උම්මත්ක යුද්ධය නතර කිරීමට මැදිහත් වෙන්නැයි උද්ඝෝෂකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති !
ඇමරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති නෙතන්යානු විසින් ඉරානයට එරෙහිව ගෙන යන උම්මත්තක යුද්ධය වහා නතර කරන්නැයි බල අද (06) සවස 01ට ටවුන්හොල් දවටගහ පල්ලිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
එම උද්ඝෝෂණය සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය , සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණ සම්මේලනය, ජාතික ෂුරා සභාව සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන සංවිධාන මගින් සංවිධානය කරන ලදී.
මෙම උද්ඝෝෂණයට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටි අතර ඉරාන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ.
උද්ඝෝෂකයින් සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වුහ.
අවිධිමත් යුද්ධයේ පලමු දිනයේ ඉරානයේ මිනාබ් හි පාසලකට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම ඇතුළුව අහිසංක සිවිල් වැසියන් ඛෙිදජනක ලෙස ඝාතනය කිරීමට හේතු වු ඊශ්‍රායල් සියොන්වාදී පාලනයසහ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද නීති විරෝධී ආක්‍රමණය සහ මිලිටරි ක්‍රියා අපි දැඩි ලෙස හෙළා දකිමු . අහිංසක ප්‍රාථමික ශිෂ්‍යාවන් 165 දෙනෙකු ජිවිත නිර්දය ලෙස අවසන් කිරීම සටන්කරුවන් නොවන සමාන්‍ය සිවිල් ජනතාව හිතාමතා ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය, මානුෂීය සම්මුතීන් සහ යුක්තිය සහ මානව ගරුත්වය පිළිබද මුලික මුල ධර්ම බරපතළ ලෙස උල්ලංඝණය කිරීමකි.
ඉරානය ඇතුළු ස්වෛරීය නායකත්වයන් ඝාතනය කිරීම සහ එහි ජනතාව ඉලක්ක කිරීම අපි තවදුරටත් හෙළා දකිමු ! එවැනි ක්‍රියා තුවන ලෝකයේ ජාතීන්ගේ ස්වෛරීභාවයට බරපතළ තරජනයක් වන අතර කලාපීය හා භුගෝලිය ස්ථාවරත්වයට තර්ජනයක් වන භායානක නොසැලකිලිමත් උත්සන්න විමක් වේ.
මෙම ගැටුම මැද පෙරදිගට පමනක් නොව ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි ජාතීන්ට ද බරපතළ ප්‍රතිවිපාක ඇති කරයි. වෙළදාම බලශක්ති සැපයුම ,විදේශ සේවකයින්ගේ රැකියා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා වන බාධා මිලියන ගණනකගේ ජිවනෝපායට තර්ජනයක් වේ. බලවත් රාජ්‍යයන් අතර යුද්ධ අනිවාර්‍යයෙන්ම ඔවුන්ගේ දේශසීමා ඉක්මවා බොහෝ දුක් වේදනා ඇති කරයි යනුවෙන් උද්ඝෝෂකයින් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සදහන් වන අතර ඔවුන් විසින් පහත සදහන් ඉල්ලීම් ශ්‍රී ලංකා රජයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිති.
සියලුම පාර්ශවයන්ගෙන් ක්ෂනික හා කොන්දේසී විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස ශ්‍රී ලංකා රජයෙන් මැදිහත් වීමක් වන ලෙසත්,
ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස පිළිපැදීමට සහ සියලුම සිවිල් වැසියන්ගේ නිරපේක්ෂ ආරක්ෂාව සදහා අර්ථවත් හා පලදායි පියවර වහාම සහතික කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතු බවත්,
ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් වහාම සටන් විරාමයක් ඇති කර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ස්ථාපිත යාන්ත්‍රණය හරහා සංවාදයකට සහ විශ්වාසනීය ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා සාමකාමී විසදුමකට පැමිණිය යුතු බවත් ,
යුක්තිය වෙනුවෙන් ස්ථාවරව පෙනී සිටින ලෙසත් දේශීය හා විදේශීය ශ්‍රි ලංකීක පුරවැසියන් ආරක්ෂා කරන ලෙසත් මෙම අර්බුදය අහිතකර ප්‍රතිවිපාක වලින් ජාතිය ආරක්ෂා කිරීම සදහා ක්‍රියාකාරී රාජ්‍ය තන්ත්‍රය හා ආර්ථීක පියවර ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු .

ශ්‍රී ලංකා ඉරාන තානාපති සහ සජබයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් උද්ඝෝෂණයට සහභාගි වි සිටි අයුරු.






