලප්පු කෙරිණ.

එදිරිසුරියට එරෙහිව බෞද්ධ ෆැෂිස්ට් නඩ පාරට බසිද්දී, ඊට එරෙහිව මාක්ස්වාදී අස්ථානයක පිහිටා ඇයව නිදහස් කරන තෙක් අඛණ්ඩව බෞද්ධ උන්මාදවාදයට සහ වර්ගවාදය එරෙහිව අරගලය ගෙන ගියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා .

“මෑතකදී කිසියම් කාන්තාවක් සිදුහත් කුමරු සම්බන්ධයෙන් කතාවක් පදනම් කරගෙන‌ ලොකු සිද්ධියක් වෙලා තියෙනවා .ඒක අහම්බෙන් සිද්ධ වුනත් සැලසුම් කරලා සිද්ධ වුනත් අර දුෂ්ට ආගම්වාදී ජාතිකවාදී අරමුණු වලට එකතු වෙනවා .ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දරණ උත්සහය හරියට හදුන ගන්න” .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ අදහස් මාධ්‍ය ඉදිරියේ මෙසේ දිග හැරියේය .

“පීඩාවට පත් මිනිස්සු විශ්වාස කරන සමහර ආත්මීය කරුණු සමහර සංස්කෘතික දේවල් ආගමික සංවේදී දේවල් වලට ප්‍රහාරයක් එල්ල වී ඇත . එය පාලක පන්තියේ අවශ්‍යතාවයක් බව සදහන් කළ ඔහු දේවගැති ජෙරම් සහ නතාෂා ආගම් අතර මේ බෙදීම හදන්න යනවා .මේකට ඉඩ දෙන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය” 

බෞද්ධ ෆැෂිස්ට් නඩ වල අවශ්‍යතාවය මත අසත්‍ය චෝදනා එල්ල කර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කටයුතු කළේය. ඇයව කයික මෙන්ම මානසිකව ද පිඩාවට පත් කෙරිණ. එදිරිසුරියට එරෙහිව බෞද්ධ ජනයා උසිගැන්වා ඇය විනාශ කිරීමට පමනක් නොව භාෂණයේ හා ප්‍රකාශනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට ඔවුන් කැසකැවුහ. කුරුමානම වැරදුන තැන කනගාටුව පළ කර ලිස්සා යෑමක් මිස නැවත ඒවැනි සිද්ධින් නොවන බවට විශ්වාසයක් නැත. කනගාටුව ප්‍රකාශ කිරීම හරහා සිද්ධ වුයේ එදිරිසුරියට එරෙහිව ගෙන ගිය මර්දනය කම්කරු -පීඩිත ජනයා අතර සාකච්ජාවට ගැනීම වැළැක්විමය. පවති නීතිය ධනපති පංතියේ නීතියයි. කනගාටුව ප්‍රකාශ කිරීම මහජනයා තවදුරටත් ධනපති නීතියට ගැටගසා තැබීමේ ව්‍යාජයකි. 1988-89 යේ මේ රට හැටදාසක් මැරුවේ වගකිමෙන් ආරක්ෂා කිරීම වැනි පනත් ගෙන එමින්ය. ධනපති ක්‍රමය මුළුමනින්ම අතුගා දැමීමෙන් මෙපිට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් දිනා ගත නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *