ගිවිසුමකට එළඹෙන තුරු හෝමුස් අවහිරයි – ඩොනල් ට්‍රම්ප් යළිත් අනතුරු අගවයි!

0
1776702135-trump_L

ටෙහෙරාන් ගිවිසුමකට එකඟ වන තුරු ඉරාන වරාය මත පනවා ඇති අවහිර කිරීම ඉවත් නොකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය අවසන් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අවිනිශ්චිතව පවතින අතර, ටෙහෙරාන් “තර්ජනවල සෙවනැල්ල” යටතේ සාකච්ඡා නොකරන බව පවසයි.

පසුගිය සතියේ ආරම්භ වූ මෙම වරාය අවහිර කිරීම් මගින් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇත. 

එමෙන්ම තම රට මෙම ගැටුමෙන් ඉහළින්ම ජයග්‍රහණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය ලබන බදාදායින් අවසන් වීමට නියමිතව තිබියදී ඔහු මෙම අදහස් පළ කර ඇත. 

කෙසේ වෙතත් සාම සාකච්ඡාවල දෙවන වටය පාකිස්තානයේදී පැවැත්වෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

මෙම හමුව අපේක්ෂාවෙන් පාකිස්තානයේ අගනුවර ආරක්ෂාව දැඩි කර ඇත. 

අමෙරිකානු නියෝජිත පිරිසට නායකත්වය දීමට නියමිත අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෙතෙක් වොෂින්ටනයෙන් පිටත්ව ගොස් නොමැති අතර, ඉරානය පවසන්නේ තමන් මෙම සාකච්ඡාවට සහභාගී වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *