අධිරාජවාදී මිලේච්ජත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වැඩ කරන ජනතා බලයක් ගොඩ නගමු!
අධිරාජ්‍යවාදී මිලේච්ජත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වැඩකරන ජනතා බලයක් යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය නම් කර තිබු අතර මැයි රැලිය කොළඹ හයිට් පිටියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මරදාන මාලිගාකන්ද පයිස් පිටියෙන් සවස 01 ආරම්භ වු පෙළපාලිය මරදාන පොලිසිය ඉදිරිපිටින් හැරී හයිඩ් පිටිය දක්වා පෙළපාලිකරුවෝ සටන්ම පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් ගමන් කළහ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බැනරය යටතේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් ඇතුළ නායකයෝ ගමන් කළහ.
ගොවි අරගල ව්‍යාපාරය , විප්ලවවාදී ශිෂ්‍ය සංගමය, වෙනසක් සදහා තාරුණය , නිදහස උදෙසා කන්තා ව්‍යාපාරය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය යන සංවිධාන වල බැනර් එහි නායකයෝ සහ සමාජිකයෝ ගමන් කළහ.
පෙළපාලිය ඉදිරියෙන් කාල් මාක්ස්ගේ , ප්‍රෙඩ්රික් එංගල්ස් සහ වි.අයි.ලෙනින්ගේ පිළිරු රැගෙන යන ලදි.

















