අධිරාජ්‍යවාදී කොල්ලකාරී යුද්ධය ඇමරිකාවේ ට්‍රම්ප් රෙජිමය වෙනස් කිරීම මගින් නතර කළ හැකිද?
ෆැසිස්ට් ට්‍රම්ප් සහ ජන සංහාරක නෙතන්යාහු යුධ වියරුවට එරෙහිව පෙළගැසෙමු ! යන මැයෙන් සාකච්ජාවක් ඊයේ (11) සවස 3.30 ට බොරැල්ල ඇන් .එම් .පෙරේරා කෙන්ද්‍රයෙදී පැවැත්විණ.
එම සාකච්ජාව සංවිධානය කරන ලද්දේ යුධ විරෝධි මහජන කමිටුව මගින්ය.
යුධ විරෝධි මහජන කමිටුව ශ්‍රි ලංකා ගූරු සංගමය සහ වෘත්තීය සමිති ඇතුළු කම්කරු -පීඩිතයන්ගෙන් සමන්විතය.
කුමුදු කුසුම් කුමාර සහ පරාක්‍රම කුරුප්පු යන සහෝදරවරුන් සාකච්ජාව ආරම්භ කරන ලද අතර පසු එම රැස් සිටි සහෝදරවරුන් සාකච්ජාව ඉදිරියට ගෙන යන ගියහ.
මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහෝදරයා විසින් සාකච්ජාව මෙහෙයවන ලදී.
ඉරානයට එරෙහිව ගෙන යන සමුලඝාතන යුද්ධයේ ආරම්භය සහ එය මෙහෙය වන සමාජ බලවේග ගැන කථීකයන් දෙදනාම කතා කළ අතර ඇමරිකන් අධිරාජ්‍යවාදීීන් පිටුබලය ඇතිව ජන සංහාරක ඊශ්‍රායලය විසින් ගෙන යන ෆැසිස්ට් යුද්ධය නතර කළ හැක්කේ ,ලෝක පරිමානව කම්කරු පන්තිය ධනවාදය අතුගා දැමිමෙන් පමනක් බව පරාක්‍රම කුරුප්පු සහෝදරයා අවධාරණය කළේය. ඇමරිකාවේ පිටුබලය ඇතිව ඊශ්‍රායලය පලස්තිනයට එරෙහිව ගෙන යමින් තිබෙන ජන සංහාරයට එරෙහිව ලෝක පරිමානව ජනයා විදී වලට පැමින විරෝධතාවය දැක් වුවද එම යුද්ධය නතර කිරීමට නම් කම්කරු පන්තිය නායකත්වය ගතයුත යැයි එහි පෙන්වාදුන්නේය.
ඇමරිකාව ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධයේ අවශ්‍යතාවය අයතුල්ලා අල් කමේනිගේ රෙජිමය වෙනස් කිරීම බවත්,වෙනිසුලාවට ගිහිල්ලා මදුරෝ පැහැරගෙන කළෙත් රෙජිමය වෙනස් කිරීම බවත් ඔවුන්ට පක්ෂපාති රෙජිමයක් ස්ථාපිත කර සම්පත් කොල්ලකෑම සහ දේශපාලන අධිපත්‍ය තහවුරු කර ගැනිමට ඔවුන්ට අවශ්‍යය බවත් ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ ඇතුලේ රෙජිම් වෙනස් කරන්න අවශ්‍ය බව කුමුදු කුසුම් කුමාර දේශපාලන යෝජනාවක් කළේය. ඇමරිකාව තුළ ඒ වැනි රෙජිම් වෙනස් කිරීමේ සක්‍යතාවයක් ඩිමොක්‍රටි සෝසලිස් පක්ෂයේ ඇලෙක්ස්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙක්ස් ඇතුළු මම්දානිලාට ඇතැයි කිවේය.
සභාව නොමග යවන්න එපා යැයි විරෝධතාවයක් මතු කළ නන්දන නන්නෙත්ති සහෝදරයා ඇමරිකාවේ rejim change කිරීමේදී පත් කරන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය. ලංකාවේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා තවත් ධනපති නියෝජිතයන් පිරිසක් අතට බලය මාරුවිම පමනක් සිදු වු බවත් නන්නෙත්ති සහෝදරයා පෙන්වාදුන්නේය.
නන්නෙත්ති සහෝදරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කුමුදු කුසුම් සහෝදරය පැවසුවේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි සංවිධානය Democratic Socialist of Amarica,
සහ බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙක්ස් වැනි අයගේ ද නම් යෝජනා කළේය.
ඔකාසියෝ කෝටෙක්ස් ටයිම්ස් පුවත්පතට ඇගේ පිළිවෙත ගැන මෙසේ ප්‍රකාශ කළාය. “මගේ විදේශ ප්‍රතිපත්ති ඉලක්ක ජනාධිපතිවරයාට හෝ එක්සත් ජනපදයට විරුද්ධ ලෙස මම අනිවාර්යයෙන්ම සංලක්ෂිත නොකරමි,” . “මම කොංග්‍රස් සාමාජිකාවක්. මම මේ රටට දිවුරුම් දී ඇති අතර, මම එම දිවුරුම ඉතා බැරෑරුම් ලෙස සලකමි.”
මෙම අදහස සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියේ දී අනිවාර්යෙන්ම ගන්නා අතර , සාකච්ජාවට මුලපිරු කුමුදු කුසුම් කුමාර සහ පරාක්‍රම කුරුප්පු යන සහෝදරවරුන්ට අපේ ස්තුතිය.





