රාජකීය විද්‍යාලයේ ගිණුමෙන් ලක්ෂ 33ක වංචාවක් – අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකියුුුුත්‌තෝ රාජකීයන් හමුවේ මුනිවත රකිති

0
images (87)

ශාන්ත විජේසුරිය විසිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ පාසැල් සංවර්ධන අරමුදලේ(School Development Society) ගිණුමේ වර්ෂ 2016 යේ සිට 2018 දක්වා මුදල් ශේෂය හා මුදල් පොතේ ශේෂය සැසදිය නොහැකි මුදල් පරතරයක් පවත්වාගෙන පැමින ඇති බවත් 2023 වන කොට එම මුදල් පරතරය රුපියල් මිලියන 3,342,076.55 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පාසැල් සංවර්ධන සමිතියේ විධායක කමිටුව විශේෂ කමිටුවක් පත් කර එම මුදල කපා හැර කපා හැරීමට කටයුතු කිරීම මගින් බරපතළ මුදල් වංචාවක් හෙළිදරව් වී ඇතැයි එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පද්මසේන දිසානායක අප සමග පැවසීය.

මුල්‍ය වෙනස්කම් සම්බන්ධයෙන් කපා හැරීමට හෝ ඒ සදහා කමිටුවක් පත් කිරීමට විධායක කමිටුවට බලයක් නොමැති බවත්  2023 දෙසැම්බර් 31 දිනට සකස් කරන ලද රාජකීය විද්‍යාලයේ  මුල්‍ය ප්‍රකාශන තුළින් සැසදිය නොහැකි මුල්‍ය ශේෂය කපා හැරීමට කටයුතු කර නිබු නමුත් , ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංවර්ධන ශාඛාවේ උදෙස් හා මග පෙන්වීම ලබා ගෙන නොතිබු බවත් එම මුදල් කපා හැරීම නීති විරෝධී යැයි විගණන දෙපාර්මේන්තුව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් නිරික්ෂණ වාර්තාවේ සදහන් කර තිබේ.

රාජකීය විද්‍යාලයේ ගිණුමෙන් ලක්ෂ 33ක වංචාවක් - අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකියුුුුත්‌තෝ රාජකීයන් හමුවේ මුනිවත රකිති

රාජකීය විද්‍යාලයේ මුදල් වංචාව සම්බන්ධයෙන් විගණන දෙපාර්මේන්තු මගින් ඉදිරිපත් කරන නිරික්ෂණ වාර්තාව

රාජකීය විද්‍යාලයේ පාසැල් සංවර්ධන අරමුදලේ ගිණුමේ සැසදිය නොහැකි මුදල් පරතරයක් ඇති බව 2016 වර්ෂයේ පෙන්වා දී ඇත්තේ එම විද්‍යාලයේ අභ්‍යන්තර මුල්‍ය විගණන සම්බන්ධයෙන් කටයුතු සිදු කරන බී.ආර්.ඩි. සිල්වා සමාගම විසිනි

වර්ෂ 2016 වර්ෂය වන කොට මුදල් ශේෂය රු.9,591,928.44 වන අතර මුල්‍ය ප්‍රකාශනයේ ශේෂය 10,829,612.47 බවත් මුදල් පොතේ සහ මුල්‍ය ප්‍රකාශයේ ශේෂය අතර පරතරය රු.මිලියන 1,237,684.03 ක් විගණන දෙපාර්මේන්තු වාර්තාවේ පෙන්වා අති බවත් 2018 වෙන කොට එම මුදල් පරතරය මිලියන 3.3 දක්වා වැඩි වී ඇතැයි පවසන දිසානායක 2016 යේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබෙිරත්න සිට වර්තමානයේ විදුහල්පති අතුල විජේවර්ධන දක්වා ඊට වගකිව යුතු බව ඔහු පෙන්වාදුන්නේ.

රාජකීය විද්‍යාලයේ ගිණුමෙන් ලක්ෂ 33ක වංචාවක් - අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකියුුුුත්‌තෝ රාජකීයන් හමුවේ මුනිවත රකිති
  • රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පද්මසේන දිසානායක

මෙම රුපියල් මිලියන 3.3 ක සැසදිය නොහැකි මුදල කපා හරින්නේ විදුහල්පති වත්තු හේවාගේ කාලයේය. අබේරත්නගේ සිට අතුල විජේවර්ධන දක්වා  කිසිදු විදුහල්පතිවරයෙකු මෙම සැසදිය නොහැකි මුදල් පරතරය ගැන පොලිසියට හෝ අල්ලස් දෙපාර්මේන්තුවට, හෝ දුෂණ මර්දන දෙපාර්මේන්තුවට හෝ පැමිනිලි කිරීමට කටයුතු කර නොමැත.

ඔහු මේ මුදල් වංවා සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 10 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවට සහ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිනිලි කර ඇත.  මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත් වන්නැයි ඉල්ලා අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව දිසානායකගේ පැමිනිල්ල අධ්‍යාපන ලේකම් නාලක කළුවැවට යොමු කරන තිබිණ.  අ.දු.චෝ. වි.කොය. අධ්‍යාපන ලේකම් එම පැමිනිල්ල යොමු කර අවුරුද්දක් ගත වී ඇතත් කිසිදු ක්‍රියා මාර්යක් මේ වන තෙක් ගෙන නැත. ඔහු ද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

රාජකීය විද්‍යාලයේ ගිණුමෙන් ලක්ෂ 33ක වංචාවක් - අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකියුුුුත්‌තෝ රාජකීයන් හමුවේ මුනිවත රකිති

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දිසානායකගේ පැමිනිල්ල විභාග කිරීම තීරණය කළ බව දන්වා එවන ලද ලිපිය

පසුව දිසානායක මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ ගැන පැමිනිල්ලක් කරන අතර එම පැමිනිල්ල එම කොට්ඨාශය මගින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවට යොමු කරන අතර එම කොමිෂන් සභාව දිසානායගේ පැමිනිල්ල විභාග කිරීමට තීරණය කළ බව දන්නවා 20026 පෙබරවාරි 02 ලිපියක් මගින්  ඔහුට දැනුම් දී තිබේ. අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන ලියුමකට සීමාවෙද්දී, දිසානායක විගණනකාධිපති දෙපාර්මේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් කළේය. එම දෙපාර්මේන්තුව  විමර්ශනයක් සිදු කර මුදල් වංචාවක් සිදු වී ඇති බව හෙළි කළ නමුත් මාස 04 ක් ගත වී ඇතත් දුෂකයන්ට එරෙහිව නීතිමය පියවර හෝ මුදල් අය කර ගැනීමක් මේ වන තෙක් සිදු කර නැත.

රාජකීය විද්‍යාලයේ ගිණුමෙන් ලක්ෂ 33ක වංචාවක් - අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකියුුුුත්‌තෝ රාජකීයන් හමුවේ මුනිවත රකිති

පද්මසේන දිසානායකට ජාතික විගණන කාර්යලයෙන් එවන ලද ලිපිය

රාජකීය විද්‍යාලයේ බැංකු ගිණුම් වල රු. මිලියන 160 ක් මුදලක් තැන්පත්ව කර තිබේ. වසරක් පසා පාසැල් වල මුදල් සම්බන්ධයෙන් විගණනය සිදු කළ යුතු වුවත් රාජකීය විද්‍යාලයේ අවුරුදු දහයකින් (10)න් විගණනයක් සිදු කර නැති බවත් එම විද්‍යාලයට විගණනය සදහා පැමිනි සෑම අවස්ථාවකම දේශපාලකයන් මැදහත් වී  එම විගණනය නතර කළ බව රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකුගෙන් මේ සම්බන්ධව අප කළ විමසුමකදී ඔහු පැවසීය. ජවිපෙ /ජාජබ ආණ්ඩුව 76 අවුරුද්දක් මේ රටේ ජනතාවගේ සම්පත් සහ මුදල් අවභාවිතා කළ දුෂකයන්ට සහ වංචාකරුවන්ට දඩුවම් කරන බවට පොරොන්දු වුවත්  අගමැති හර්නි අමරසුරිය හා ඇගේ අමාත්‍යංශය ආරක්ෂා කරන්නේ දුෂකයන්ව බව එම ගුරුවරයා වැඩිදුරටත් සදහන් කළේය.

රාජකීය විද්‍යාලයේ බැංකු වල රු.මිලියන 160 ක් බැංකු වල පුස්කද්දී. සමහර පංති කාමර වැස්සට ‌තෙමනවා, පන්ති කාමර වල සිමෙන්ති ගැලවිලා වළවල් හැරීලා , ක්‍රීඩා  හා අනෙකුත් කටයුතු වලට මුදල් නැතිව නතරව තිබියදීත් දෙමව්පියෝ නිහඩව සිටින තත්වයක් ඇතුළේ මිලියන ගණන් මුදල් පිල්ලි ගැසීම පුදුම විය යුතු නැති බව දිසානායක පැවසීය.

මිට පෙර රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය යටතේ පැවති රග්බි අරමුදලේ මිලියන 17.6 ක වංචාවක් සිදු වු බවත්  එම වංචා ඉතාම සුක්ෂම ලෙස යට ගැසු බවත්  එම යුගය ඉතා කෙටි කාලයකින් අවසන් කරන බව දිසානයක වැඩිදුරටත් අවධාරනය කළේය.

රාජකීය විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතියේ නිල වරණය පසුගිය අප්‍රේල් 10 වෙනිදා පැවැත්විණ. එම නිලවරණය වර්තමාන විදුහල්පති අතුල විජේවර්ධන ඔහුගේ බලය පාවිච්චි කර අත්තනෝමතිකව පැවැත් වු බවට විදුහල්පතිවරයාට චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *