වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීහු පිරිසක් සිරකරුවෙකුට පහර දී මරා දමති
කොළඹ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට එම බන්ධනාගාරයේ නිලධාරීහු පිරිසක් අමානුෂික ලෙස පහර දීම නිසා මිය ගොස් ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වයසැති ඔිෂද සංජිව නැමැත්තෙකි. ඔහු බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෙකි.
මාස තුනක සිරදඩුවමක් සදහා මොහු බන්ධනාගාර ගත තර ඇති අතර බන්ධනාගාරයෙන් එළියේ වැඩ සදහා යොමු කර සිටියේදී ඔහු පැන ගොස් තිබේ.
පසුව බන්ධනාගාර නිලධාරීන් එම සිරුකරුව ඔහුගේ නිවසට ගොස් රැගෙනවිත් බන්ධනාගාරය පිට දී පහර දි තිබේ. පහර දී නිසාම අසාධ්‍ය තත්වයට පත් වු පසු බන්ධනාගාර නිලධාරීන් ඔහුව ඊයේ (03) එම බන්ධනාගර රෝහලට ඇතුළත් කර අද (04) පාන්දර මිය ගොස් ඇති බව වාර්තාවේ.
බොරුල්ල පොලිසිය මගින් විමර්ශන කටයුතු සිදු කරන අතර මැගසින් පාරේදී බන්ධනාගාර නිලධාරීන් සංජිවට පහරදීම දුටු සිවිල් වැසියන් පිරිසක් සාක්කිදිමට මේ වන විටත් ඉදිරිපත් වී ඇත.
මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි රාජපක්ෂ මිණිමුතු පතිරහැන්නලාගේ තුෂාර සම්පත් නැමති රැදවියා එහි නිළධාරීන් පිරිසක් අප්‍රේල් 26 වනදා පොලු මුගුරු වලින් පහර මරා දමන ලදි. ඔහු අවුරුදු 36 වයසැති අවිවාහක පුද්ගලයෙකුවන අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවි කරන සිද්ධියක් සම්බන්ධයෙන් වන අතර මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින වෙනත් කල්ලියකගේ අවශයතාවය මත එම නිලරීධාරීන් විසින් සම්පත්ව මරා දමා ඇතැයි ඥාතිහු පවසති.
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදනෙකු පැන යෑමට උත්සහ කර ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරියෙකු තබන ලද වෙඩි ප්‍රහාරයකින් එක් රැදවියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් අනෙක් රැදවියාද අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.