මහජනයා පොලිසිය සමඟ ගැටෙති- ගැටුම පාලනය කිරීමට පොලිස් ඇඳරි නීතිය පනවයි !

0
images (90)

මහර බන්ධනාගාරයේ වෙඩි හඬ ඇසීමත් සමඟ කුපිත වු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ පොලිසිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව , උතුරු කැන්දලියද්දපාළුව , බටහිර සහ දඹුව යන  ග්‍රාමසේවා වසම් වලට දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බව දැනුම් දී ඇත.

බන්ධනාගාර ගැටුමෙන් ආණ්ඩුවේ නිල වාර්තා වලට අනුව එක් රැදවියෙකු මිය ගොස් රැදවියන් හත් දෙනෙකු පමන රෝහල් ගත කර ඇතැයි පවසන අතර නිලනොලත් ආරචි මාර්ග සදහන් කරන්නේ දරැදවියන් සතර (04) දෙනෙකු මිය ගොස් දහ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තාවේ.

සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස් ඇඳිරි නීතිය පැන වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *