ආණ්ඩුවේ ආගමික සංහිදියාව රෙද්ද , පල්ලෙන් බේරෙයි!

0
images (78)

අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ විද්‍යාලයේ උගන්වනු ලබන මුස්ලිම් ජාතික ගුරුවරියකට අබායා වෙනුවට සාරිය ඇදගෙන එන්නැයි එම ප්‍රදේශයේ සිංහල බෞද්ධ අන්තවාදීන් පිරිසක් බලපෑම් කළා යැයි ඇය මානව හිමිකම් කොමිසම් සභාවට පැමිනිල්ලක් දමා තිබේ.

තර්ජනයට ලක් වු ගුරුවරිය එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි. ඇය මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයට ද පැමිනිලි කර ඇත.

එම අන්තවාදී පිරිස අතර සීතාවක නගර සභාවට සහ සීතාවක ප්‍රාදේශීය සභාවට තේරීපත් වු ජාජබ /ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදනෙකු ද සිටිති.

මිට පෙර එම විද්‍යාලයට පැමිනි මුස්ලිම් ජාතික ගුරුවරියන් පහලොස් (15) දෙනෙකු සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ බලප‍ෑම් හමුවේ දෙමළ විද්‍යාලය අතහැර වෙනත් පාසැල් වලට මාරු වී ගොසිණි.

ගුරුවරිය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ දමන ලද පැමිනිල්ල පෙරේදා (07) විභාගයට ගෙන ඇති අතර එහි දී එම විමර්ශනය සදහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ,කලාප කාර්යාලයෙන් , කොට්ඨාශ කාර්යාලයෙන් සහ අධ්‍යාපන දෙපාර්මේන්තුව නියෝජනය කරමින් නිලධාරීනියන් පැමින ඇති අතර ඒ සියලුම දෙනා ගුරුවරියට බැණවැදි සාරිය ඇද ගෙන පාසැලට පැමිනෙන්නැයි බලපෑම් දමා ඇතැයි වාර්තාවේ.

දෙමළ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් සහ දෙමව්පියන්ගෙන් බහුතරයක් අන්තවාදීන්ට එරෙහිව ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටිති‍.

රජයේ ආයතන වල සේවය කරන මුස්ලිම් ,හින්දු ,මැලේ සහ බගර් ජාතිකයින් ජාතික සහ ආගමික ඇදුම් වලින් සැරසි රැකියා වල නිරත වෙද්දී, පුවක්පිටිය දෙමළ විද්‍යාලයේ උගන්වන මුස්ලිම් ජාතික ගුරුවරියන්ට පමනක් අජයේ ආයතන වල සේවය කරන මුස්ලිම් ,හින්දු ,මැලේ සහ බගර් ජාතිකයින් ජාතික සහ ආගමික ඇදුම් වලින් සැරසි රැකියා වල නිරත වෙද්දී, පුවක්පිටිය දෙමළ විද්‍යාලයේ උගන්වන මුස්ලිම් ජාතික ගුරුවරියන්ට පමනක් අබාය වෙනුවට සාරිය ඇද ගෙන එන්නැයි බලපෑම් කිරීමත් තමන්ට කැමති ආගමක් මෙන්ම ඒ ආගමට අනුකුළව ජිවත් වීමට ඇති අයිතියට එල්ල කරන බරපතළ ප්‍රහාරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *