හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නව බරපතළ වැඩ සහිත වසර 07 කට සිර දඬුවම් නියම කරයි

0
DSC_6384

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහයිල් සිවිල් හා ගුවන් සේවා කටයුතු හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට බරපතළ වැඩ සහිත වසර හතක (07) සිරදඩුවමක් අද (01) නියම කළේය.

අධි චෝදනා දෙකාක් සඳහා නියම වු වසර 14 ක දඩුවම් කාලය වසර හතක කාලයක් ඇතුළත ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නව බරපතළ වැඩ සහිත වසර 07 කට සිර දඬුවම් නියම කරයි

ප්‍රියංකර ජයරත්න වැලිකඩට රැගෙන යන අයුරු

එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් 2004 පවත්වන ලද මැයි රැලියට සහභාගි පිරිසකට දිවා ආහාර සඳහා ශ්‍රි ලංකා කේටරීන් සර්විස් ආයතනයට මුදල් ගෙවන්නැයි සිවිල් හා ගුවන් සේවා අධිකාරීයේ සමාන්‍යාධිකාරීට බලපෑම් කළා යන‌ චෝදනා‌ දෙකාක් යටතේ එම නඩුව ගොනු කර තිබුණි.

ජයරත්නව අධි චෝදනා දෙකකට වරදකරු කර වසර 07 සිර දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන්නැයි ද නියම කෙරිණ.

ජයාරූප – ශාන්ත විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *