ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ නීතියේ බල ගැන්වීම අහිමි වු කතරගම ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලයේ වින්දිත දරුවෝ !

0
images (88)

කතරගම ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම විද්‍යාලයේ පිරිමි සිසුන් පස් දෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (10) දින සහ ඉදිරියට පැවැත්වෙන නඩු සදහා පෙනී සිටින්නැයි United Human Rights Org ජාතික ළමා ආරක්ෂක අධිකාරීයෙන් ඉල්ලා ඇත.

United Human Rights Org 2024 අගෝස්තු 23 සිට අද (10) දක්වා ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලයේ අපයෝජනයට ලක් වු ළමුන්ට නීති සහාය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර ඇති අතර ජාතික හෝ අන්තර් ජාතික වශයෙන් මුල්‍යමය අධාර මත නොරැදුනු සංවිධානයකි.

කතරගම ගෝතමී විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම පාසලේ අවුරුදු 11 සිට14 දක්වාම ළමුන් පස් දෙනෙකුට වසර තුනක කාලයක සිට දිගින් දිගටම අපායෝජනය කර ඇතැයි හෙළි විමෙන් පසු කතරගම පොලිසිය එම සැකකාර විදුහල්පතිවරයාට එරෙහිව තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයේ 2024 අගෝස්තු 23 නඩු පවරන ලදී.

අපයෝජනයට ලක් වු ළමුන් පස් දෙනෙකු ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වී ඔවුන්ගේ දෙමව්පියන් ලවා විදුහල්පතිවරයාට එරෙහිව කතරගම පොලිසියේ පැමිනිල් දැමුහ.

විදුහල්පතිවරයා ළමුන්ගේ නිවෙස් වලට ගොස් පාසල් කාලයෙන් අනතුරුව පාඩම් කිරීම සදහා දරුවන් පාසලට එවන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා ඇත. පාඩම් කිරීම සදහා පාසලට එන ළමුන්ව සැකකරුගේ කාර්යාලයේ මේසය යටට දමා අපයෝජනය ලක් කළ බව එම ළමුන් පවසති. මේ ගැන හෙළි කළොත් ඔවුන්ව පරිවාසයට දමා දෙමව්පියන් හිරේ දමන බවටත් සැකකාර විදුහල්පතිවරයා ළමුන්ට තර්ජනය කර තිබිණ.

සැකකාර විදුහල්පතිවරයා ළමුන්ට අසභ්‍ය වචන ලියු ලියමක් පෙන්වා ඒ විදියට ලියන්නැයි ළමුන්ට බල කර ලියුම් ලියාගෙන ඇති බවත් එම ළමුන් එම විදුහල්පතිවරයාගේ කාර්යාලයට පැමිනෙන අවස්ථා වල සැකකරු ඔහුගේ ලිංගේන්ද්‍රය ළමුන්ට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර ඇති බවත් එසේ කර සැකකරු ළමුන් ලිංගික ක්‍රියා වලට බලහත්කාරයෙන් අපයෝජනය ලක් කර ඇත.

සැකකාර විදුහල්පතිවරයා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අවිවාකයෙකි.

ළමුන්ගේ දෙමව්පියන් මෙම සිද්ධිය පොලිසියට පැමිනිලි කළ පසු සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිපත් කෙරිණ. දින දාහඅටකට පු පසු සැකකරුව අප මත මුදා හරින ලදී. සැකකරු එදින (සැප්තැම්බර් 11) ඇප මත මුදා හරීමට පැමිනිල්ල වෙනුවෙන් නීතිඥයෙකු පෙනී නොසිටිම ද බලපෑවේය. එදින ළමා  ආරක්ෂක අධිකාරීය මගින්  පත්  කරන ලද නීති ආධාර කොමිෂන් සභවේ නීතිඥ නදීකා ගමගේ ළමුන් වෙනුවෙන් පෙනී සිටිමට නියමිතව තිබු ද පෙනී සිට නැත.

ළමුන්ට ලිංගික අපයෝජන කළ විදුහල්පතිවරයාව ආරක්ෂා කිරීම සදහා වින්දිත ළමුන්ට බලපෑම් කළ ගෝතමී ගම කණිටු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිලවීරට එරෙහිව පොලිසියට පැමිනිලි ලැබි තිබියදීත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කර නැත.

කතරගම පොලිසිය සැකකරු ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරීයට පැමිනිලි කළත් වින්දිත ළමුන්වෙනු කිසිවක් නොකළ බව United Human Right Org චෝදනා කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට මේ සම්බන්ධයෙන් දමන ලද පැමිනිල්ල විභාග කර නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ නීති බලගැන්විමේ අධ්‍යක්ෂවරීය ලෙස කටයුතු කරන සජිවනි අබේකොන් පැවසුවා යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි.

.“ළමා ආරක්ෂක ආඥා පනත අනුව මෙවැනි සිද්ධියකදී වින්දිත පාර්ශ්වයට නිසි අයුරින් යුක්තිය ඉටු වන්නේ ද යන්න විමසා බැලීම සහ එලෙස යුක්තිය ඉටු නොවන අවස්ථාවල ඊට මැදිහත් වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ ව්‍යවස්ථාපිත වගකිමක් බවයි.”

අබේකොන් ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ නීතිය බලගැන්විමේ අධ්‍යක්ෂවරීය ලෙස පත් වන්නේ 2021 වර්ෂයේය. එම කාලයේ සිට අද දක්වා අපයෝජනයට ලක් වු හෝ දුෂණයට ලක් වු අහිංසක දරුදැරියන් වෙනුවෙන් නීතිය බල නොගැන් වු අබේකොන් අටමස්ථානාධිපති සිද්ධියෙදී විශේෂ උනන්දුවක් පෙන්වා ඇත.

කතරගම ගෝතමී විද්‍යාලයේ අපයෝජනයට ලක් වු දරුවන්ට ද ළමා ආරක්ෂ  ආඥා පනත අනුව යුක්තිය ඉටු වී නැති අතර යුක්තිය ඉටු කර දීම ළමා ආරක්ෂක අධිකාරීයේ ව්‍යවස්ථාපිත වගකිමක් බව United Human Rights Org පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *