ගම්පහ ඔස්මන් සම්බන්ධව සාවද්‍ය ප්‍රවෘත්තී පල කරන බවට ඔහුගේ ඥාතියෙකුගෙන් දිවයිනට චෝදනා !

0
div

තාත්තා නම් (Father) සිනමා කෘතියට පාදක වන ගම්පහ ඔස්මන් ගුණසේකරව පසුගිය දින සංජිව සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර සහ අනුබල දුන්නා යැයි සහ ගිනි අවි සැප වුවා යැයි සැකපිට උතුරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔස්මන්ව අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කළ අතර පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔහු අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය දියත් වන්නේ Father සිනමා නිර්මාණය මහජන ප්‍රදර්ශනයට තැබීමත් සමගය.  

ඔස්මන් අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් දිවයින පුවත්පත දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්ති පල කරමින් කිසියම් කණ්ඩායමකගේ කොන්ත්‍රාත්තුවක් සිදු කරන බවත් එම පල කරන ප්‍රවෘත්ති මාධ්‍ය ආචාර ධර්ම වලට මුළුමනින්ම පටහැනි බව ඔහුගේ ඥාතායෙකු වන ගාමිණි වැන්ඩකොන් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලයට ලිපියක් යවමින් පෙන්වා දී ඇත.

වැන්ඩකොන් දිවයින කර්තෘ මණ්ඩලය වෙත යවන ලද ලිපිය ලංකා ස්කයි නිව්ස් වෙත එවා තිබුණි

ඔහු  අප වෙත එවන ලද සම්පුර්ණ ලිපිය පහතින් පල වේ

දිවසින පුවත් පත් ආයතන

ප්‍රධාන කර්තෘ ඇතුළු කර්තෘ මණ්ඩලයට

ඔබ පුවත් පතේ නිරන්තරයෙන් පලකරන ගම්පහ ඔස්මන් ගුණසේකර මහතා ගැන පලකරන සාවද්‍ය පුවත් (Fake News) නිවැරදි කරගැනීම පිණිසයි,

ඔබ පුවත් පත් ආයතනයේ කතෘ වරයෙකු වශයෙන් කටයුතු කරන හේමන්ත රන්දුනු මහතා විසින් ඔස්මන් ගුණසේකර ගැන පසුගිය දින කීපයේ පල කරන ලද සියළුම පුවත් අසත්‍ය ඒවා වේ ,
ඒවා කෙටියනේ මෙසේය (ජුනි 9 වනදා, .කුඩු ජලයෙන් ඉපැයූ පද්මෙගේ සල්ලි ඔස්මන් සුදු කරලා , පත්මසිරි ඉපැයූ මුදල් දින කිපයකට වරක් ඔස්මන් ට බාරදී ඇත්තේ ඉෂාර සෙව්වන්දි ) මෙයට පෙරද හේමන්ත රන්දුනු දිවයින පුවත් පත යොදාගන මෙවැනි ආකාරයේ සාවද්‍ය පවුත් දිගින් දිගටම පල කරමින් සිටි මෙම හිතුව නිසා ඔස්මන් ගුණසේකර මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් බරපතල ලෙස අගතියට පත්ව ඇත. එය සපරාධී ක්‍රියාවකි.

වර්ගවාදී දිවයින

මිට පෙර දොස්තර සාෆි මහතා සිංහල කාන්තාවන් වද කළ බවට ව්‍යාජය පුවත ද නිර්මාණය කළේ ඔබ පුවත් පතේ හේමන්ත රන්දුනු මහතා විසිනි. එම යුගයේ සාෆි මහතාගේ පවුලේ සාමජිකයන් සිංහල ජනතවගේ වෛරයට පාත්‍ර විය. දරුවන්ට පාසැල් පවා යාමට බැරිවිය. එකල එය ජාතිවාදී ගැටුමකට යාමට තරම් උත්සන්න විය. එය පුවත් පතක් නොකළ යුත්තකි. පසු කළක සාෆි මහතා නිවැරදි බව උසාවිය විසින් තහවුරු කරන ලදී .
මෙවැනි අසත්‍ය පවුත් දිවයින වගේ ජාතික තලයේ පුවත් පතක් පල කිරීම බරපතල අපරධයක් මෙන්ම ඔබ පුවත් පත් කෙරෙහි විශ්වාසය පල කරමින් එය මිලදී ගන්නා  පාඨකයන් මුලා කිරීම ඔවුන්ට කරන අසාධාරණයකි.

ඔස්මන් මත්ද්‍රව්‍ය විරෝධීයෙක්

ඔස්මන් ගුණසේකර යනු පසගිය වසර 40 තුල මත්ද්‍රව්‍ය විකුණනවාට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කරන අයෙකු බව ගම්පහ ප්‍රදේශයේ ඕනෑම් කෙනෙකුගෙන් ඔබලාට විමසා දැනගත හැක, ඔහුට කෙහෙල්බද්දර පත්මේ  සමග හෝ ඉෂාර සේව්වන්දි හෝ වෙනත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් සමග කිසිදු සම්බන්ධයක් නොමැති ඒ බව මා ඉතා වගකීමෙන් ප්‍රකශ කරමි .
ඒ වගේම ඔහු කිසිදු අයකුගෙන් අල්පෙනත්තක දෙයක් වත් නොමිලේ ලබා නොගන්නා අතර ප්‍රදේශයේ දිලිදු ජනතාවට නොමසුරුව නිරන්තරයෙන් උපකාර කරන්නෙකි.

සුනිල් මාධව සහ දයාසේන ගුණසිංහ වැනි අය සිටි දිවයින පරිහානියට

දිවයින යනු සුනිල් මාධව ,දයාසේන ගුණසිංහ වැනි සත්‍ය වෙනුවෙන් කතා කළ මාධ්‍ය වේදීන්ගේ තෝතැන්නකි. ඔබ පවුත් පත ආරම්භයේ සිට මා දිනපතා කියවූ පාඨකයකි, ඒ පවුත්පත පල කළ පුවත් නිවැරදි ඒවා වූ බැවිනි, නමුත් මෑත යුගයේ සිට ඔබ පුවත් පතේ සේවය කරන හේමන්ත රන්දුනු සහ ඔහු වැනි ලේඛයන් ජනතාව මුලා කිරීම සදහා පල කරන අසත්‍ය පුවත් නිසා ඇත්තේ දැඩි කළ කිරීමකි, මාධ්‍ය සදාචාරය පිළිබද ගැටලුවකි.

පොලිසිය කියන විට ලියන රන්දුනු

ජුනි 9 වනදා ඔස්මන් ගුණසේකර ගැන හේමන්ත රන්දුනු දිවයින පුවත් පතේ පල කළ වාර්තාවේ ඔහු තොරතුරු ලබා ගත් අය ලෙස හැගෙවෙන අයුරින් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත , නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ,පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි යන අය ගේ නම් සදහන් කර ඇත ., එබැවින් ඔබ ආයතනයේ වග කිව යුත්තෙක් මැදිහත් අදාළා පොලිස් නිලධාරිගෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපර්ත්තුමේන්තුවෙන් විමසීමක් කර හේමන්ත රන්දුනු ඔස්මන් ගුණසේකර මහතා ගැන පල කළ පුවත් පත් සත්‍ය අසත්‍ය ඒවා ද යන්න සොයා බලා ඒ ගැන නිවේදනය නිකුත් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු
මෙයට ,
ගාමිණී වැන්ඩකෝන්
පවුලේ ඥතීන් වෙනුවෙන් , gaminiv2016@gmail com
10,06,2026 , zurich ,Switzerlanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *