මහර බන්ධනාගාරය තුළිිින් වෙඩි හඬ ඇසීම නිසා කලබලයට පත් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිසිය සමඟ ගැටෙති!

0
1785592267-Ada-Derana-Web-02-1

මහර බන්ධනාගාරය තුළ වෙඩි හඬක් ඇසීමත් එම බන්ධනාගාරය තුළින් බුරබුරා නැගෙන ගිනි දළු දැකීීීී නිසා කලබලයට පත් රැදවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එම බන්ධනාගාරය ඉදිරිපිට තනා ඇති මාර්ග බාධක බිඳ දමා බන්ධනාගාරයට ඇතුල් වීමට ගත් උත්සහය ව්‍යාර්ථ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

බන්ධනාගාරය තුළින් නොකඩවා වෙඩි හඬ ඇසීම සමඟ කලබලයට පත් රැදවියන්ව බැලීමට පැමින සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් කුපිත වී පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ගැටුමට හේතුව දෙදහසක් (2000) රැදවිය හැකි තැන හාරදාසක් (4000) ක රැදවීමත් නිලධාරීන්ගෙන් එල්ල වන දැඩි පීඩනයත් බව වාර්තාවේ.

කුපිත වු ප්‍රදේශවාසීන් සහ ඥාතීන් පාලනය කිරීමට පොලිසිය ජල ප්‍රහාරක රථ බන්ධනාගාරය ඉදිරිපිටට කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *