ජවිපෙ හිටපු නායකයේකුගේ බිරිඳට ජවිපෙ මැරයෙකු යකඩ පොල්ලකින් පහර දෙයි !

0
images (13)

ශාන්ත විජේසුරිය විසිනි.

මාතර දික්වැල්ල ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙකු විසින් ජවිපෙ හිටපු නායකයේකුගේ සහ ඔහුගේ බිරිඳට යකඩ පොල්ලකින් පහර දී තුවාල සිදුකර ඇති බවත් එම පහරදීම සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියට පැමිනිල්ලක් කළත් දික්වැල්ල පොලිසිය එම මැරයා අත්අඩංගුවට නොගෙන උසාවි දැම්මොත් කරදරයි කියා සමථ මණ්ඩලයට යොමු කළ බව පහර කෑමට ලක් වු ජයන්ත නාමල් පවසයි .

එම යුවලට මෙසේ පහර දී ඇත්තේ ලක්ෂිත සිරිමාල් (35) නැමති මැරයා වන අතර ඔහු හමුදාවේ සේවය කළ අයෙකි.

පහර කෑමට ලක් වු නාමල්ගේ බිරිඳ වන එල් .පී.පරනමාන නාකුළුගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත.ඇය රන්න මහා විදුහලේ සේවය කරන අතර හම්බන්තොට මහවෙල පදිංචිකාරිනියකි.

ජවිපෙ මැරයා පියුමි පරනමානට පහර දෙන්නේ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ වැයික්කියේදීය.

මෙම පහරදීම සිදුව ඇත්තේ අගොස්තු17 වනදා  සවස 05 පමන දික්වැල්ල වෙලගත්තවෙල පැතුම් විමන ප්‍රදේශයේදීය. මැරයා ත්‍රිරෝද රථයකින් පැමින නාමල් සහ ඔහුගේ බිරිඳ ගමන් කළ යතුරු පැදිය හරස් කර පරුෂ වචනයේන් බැණවැදී  පසුව යකඩ පොල්ලකින් පහර දී තිබේ. එම ප්‍රහාරයට වැඩියේන්ම ගොදුරු වී ඇත්තේ පියුමි පරනමානය. දික්වැල්ල පොලිසියේ  CIB II 378/181 අංකය යටතේ පැමිනිල්ලක් දමන්නේ අගොස්තු17වන අතර පැමිනිල්ල විභාග කරන්නේ අගොස්තු 20 වෙනිදාය. කාන්තාවකට පොල්ලකින් පහර දී ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබද්දීත් පොලිසිය ජවිපෙ මැරයා අත්අඩගුවට ගැනීමට පියවර නොගත් බව නාමල් පවසයි.

කාන්තාවකට පහරදීමේ සිද්ධිය දික්වැල්ල පොලිසියේ කාන්තා කාර්යංශය මගින් පැමිනිල්ල විභාග කළ යුතු වුවත් එම පොලිසියේ සුළු පැමිනිල් අංශයට පැමිනිල්ල විභාග කිරීමට දැමීම මගින් දේශපාලන අතපෙවීමක් පැහැදිලිවම ඇතැයි  පවසන නාමල් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද පැමිනිල්ල විභාග කළ (අගොස්තු 17) දිනයේ පොලිසියට පැමින සිටි බව පැවසීය.

සැමට ඉහලින් නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුව ද නාමල්ට සහ ඔහුගේ බිරිඳට එල්ල වු මැර ප්‍රහාරයේන් පෙන්නුම් කරන්නේ සැමට ඉහලින් කෙසේ වෙතත් ජවිපෙ මැරයන්ට පහලින් නීතියක් ක්‍රියාත්මක වන බවයි.

ජයන්ත නාමල් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වන්නේ 1980 දශකයේ මුලය .1988 -89 ජවිපෙ ශිෂ්‍ය අංශයේ හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්ක වල පුර්ණකාලීනයෙකු ලෙස කටයුතු කර ඇති අතර 1994  නැවත පක්ෂය ගොඩනැගිමේදී ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයට නායකත්වය දුන් අයගෙන් ප්‍රධානියෙකි.  නාමල් 1998 පක්ෂයෙන් ඉවත් වන විට හම්බන්තොට දිස්ත්‍රික් කමිටුවේ සමාජිකයෙකි. නාමල් ජවිපෙන්  ඉවත් වන්නේ දෙමළ ජන අරගලට සම්බන්ධයේන් දැරූ ජවිපෙ සිංහල ස්වෝත්තමවාදී අස්ථානයට එරෙහිවය.1988 -89 සමයේ රජයේ මැර හමුදා ඔහුගේ සහෝදරයන් දෙදනෙකු පැහැර ගොස් මරා දමන ඇත.

නාමල් වර්තමානයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හිතවතෙකු ලෙස කටයුතු කරමින් සිටී.

ආණ්ඩුව අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ගේ සේවා කාලය දිර්ඝ කිරීමත් ත්‍රස්තවාදයේන් රාජය ආරක්ෂා කිරීම ඇතුළු මර්දන අණ පනත් ගෙනැවිත් ආණ්ඩුවේ බලය තහවුරු කර ගත් පසු රාජපක්ෂ රේජීමය වැනසීමේ මුවාවෙන් ආණ්ඩුව එකාධිපති රාජයක් දක්වා ගමන් කරන බවට දික්වැල්ලේ සිද්ධිය සනාථ කරන බඳුය.

ජවිපෙ හිටපු නායකයේකුගේ බිරිඳට ජවිපෙ මැරයෙකු යකඩ පොල්ලකින් පහර දෙයි !

පහර දීම සම්බන්ධයේන් දික්වැල්ල පොලිසියේ දමන ලද පැමිනිල්ලේ පිටපත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *