මීගමුවෙන් අගුණුකොළපැලැස්සට රැගෙන ගිය සඳුන් චතුරංග මිය ගොස් ඇත්තේ පහරදීමකින් – මහේස්ත්‍රාත් පවසයි !

0
dead-body-in-morgue-006

මීගමුව බන්ධනාගාරයේ ගැටුමත් සමඟ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යන ලද සඳුන් චතුරංග නැමති රැදවියාගේ මිය ගොස් ඇත්තේ පහරදීමකින් බව මරණ පරික්ෂණ සාක්කි කැදවමින් අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් සුුුුුවදුරුගොඩ දැනුන් දුන් අතර සැප්තැම්බර් (22) වනදා නැවත නඩුව කැදවන්නැයි නියෝග කළේය.

පුතාගේ ඇගේ ගහපු පාරවල් තිබු බවත් වකුගඩු වලට හෝ පෙනහලු වල කිසිදු ප්‍රශ්නයක් නොතිබුනු බවත් පුතා මිය ගිහිල්ලා තියෙන්නේ පහර දීම නිසා බව අධිකරණ වෛද්‍ය නිලධාරීයා තමා සමඟ පැවැසු බව මරණකරුගේ මව සාක්කි දෙමින් මහේස්ත්‍රාත් හමුවේ පැවසුවාය. චතුරංගගේ බිරිඳ ද මහේස්ත්‍රාත් හමුවේ සාක්කි ලබා දුන්නාය.

මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දෙපිරිසක් අතර ජුලි 05 වනදා ගැටුමක් හට ගැනිණ. එම ගැටුමෙන් රැදවියන් දෙනෙකු මිය ගොස් 40 පමන පිරිසක් රෝහල් ගත කෙරිණ. ජුලි 06 වනදා ඇති වු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකු (10) මොට ආයුධ වලින් පහර දී මරණයට පත් කර තිබු අතර රැදවියන් 22 ක් මරා දැමිණ. එම රදවියන් 22 න් 20 ක් මිය ගොස් තිබුනේ වෙඩ වැදිමෙන්ය. තිදෙනෙකු මිය ගොස් තිබුනේ මොට ආයුධ වලින් පහර දීම නිසාය. සීයක පමන පිරිසක් තුවාල වීම නිසා රෝහල් ගත කෙරිණ.

මෙම ගැටුමත් සමඟ හත්සීයක (700) පමන රැදවියන් පිරිසක් ජුලි 06 වනදා රාත්‍රියේ මීගමුව බන්ධනාගාරයෙන් බුස්ස , අගුණුකොළපැලැස්ස , වැලිකඩ ඇතුළු බන්ධනාගාර වලට මාරු කර යවන ලදී. චතුරංග රැගෙන යන්නේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. මීගමුවෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යන රැදවියන්ට අමානුෂික ලෙස පහර අතපය බිඳ දමා ඇතැයි වාර්තාවේ. චතුරංග මිය යන්නේ එම පහර දීම බව අධිකරණ වෛද්‍ය නිලධාරීයා විද්‍යාත්මක සාක්කි මත පදනම්ව තහවුරු කර ඇත. චතුරංග මිය යෑමට පෙර ඔහුගේ තුවාල වලට නිලධාරීන් ලුණු දැමු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙසේ වැලිකඩට සහ බුස්සට රැගෙන යන ලද රැඳවියන් දෙදනෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දී මර දමා තිබුණු අතර වැලිකඩ මරා දැමුනු අවිෂ්ක නැමති රැඳවියා බැලීමට එහි ගිය මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ව ඉඩ නොදී ආපසු හරවා එවා තිබුණි. වැලිකඩ රදවා සිටි රැඳවියන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම මත එම රැදවියන් මුණ ගැසීමට එහි ගිය නීතිඥවරුන්ට ද කොන්දේසී පැන වු නිසා ඔවුන් රැදවියන් මුණ නොගැසි විරෝධය පා පැමිනියහ.

මරණකරු සහ අගතියට පත් ඔහුගේ ඥාතීන් වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *