අධිකරණයට අත නොතබනු !
22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව “විශ්‍රාම වයස මුවාවෙන් අධිකරණයට ස්වාධීනත්වයට අත නොතබනු ” ! යන මැයෙන් කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (01) දහවල් 12.30 විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ , ලංකා ගුරු සංගමය ලේකම් ජෝෂප් ස්ටාලින් , සමන් රත්නප්‍රිය සහ රවි කුමුදෙස් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ සහ බහු ජන සංවිධාන නියෝජිතයෝ රැසක් එම උද්ඝෝෂණය සඳහා සහභාගි වී සිටියහ.
මහා නායක හිමිවරු එපා කියන 22 ව්‍යවස්ථා සංශෝධනය එපා , අධිකරණයට අත නොතබනු , ස්වාධීන අධිකරණයක් ඔබේ අයිතියයි එය රැක ගනිමු සහ වෘත්තීකයින් එපා කියන 22 වන සංශෝධනය එපා යන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් නිහඬව විරෝධතාවේ නියැලුනහ.





