සියලුම අරගලකරුවන් කොන්දේසී විරහිතව නිදහස් කරනු !
ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් බුස්ලිට එරෙහිව අරගලය සම්බන්ධයෙන් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරකරණය හමුවේ 23343/22 නඩු අංකය යටතේ පවරන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටියා යැයි කොටුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරයා අප්‍රේල් (27) නියෝග කළේය.
එම නඩුව අප්‍රේල් 24 වනදා විභාගයට ගෙන ඇති අතර බුස්ලි අධිකරණයට යන විටත් නඩුව විභාග ගෙන තිබිණ. මෙම නඩුව එදින දින නියමයක් නොමැතිව කල් තබන ලදී. අප්‍රේල් 24 රාත්‍රියේ කොටුව පොලිසිය බුස්ලිගේ නිවසට පැමින ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර දින දෙකාක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලදි.
බුස්ලිගේ නීතිඥයා ඇප ඉල්ලද්දී ,පොලිසිය ඊට විරුද්ධය පල කර ඇත.
ගාලුමුවදොර අරගලයට සැමරීම සදහා 2022 ඔක්තෝම්බර් 09 වනදා ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතාවට සහභාගි වුවා යැයි පොලිසිය බුස්ලි ,විමල්සිරි ,රෝෂාන් ප්‍රනාන්දු ,දනුෂ්ක සහ වෛද්‍යවරයෙකු ද අත්අඩංගුවට ගෙන අයුතු ජන රාශි චෝදනා යටතේ චෝදනා ගොනුකර අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි.
පසුව එම නඩුවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂොප් ස්ටාලින් ,ප්‍රියත් නිකේෂල සහ Youtha for chenge සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර යන අයට ද එම නඩුව පවරන ලදි.
ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටු වන්නට හැකි වන්නේ ගාලුමුවදොර අරගලයට පිංසිදු වන්නටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එපා යැයි කී කම්කරු -පීඩිත මහජනයා අවසානයේ ජවිපෙ /ජාජබ ආණ්ඩුවක් පිහිටුවා පිහිටුවා ගත්තේ වෙනත් විකල්පයක් නොතාබුණි බැවිනි. ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීම සදහා රටපුරා අරගල කළ 3500 කට ආසන්න අරගලකරුවන් පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදි. ජවිපෙ /ජාජබ ආණ්ඩුව පිහිටුවාට පසු පලමුව අරගලකරුවන් නිදහස් කරයි යන්න අරගලකරුවන් මෙන්ම මහජනාය ද විශ්වාස තැබුහ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අරගලකරුවන් නිදහස් කරනවා කෙසේ වෙතත් අධිකරණය මගින් නිදහස් කළ අරගලකරුවන්ට නඩු පැවරීමට පිඹුරු පත් සකස් කරමින් සිටි.
අමරකීර්ති අතුකොරළ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණය විභාග වු නඩුවෙන් විත්තිකරුවන් 31 දෙනෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වුවත් 19 දෙනෙකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලදි. මිනීමැරුම් චෝදනා වලින් නිදොස් කොට නිදහස් වු අයට එරෙහිව ආණ්ඩුවේ නීතිපති දෙපාර්මේන්තුව මගින් නඩු පැවරීමට යන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
ලියුම්කරු ලිපි මගින් මෙන්ම නාරාහේන්පිට ජන මාධ්‍ය අමාත්‍යංශයේ පැවති කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් නඩු පවරා ඇති සියලුම අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට ඉල්ලා සිටියේය. ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ අරගල නඩු වර්ගීකරණය කිරීමෙන් පසු සුළු නඩු තියෙන අය නිදහස් කරන බවයි.
දේශපාලන සංවිධානයක් හෝ අරගලකරුවෙකු හෝ කණ්ඩායමක් නඩු පවරා ඇති හෝ රිමාන්ඩ් භාරයේ සිටින අරගලකරුවන් කොදේසි විරහිතව නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේ නැති අතර ඔවුන් ආණ්ඩුවට කීකරු වුහ.
අරගලය පාවා දී බංකොලොත් මධ්‍ය පාන්තිකයන් කිපදෙනෙකුට ආණ්ඩුවේ තනතුරු වලට පැන ගැනීමට හැකිය විය.
මහජන අරගලය මුවාවෙන් ගාලුමුවදොර පිටියේ පැල්පදියම් වී සිටි අරගලකරුවන් අතරින් බහුතරයක් අරගලකරුවන් ධනපති පක්ෂ සමග ඇයි හොදැයි කම් තිබුණු හෝ ධනපති ප්‍රතිසංස්කරණ හරහා ධනපති ක්‍රමය ගොඩ දැමීමය හැකි යැයි විශ්වාස කළ අය වුහ. සමහරු ජවිපෙ / ජාජබය ආණ්ඩුව පිටුපස බඩ ගෑ තවදුරටත් බඩ ගාන ඊනියා අරගලකරුවන්ට සිද්ධ වි ඇත්තේ එළුවාගේ ඇට දෙක වැටෙනකන් ඌ පිටුපස ගිය පුද්ගලයාට වු සන්තෑසියමයි.
